Sunday, July 12, 2015

මෛත්‍රි රොබෝ කෙනෙක් නෙමෙයි


මහින්ද රාජපක්ෂ ආපහු එනවා කියන්නෙ ඔබතුමාලගෙ අනාගතේට ප‍්‍රශ්නයක්?
එහෙම එකක් නෑ. අපි පුද්ගලයකුට එරෙහිව නෙමෙයි කටයුතු කළේ.

මහින්ද රාජපක්ෂ කියන්නෙ ක‍්‍රියාදාමයක්. ඒ කි‍්‍රයාදාමය තමයි වෘත්තීයවේදීන්ට ඉඩක් නොතිබුණු, පාදඩකරණය වෙච්ච පැවැති ක‍්‍රමය. ඒ ක‍්‍රියාදාමය අපි පරාජය කළ යුතුයි.
ඇත්තටම මෛත‍්‍රීපාල සිරිසේන ඇයි මහින්ද රාජපක්ෂට නාමයෝජනා දෙන්නෙ?
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු නොවෙච්ච නිසා පැරැණි තාලයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කිරීමේ ඛේදවාචකය තමයි ඒකෙන් පේන්නෙ.
දැන් එතකොට මෛත‍්‍රීපාල සිරිසේන ද්‍රෝහියෙක්ද?
ඇත්තටම එතුමා තමන්ට ලැබුණු ඡුන්ද ප‍්‍රතිඵලය හරියට කියවා ගත යුතුව තිබුණා. එතුමාට ඡුන්දෙ ලැබුණෙ උගත් මධ්‍යම පන්තියෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයට සාම්ප‍්‍රදායික ඡුන්දවලට අමතරව ලැබුණෙ සමෘද්ධිලාභීන්ගෙ ඡුන්ද. ඒක නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ප‍්‍රතිසංවිධානය විය යුතුව තිබුණා.
කෙලින් කතා කළොත් ඔබතුමාලා පරාදයි, මහින්දගෙ පිල දිනුම්?
අපි පරාද නෑ. අපි දිනුම්. අපි සමාජ ක‍්‍රමවේදය හදලා තියෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකෙන් පිට පැනලා යන්න හදනවා කියන්නෙ ඊළ`ග මැතිවරණයෙන් ඔවුන් පරාදයි.
ඇයි මෛත‍්‍රීපාල මහත්තයා ට‍්‍රැක් එකේ ගෙනියන්න බැරි වුණේ?
මෛත‍්‍රීපාල මහත්තයව එහෙම හසුරුවන්න එතුමා රොබෝ කෙනෙක් නෙමෙයිනෙ. සමාජ බලවේග තමයි මෙතැනදි දිනුවෙ. ඒත් පසුකාලීනව යම් - යම් කාරණාවලදි ගත්ත තීන්දු වැරදුණා. විශේෂයෙන්ම විසිවන සංශෝධනය.
හරි, ඔබතුමාලා වෙනම වැඩකට සැරසෙනවා කියලා මාධ්‍යය වාර්තා කළා. යූඇන්පී එක එක්ක එකතු වෙනවද?
අපි දිගුකාලීන යහපාලන අරමුණක් සම`ග වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන සියල්ල එකතු කරගෙන ගමනක් යනවා. එතැනදි පක්ෂ භේද නෑ. අපේ අරමුණට එක`ග අයට එකතු වෙන්න පුළුවන්.
මේ ඡන්දෙදි..?
අපි වෙනම තරග කරනවා.
බුලත් කොළය පරාද කිරීමේ පරම චේතනාවෙන්..?
නෑ. බුලත් කොළේ පැරදිලා ඉවරයි. අපිට අවශ්‍ය කාවවත් පරද්දන්න නෙමෙයි, යහපාලන අරමුණ ජයග‍්‍රහණය කරවන්න.
ඡන්ද ව්‍යාපාරයෙදි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයටත් ගහන්න සිද්ධ වෙයි..?
අපි කාටවත් පුද්ගලයන්ට ගහන්නෙ නෑ. අපේ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්නෙ.
මොකක්ද මේ රතන හාමුදුරුවොත් එක්ක තියෙනවා කියන හුටපටේ..?
ඒවා එක-එක්කෙනා ගොතන කතානෙ. ඕවට උත්තර දෙන එකේ තේරුමක් නෑ.

No comments:

Post a Comment