Thursday, March 12, 2015

උත්සව දෙකයි : ගායකයෝ දෙන්නයි : ලක්ෂ 400ක් ගෙවලා

From Dinamina
නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් ආයතන දෙකකින් පසුගිය පාලන සමයේ දී පැවැති උත්සව දෙකකට සහභාගී වූ මෙරට තරුණ ගායන ශිල්පීන් දෙදෙනකු හට රුපියල් ලක්ෂ හාරසියයක මුදලක් ගෙවා ඇතැයි හෙළිදරව් වී ඇත.

බෙල්ලන්විල නගර සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ මේ තරුණ ගායන ශිල්පීන් දෙදෙනාට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 270ක්ද, ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ප්‍රතිනිර්මාණය කරමින් විවෘත කළ අවස්ථාවේදී පැවැති උත්සවයේදී නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ ගායන ශිල්පීන් දෙදෙනාටම රුපියල් ලක්ෂ 130ක් වශයෙන් ගෙවා ඇතැයිද හෙළිදරව් වී ඇත.
මේ අනුව මේ ගායන ශිල්පීන් දෙදෙනාට උත්සව අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ හාරසියයක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී ඇත.

පසුගිය වකවානුවේදී නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් මේ ආයතනවල සිදුව ඇති දූෂණ හා වංචා රැසක් සම්බන්ධයෙන් මේ ආයතන වල ජාතික සේවක සංගමයේ නියෝජිතයන් විෂයභාර ඇමැතිවරුන්ට පැමිණිලි කර ඇත. එමෙන්ම මේ සියලු ආයතන වල සිදුව ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමටද විෂය භාර ඇමැතිවරුන් තීරණය කැර ඇත. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය සමයේදී ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති දූෂණ, වංචා, මුදල් අවභාවිතයන් රාජ්‍ය සම්පත් මැතිවරණයට යොදා ගැනීම ආදිය සම්බන්ධයෙන් කරුණු රැසක් ජාතික සේවක සංගමය හෙළිදරව් කර ඇත.

No comments:

Post a Comment