Extracted from Ravaya Newspaper |
මේ
ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති තරම් දී ඇතැ’යිද රිසි සේ ආණ්ඩුව විවේචනය කරන්නට දැන් හැකියාව
ඇතැ’යිද ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයෝත් මතුරති. එහෙත්, ඇත්ත ඒ වචනවල ගෑවිලා වත් නැත.
පසුගිය
ඌව පළාත් සභා මැතිවරණයේ දී, එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ප්‍රධාන
ඇමති අපේක්ෂකයන් තිදෙනාගේ සම්මුඛ සාකච්ඡුා ප්‍රචාරය කරන්නට කටයුතු කළේ ය. පළමු ව
ජනතා විමුක්ති පෙරමුණටත්, දෙවනු
ව එක්සත් ජාතික පක්ෂයටත්, තෙවනු
ව නිදහස් සන්ධානයටත් දින වෙන් කර තිබුණු අතර, සන්ධාන අපේක්ෂකයාගේ පෞද්ගලික ඉල්ලීම මත ඔහුට
දෙවැනි දිනය දී එජාප අපේක්ෂකයාට තුන්වැනි දිනය වෙන් කරන ලදි. තුන්වැනි දිනයේ රාත්‍රී
එජාප අපේක්ෂකයා සම්මුඛ සාකච්ඡුාව පවත්වමින් සිටිය දී නාලිකාව ඇමතූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
ඉහළ නිලධාරියකු එම වැඩසටහන වහා ම නවත්වන ලෙසට තර්ජනය කළේ ය. එහෙත් වැඩසටහන නො
නවත්වන ලදි. ඒ එක් අවස්ථාවකි.
පෞද්ගලික
රූපවාහිනී නාලිකාවක අධ්යක්ෂ මණ්ඩලයේ දෙදෙනකු ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන
බවට ඉහළම තැනකට ආරංචි විය. ඒ මන්දිරයෙන් රූපවාහිනී නාලිකාවට ඇමතුමක් ලැබිණි.
ආණ්ඩුව විවේචනය කරන අධ්යක්ෂවරුන් දෙදෙනා වහා ම ඉවත් කළ යුතු බවට තර්ජනය කෙරිණි.
පාලනාධිකාරිය අධ්‍යක්ෂවරුන්ට මේ අසීරු තත්ත්වය පැහැදිලි කළේය. කොන්ද කෙලින් තිබූ
අධ්යක්ෂවරු දෙදෙනා වහා ම ඉල්ලා අස්වූහ. ඒ තවත් අවස්ථාවකි.
පොදු
අපේක්ෂක සිරිසේන මහතාගේ රැුස්වීම්වලට රොක්වන ජනතාව රූපවාහිනී දර්ශනවලිනුත්, පුවත්පත් ඡුායාරූපවලිනුත් නොපෙන්වන ලෙස අණක්
ආණ්ඩුවේ ඉහළම තැන්වලින් මාධ්‍ය ආයතනවලට ලැබී තිබේ. ඒ තවත් අවස්ථාවකි.
රාවයට
එරෙහි ව පසුගිය සති දෙක තුළ එල්ල වූ කෙනෙහිලිකම් එහි ම දිගුවකි.
නොවැම්බර් 30වැනිදා ‘මෛත්‍රීට 59%, මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට’ සිරස්තලයෙන් යුත් රාවය ප්‍රධාන පුවත දුටු ආණ්ඩුව පත් වූ අපහසුතාව ගැන සිතාගත හැකි වන්නේ පුවත්පත වෙළෙඳපොලට නිකුත් වූ දින ම උදේ වරුවේ සිට ආණ්ඩුවේ මාධ්‍ය ඊට දැක්වූ ලජ්ජාසහගත ප්‍රතිචාර හේතුවෙනි. රාවය මුල්පුවත පළ කළේ, එකක් මහජන බදු මුදලින් පවත්වාගෙන යන රජයේ බුද්ධි අංශ, ආණ්ඩුවට අවශ්‍ය දේශපාලන සමීක්ෂණ සඳහා යොදා ගැනීමේ වෑයම ගැන කියන්නට ය. දෙවැන්න, එම වාර්තාවෙන් ප්‍රකාශ කර ඇති ආණ්ඩුවේ අනාගත ඉරණම ගැන කියන්නට ය. තෙවැන්න, එවැනි වාර්තාවක් සැපයීම නිසා ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරියකුට ආණ්ඩුවෙන් ම එල්ලවූ ප්‍රහාරය ගැන කියන්නට ය. ඒ හැර එම නිලධාරියාට අපහාසයක් කිරීම අපගේ අභිලාෂය නොවී ය. තම අනාගත ඉරණම ප්‍රවෘත්තියෙන් ප්‍රකාශ වීම නිසා කලබල වූ ආණ්ඩුව කළේ පුවතේ සඳහන් රජයේ නිලධාරියා බළල් අතක් සේ ගෙන, එය ඔහුට වූ පෞද්ගලික අපහාසයක් ලෙස පෙන්වා, ඔහු ලවා රාවයට ප්‍රහාරයක් එල්ල කරන්නට යත්න දැරීම යි. පසුගිය කාලය පුරා ම මේ මර්දනීය ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ප්‍රමුඛතම විවේචකයා වූ රාවය එලෙස වත් බියගන්වන්නට ආණ්ඩුව කල්පනා කළා විය යුතු ය.

ඒ
අනුව, රජයේ මාධ්‍ය හරහා නැවත නැවත රාවය පුවත අසත්යයක්යැ’යි කියමින් රාවය පුවතට අතිවිශාල ප්රසද්ධියක් ද
ලබා දුන්නේ ය. එම ප්රයත්නයේ කොටසක් ලෙස එම නිලධාරියා ලවා පොලිසියට ද පැමිණිලි
කෙරෙව්වේ ය. පොලිස්පතිවරයා, ඒ ගැන විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියම කළේ ය. බැලූ බැල්මට සිවිල් කාරණයක් ලෙස පෙනෙන මේ සිදුවීම, රාවය කතුවරයා සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කිරීම
දක්වා ‘අපරාධ වරදක්’ ලෙස පොලිසිය විසින් අර්ථ ගැන්වූයේ ආණ්ඩුවේ නිරුවත
තමන්ගේ අතින් වසා දෙන්නට ය. චන්ද්‍රිකා කුමාරතුංග රජය කාලයේ සිට මාධ්‍යවේදීන්
දිනාගත්, මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අදාළ මාධ්‍ය
ආයතනවලට පැමිණ ප්‍රශ්න කිරීමේ පිළිවෙත මතක් කර දුන්න ද, සීඅයිඞී නිලධාරීන්ට එය වැදගත් නොවීය. ඒ අතර
බුද්ධි අංශයේ, සීඅයිඩියේ, ආරක්ෂක අමාත්යාංශයේයැ’යි කියාගත් පිරිසක් කොළඹත්, පිටපළාත්වලත් රාවය පුවත්පත් අලෙවිකරුවන් වෙත ගොස්, රාවයේ අලෙවිය, බෙදාහැරීම, පාඨකයෝ කවරහුද වැනි තොරතුරු එකතු කළහ. මීගමුවේ
අලෙවි නියෝජිතයාට පුවත්පත අලෙවි නොකරන ලෙස තර්ජනය කරන ලදි. මේ සියලූ නිහීන කි‍්‍රයා
කරන ලද්දේ රාවයට තර්ජනයක් ලෙස, එය බියගැන්වීමේ ප්රයත්නයක කොටස් ලෙස බව
පැහැදිලිය.
No comments:
Post a Comment