ලංකා ඊ නිව්ස් -2015.ජන.06,
ප.ව.6.20) ජාතික
රූපවාහිනියේ සාමාන්‍ය පරිපාලනය අත්හිටුවා අද රාත්‍රී සිට ඍජුවම ආරක්ෂක හමුදා සමග
රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මේ අනුව පරිපාලන අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලත්
අය හැර අන් කිසිවෙකුට රූපවාහිනී භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අද සවස ලිඛිත නියෝගයක් නිකුත් කර
තිබේ.
ඒ මෙසේය.
ජනාධිපතිවරණය පරිපාලන අංශය
සියළුම අංශ ප්‍රධානීන්ට
2015 ජන 06
සියළුම අංශ ප්‍රධානීන්ට
2015 ජන 06
අද දින රාත්‍රී සේවා මුර රාජකාරියේ හෝ වෙනත්
රාජකාරී අවශ්‍යතාවයන් මත රාත්‍රී සේවයේ නියුතු නිලධාරීන්ගේ ලේඛනයක් අද 6 දා සවස 3
ට පෙර අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන්න.
අංශ ප්‍රධානියාගේ අවසරයකින් තොරව කිසිදු
නිලධාරියෙකු අද පස්වරු 6 න් පසු සංස්ථා පරිශ්‍රයේ රැඳී නොසිටිය යුතු අතර
අත්‍යාවශ්‍ය රාජකාරියක් නොමැති කිසිදු නිලධාරියෙකු සංස්ථාව තුල රඳවා නොගත යුතු
බවටද දැනුම් දෙමි.
චන්ද්‍රපාල ලියනගේ
අධ්යක්ෂ ජෙනරාල්
අධ්යක්ෂ ජෙනරාල්
පිටපත
ප්‍රධාන ආරක්ෂක නිලධාරී
ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.
ප්‍රධාන ආරක්ෂක නිලධාරී
ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.
මෙම ලිඛිත නියෝගයෙන් පසු අංශ ප්‍රධානීන් අවසර දී
ඇත්තේ තෝරා බේරා ගත් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අන්ත මරාවාදීන්ගේ නම් ලැයිස්තුවකට
පමණය. අනෙක් අය සංස්ථාවෙන් පිටව ගියහ. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක නිෂ්පාදක
වරයෙක් ‘මේ කියන්නේ හෙට සිට අප රැකියාවට නොපැමිණිය යුතුද?
යි අංශ ප්‍රධානිගෙන් අසා ඇත. එවිට දී ඇති පිලිතුර
නම් ‘ඔව්‘ යන්නයි.
මේ අතර ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුනු නිල නොවන
වාර්තා වල සඳහන් වන්නේ ජාතික රූපවාහිනියට ආරක්ෂක හමුදා සියයකට අධික පිරිසක් සහ යුද
හමුදා බෆල් රථ 3 ක් යවා ඇති බවයි.
පසුගිය කාලයේ SLTTI රූපවාහිනී
පුහුණු කිරීමේ ආයතනය ගෙන්වන ලද යුද හමුදා නිලධාරීන් කන්ඩායමකට රූපවාහිනී ආයතන ක්‍රියාකාරිත්වය
ගැන පුහුණුවක් ලබා දී තිබේ.
මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවලදී පිලිතුරු දෙන
ආකාරය පවා යුද හමුදා නිලධාරීන්ට පුහුණු කරවූ බව ‘ලංකා
ඊ නිව්ස්‘ මීට මාස ගණනාවකට පෙර වාර්තා කර තිබිණ.
No comments:
Post a Comment