Saturday, November 8, 2014

රනිල් තරඟ නොකිරීමට ගත් තීන්දුව කෙසේ හෝ වෙනස් කර ගැනීමට රාජපක්ෂ-ටිරාන් කුමන්ත්‍රණයක: ඒ සඳහා ජෙනරාල් ෆොන්සේකා බා ගැනීමට අපූරු ප්ලෑනක් ගහලා

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනින් ඉවත්ව වෙනත් ජය ගත හැකි පොදු අපේක්ෂකයෙකුට එය පැවරීමට තීරණය කිරීමත් සමග රනිල් නම් දුර්වල ලෙහෙසියෙන් පරාජයට පත් කළ හැකි තරඟකරුවා නොමැති වීමෙන් රාජපක්ෂවරු නන්නත්තාර වී තිබේ. 
කෙසේ හෝ ජනාධිපතිවරණ සටනට එවන්නේ රනිල්ම යැයි ටිරාන් කිලී බැසිල් තිදෙනාට සජිත් ප්‍රේමදාස විසින් ටිරාන්ගේ නිවසේදීම දී තිබූ සහතිකය විනාශ වී යෑම ගැන රාජපක්ෂවරු ටිරාන් අලස් ට අම්මා මෝ නැතිව බැන වැදී තිබේ. රනිල්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා පහර දීම නිසා මෙය සිදුවී යැයි ඔවුන් ටිරාන්ට බැන වැදී ඇත.
මෙම බැන වැදීමෙන් පසුව ටිරාන් රනිල්ගේ ලඟම මිතුරාට කතා කරමින් ‘රනිල් මේ මොන පිස්සු වැඩක් ද කරගන්න යන්නේ  කෙසේ හෝ රනිල්ව ඉදිරිපත් කරන්න‘ යැයි පවසා තිබිණ. එවිට මිතුරා පිළිතුරු දී තිබුනේ ‘ඇයි ඔහේලාමනේ රනිල්ට බෑ කියලා පත්තර පිටු ගණනින් ගැහුවේ, දැන් කොහොමද එක පාරට රනිල්ට පුළුවන් වුනේ?‘ යයි පෙරළා පිලිතුරු දී තිබිණ.
කෙසේ නමුත් යලිත් වරක් රනිල්වම කුමන මගඩියකින් හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දමා ගැනීමට ටිරාන් රාජපක්ෂවරුන්ට සැලැසුමක් ලබා දී ඇත. එය නම් රනිල් නැතිනම් වෙනත් අයෙකුට සහාය නොදී තනිව ඉල්ලීමේ ස්ථාවරයකට ජෙනරාල් ෆොන්සේකා කෙසේ හෝ තල්ලු කරවා ගැනීමයි. 
ඒ සඳහා ජෙනරාල් ෆොන්සේකාට දැනට තිබෙන නඩු පාවිච්චි කිරීමට සැලසුම් කර තිබේ. ජෙනරාල් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්නට විරුද්ධ නඩුව ලබන දෙසැම්බර් 5 වෙනිදා විභාගයට ගැනීමට නියමිතය. මෙම නඩුවෙන් ධනුන නිදහස් කිරීමට නම් ජෙනරාල් ෆොන්සේකා ‘රනිල් නැතිනම් තනියම ඉල්ලන‘ තැනට වැඩ කටයුතු සැලැස්වීම ටිරාන් විසින් බාර ගෙන ඇත. 
ධනුන තිලකරත්න යනු හිටපු බ්‍රිගේඩියර් තිලකරත්නගේ පුත්‍රයා ය. බ්‍රිගේඩියර් තිලකරත්නගේ අයියාගේ පුතා වන්නේ හෂාන් තිලකරත්නය. හෂාන් දැන් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ තුරුල්ලේ ය. ඔහුවද මෙම කූට්ටාලි ක්‍රියාවට යොදවා ගෙන තිබේ. 
කෙසේ වෙතත් ධනුන සහ ජෙනරාල් ෆොන්සේකාගේ දියණිය මේ වන විට වෙන්ව ජීවත්වෙති. ධනුන වෙනත් තරුණියක් කසාද බැඳීමට යන අතර ෆොන්සේකාගේ දියණියද වෙනත් තරුණයෙකු කසාද බැඳීමට සූදානම් වේ. මේ  නිසා දියණිය සහ ධනුන දික්කසාද විය යුතු අතර ඊට දෙදෙනාම කැමැත්තෙන් පසුවෙති. නමුත් පරහකට තිබෙන්නේ ධනුනට ජෙනරාල් ෆොන්සේකා නිසා වැටී ඇති නඩුවය. ධනුන පමණක් නොව ධනුනගේ අම්මාද නීති විරෝධී ඇමරිකන් ඩොලර් මිලියන භාගයක් සහ තවත් විදේශ මුදල් සමග අල්ලා ගැනීමේ නඩුවක් පවතී. මේ සියළු නඩු ජෙනරාල් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරය නිසා වැටුනු නඩුය. එනිසා ඒවායින් ඔවුන් මුදවා ගැනීමට ෆොන්සේකාටද වගකීමක් ඇතැයි පෙන්වති.
ඒ අනුව දැන් මෙකී නඩු නිදහස් කිරීම ඇපයට තබා ජෙනරාල් ෆොන්සේකා බිලී බා ගෙන කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ නම් දුර්වල තරඟ කරුවා සටනට කැඳවා ගැනීමට රාජපක්ෂවරුන් සහ ටිරාන් අලස් කුමන්ත්‍රණය කරති. 
ටිරාන් අලස් ජෙනරාල් ෆොන්සේකාගේ පැරණි මිතුරෙකි. ජෙනරාල් නිදහස් වී එළියට ආවේද ටිරාන් රාජපක්ෂවරුන් සමග කරන ලද කූට්ටාලි කම් අනුවය. එනිසා ජෙනරාල් ෆොන්සේකාට ටිරාන් අලස් තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලැබුනු මුදල් කෙතරම් ගසා කෑවද අමතක කළ නොහැක. අනෙක් අතට තම දියණියට සහනයක් ලබා ගැනීමට දියණිවරුන්ගෙන්ද අනෝමා ෆොන්සේකාගෙන්ද බලපෑම් එමට ය. 
ජෙනරාල් ෆොන්සේකාට යුද බිමේදී සතුරා මිතුරා කව්දැයි හොඳින් හඳුනා ගැනීමට හැකියාව තිබුනද දේශපාලන පිටියේදී ඒ සම්බන්ධයෙන් ලදරුවෙකි. 
කෙසේ වෙතත් ජෙනරාල් ෆොන්සේකා වැනී ජනතාවගේ වීරයෙක් අවසන් මොහොතේ ගූ තීන්දුවක් ගෙන ජනතාවට කොකා නොපෙන්වනු ඇතැයි විපාක්ෂික ජනතාව විශ්වාස කරති. 
මේ අතර ජෙනරාල් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රී හමුවී රහසිගත සාකච්ඡාවක් පැවැත්වීය. රනිල් අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට තීන්දු කිරීමට පෙර  දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී රනිල් ජනාධිපති හෝ අගමැති වුවහොත් ඉන්පසු ජෙනරාල් ෆොන්සේකා ආරක්ෂක ඇමැති කරන බව හෝ රනිල් විසින්ම ආරක්ෂක ඇමැති ධූරය තබා ගන්නේ නම් නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ධූරය ජෙනරාල් ෆොන්සේකාට ලබා දෙන බවට වාචික එකඟතාවයක් තිබිණ. 
ඉන්පසුව කරු ජයසූරිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් එජාපය බලය ලබා ගැනීමෙන් පසු ජෙනරාල් ෆොන්සේකාට දේශපාලන පළිගැනීම් වශයෙන් දී ඇති නඩු තීන්දු ඉවත් කර ඔහුගෙන් ඉවත් කර ඇති හමුදා නාමය පදක්කම් ආදී සියල්ල පැය 72 ක් තුල ලබා දෙන බවට පොරොන්දු විය‍.
විශේෂ ලියුම් කරුවකු විසිනි. (අකලන්කා ඊනිසුවාන)

No comments:

Post a Comment