Wednesday, January 7, 2015

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රාජපක්ෂලාව කුඩු වලින් බේරන්න ගොස් ඇදගෙන නායි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂවරු කුඩු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහය නියැලුනේය.

රටින් පලා ගොස් සිටින ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දස දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බවත් මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා සිටින බවත් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.
එහෙත් මේ මාධ්‍ය සාකච්ඡාවක පවත්වා අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මන්ද මේ වරෙන්තු නිකුත් කර දැනට වසරකටත් වඩා කල් ගත වී ඇත. එම නිසා පොලි මාධ්‍ය ප්‍රකාශයා පැවැසිය යුතුව තිබෙණේ මේ කුඩු ජාවාරමකරුවන් අල්ලා ගැනිමට පොලීසිය අසමත්ව ඇති බවය,

මෙරට ඉතිහාසයේ වැඩිම හොරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ දී බවද අජිත් රෝහණ මහතා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේය. ඒ ඇත්තකි. නමුත් ලංකා ඉතිහාසයේ මෙරට කුඩු වෙළඳාමේ කෙන්ද්‍රස්ථානය වුයේ රාජපක්ෂ පාලන සමයේදී යැයි කියන්නට මාධය ප්‍රකාශකයාගේ කට ඇරුණෙ නැත.

එමෙන්ම හොරොයින් ජාවාරම් සහ ලග තබා ගැනීම් සම්බන්ධව වැඩිම පිරිසක් 2013 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව විසිතුන්දහස් හයසිය හැට පහක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. එයින් කියැවෙන්නේ රාජපක්ෂ පාලන සමය තුල කුඩු වලට ඇබ්බැහි වූවන් වැඩි වී ඇති බවය.


No comments:

Post a Comment