By ධනුෂ්ක පෙරේරා
ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ “අනෙකා” වනු ඇත්තේ, කවුරුන්දැ යි තවම පිටතට ප්‍රකාශයට පත් ව නොමැත. එසේ නමුත්, මෙතෙක් මහජන ප්‍රදර්ශනයට විවෘත නොවුණු තිරය පිටුපස පෙළගැසෙමින් ඇති සිදුවීම්වලින් නම් පෙනෙන්නට ඇත්තේ, ජනවාරියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති, ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය බව ය. සහතිකවම, මේ මාතෘකාවට අදාළව එජාපය ප්‍රමුඛ විපක්ෂ දේශපාලනය තුල සිදු වන සංවාදයන් හි කේන්ද්‍රීය චරිතය බවට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ය. පක්ෂ නායකත්වයට එරෙහිව මීට වසර තුනකට ඉහත දී ගැසූ අසාර්ථක ව්‍යවස්ථානුකූල කැරැල්ලෙන් පසු, එජාප දේශපාලනය තුල අවලංගු කාසියක් බවට පත් වූ ජයසූරිය මහතාගේ මේ නැගිටීම, අපට සිහිගන්වනුයේ අප කුඩා කළ අසා ඇති අළුතින් නැගිටුණු ෆිනික්ස් කුරුල්ලාගේ කතන්දරය ය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ “අනෙකා” වනු ඇත්තේ, කවුරුන්දැ යි තවම පිටතට ප්‍රකාශයට පත් ව නොමැත. එසේ නමුත්, මෙතෙක් මහජන ප්‍රදර්ශනයට විවෘත නොවුණු තිරය පිටුපස පෙළගැසෙමින් ඇති සිදුවීම්වලින් නම් පෙනෙන්නට ඇත්තේ, ජනවාරියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇති, ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය බව ය. සහතිකවම, මේ මාතෘකාවට අදාළව එජාපය ප්‍රමුඛ විපක්ෂ දේශපාලනය තුල සිදු වන සංවාදයන් හි කේන්ද්‍රීය චරිතය බවට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ය. පක්ෂ නායකත්වයට එරෙහිව මීට වසර තුනකට ඉහත දී ගැසූ අසාර්ථක ව්‍යවස්ථානුකූල කැරැල්ලෙන් පසු, එජාප දේශපාලනය තුල අවලංගු කාසියක් බවට පත් වූ ජයසූරිය මහතාගේ මේ නැගිටීම, අපට සිහිගන්වනුයේ අප කුඩා කළ අසා ඇති අළුතින් නැගිටුණු ෆිනික්ස් කුරුල්ලාගේ කතන්දරය ය.
විපක්ෂයේ
බොහෝ පක්ෂ, කණ්ඩායම් හි සහාය ජයසූරියගේ
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ දැනටමත්,
හිමි
ව ඇති මුත්, එජාප දේශපාලනය නියෝජනය කරන
ඇතැමුන්ට හා රටේ සමහරෙකුට නම් එය පැහැදිලි ප්‍රශ්නාර්ථයක්ම ය. ජයසූරියගේ
අපේක්ෂකත්වය නොඑසේ නම් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහුට ඇති ඉඩ ප්‍රස්ථා ප්‍රශ්න
කරන්නන් එසේ කරනුයේ කාරණා කිහිපයක් ඉදිරිපත් කරමිනි. එජාප මන්ත්‍රීවරු දාහත්
දෙනෙකු සමග සන්ධාන ආණ්ඩුවට එකතු වී, ජයසූරිය
මහතා පමණක් යළි එජාපයට පැමිණිම, 2010
මහ මැතිවරණයේ දී පබා නමින් ප්‍රකට උපේක්ෂා ස්වර්ණමාලි තරම් හෝ මනාපයක් ගම්පහින්
හිමි නොවීම, යනා දී කාරණා, ජයසූරිය
ගේ අපේක්ෂකත්වය ප්‍රශ්න කරන්නන් ඔහුට එරෙහිව දමා ගසන ප්‍රධානතම “බෝම්බ” බව
පෙනෙන්නට ඇත. දේශපාලන සමාජයක් තුල විවිධ මාතෘකා
සම්බන්ධයෙන් විවිධ වූ කියවීම්
පැවතීම අතිශය ස්වාභාවික වන මුත්, අප
අවධානය යොමු කළ යුතු වැදගත් ම කාරණය වනුයේ ඒවා
කෙතරම් සාධාරණ ද අසාධාරණ ද යන්න ය.
කරු
ජයසූරියට එරෙහිව , ඔහුගේ දේශපාලන සතුරන් මතුරන ප්‍රධානතම
“මන්තරය” වී
ඇත්තේ එජාප මන්ත්‍රීවරු දාහත්දෙනෙකු සමග ආණ්ඩුවට එකතු වී ඔහු පමණක් යළි තනිව
පක්ෂයට පැමිණි බව ය. මේ තර්කය වඩාත් උත්කර්ෂයට නංවමින් ඇතැමුන් පවසන්නේ, තමන්
සමග ආණ්ඩුවට එකතු වූ නවීන් දිසානායක බෑනාව හෝ යළි එජාපයට රැගෙන ඒමට කරු ට නොහැකි
වූ බව ය. මතුපිටින් බලන කළ මේ
චෝදනාවෙහි අසත්‍යයක් නොපෙනේ. පැහැදිලිවම දේශපාලන අර්ථයෙන් එය ප්‍රබල ප්‍රශ්නාර්ථයක්ම
ය. නමුත්, මේ කාරණය අප කියවිය යුත්තේ කරු
ජයසූරිය ඇතුළු එම කණ්ඩායම රජයට එකතු වූ පසුබිම නොඑසේ නම් එම සන්දර්භය සමග විමසා
බලමිනි.
කරු
ජයසූරිය ඇතුළු කණ්ඩායම, රජයට එකතුවෙත් දී එජාපය
හා ශ්‍රිලනිපය අතර, පැවතියේ සාමාන්‍යයෙන් ඔවුන් අතර, දැක
ගත හැකි සාම්ප්‍රදායික දේශපාලන පස මිතුරුකමක් නොවේ. සතුරුකම වෙනුවට ප්‍රේමයක්
ඔවුන් අතර, දළුලා වර්ධනය වෙමින් තිබුණි.
රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ මහත්වරු,
2006
වසරේ ඔක්තෝම්බර් විසි තුන්වැනි දා අත්සන් කළ ඓතිහාසික අවබෝධතා ගිවිසුම, ඊට
අවශ්‍ය පදනම සපයා තිබුණි. ඉහළ ප්‍රමුඛතා
ඇති, ජාතික ප්‍රශ්න හයක් පිළිබඳව , වසර
දෙකක කාලයක් සඳහා රජයට සහාය දැක්වීමට එම ගිවිසුමෙන් එජාපය එකඟතාව පළ කර තිබුණි.
පිටතට එසේ අහිංසක අරමුණක් ප්‍රකාශ කළ ද එජාප නායකත්වය මෙන්ම ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ නායකත්වය ද ඊට එකගවූයේ සැගවුණු දේශපාලන න්‍යාය පත්‍ර මත පිහිටා බව
කිසිවෙකුට හෝ රහසක් නොවීය. සිංහල ජාතිකවාදී ව්‍යාපෘතිය නියෝජනය කළ ආණ්ඩුවේ
පාර්ශවකරුවන් වූ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික
හෙළ උරුමයේ පීඩනයෙන් මිදීමේ අවශ්‍යතාවක් එහිදී ශ්‍රීලනිප
නායකත්වයට තිබූ අතර, පක්ෂ අභ්‍යන්තරයෙහි
තමනට එරෙහිව මතුවෙමින් පැවැති කැරැල්ලට තාවකාලික පිළියමක් මේ හරහා ලබා ගැනීම එජාප
නායකයාගේ අරමුණ විය. ඒ අර්ථයෙන් එම ගිවිසුම රට
ගැන සිතා ඇති කර ගත් එකකට වඩා එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් එකක් ම විය.
නමුත්, මුහමලේ දී හමුදා සෙබළුන් 130ක්
ඝාතනය වී තිබූ අවස්ථාවක, දිගම්පතන ප්‍රහාරයෙන්
නාවුක සෙබළුන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් සිටි
අවස්ථාවක, ගාල්ලේ දක්ෂිණ නාවුක කඳවුරට ප්‍රහාරයක්
එල්ල කර තිබූ මොහොතක අත්සන් තැබූ මේ
ගිවිසුමේ සැගවුණු අරමුණු සෙවීමට කිසිවෙකු හෝ ගියේ නැත. රටෙහි ඒ වනවිට වර්ධනය
වෙමින් පැවැති භයානක තත්ත්වය තුල රට වැසි සියළු දෙනා ඇති වූ මෙම දේශපාලන එකඟතාවය එක
හඩින් අනුමත කළේය.
එජාප
- ශ්‍රී .ල.නි.ප අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට,
පෙර
ඒ සම්බන්ධව අවසාන තීරණය ගත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැතියේ 2006
ඔක්තෝම්බර් 16 වැනිදා ය. සදුදාවක පැවැති එම
රැස්වීමේ දි රජය සමග අවබෝධතා ගිවිසුමකට යෑම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ
පැහැදිලි අනුමැතිය නොඑසේනම්, එකඟතාව
හිමි වූ අතර, යම් ගැටළුවක් පැවතියේ නම් ඒ
පැවතියේ , එය සිදු කළ යුතු ආකාරය පිළිබදව ය.
එහිදී පළමුව අදහස් දැක්වූ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා සදහන් කළේ ,
එජාපය
රජයට සහාය දැක්විය යුත්තේ ඇමති ධූර රැගෙන බව ය. විජයපාල මෙන්ඩිස්,
මනෝ
විජේරත්න, රාජිත සේනාරත්න, හේමකුමාර
නානායක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු කෘත්‍යාධිකාරී
මණ්ඩල සභිකයන් 17 දෙනෙකුගේ සහාය ලොකුගේ ගේ යෝජනාවට
ලැබුණු අතර, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද ඒ
අතර විය. ඇමතිකම් රැගෙන ආණ්ඩුවට සහාය දිය යුතු බවට ඔවුන් ගෙන ආ යෝජනාවට එරෙහිව එදා
එම තීරණාත්මක රැස්වීමේ දී යම් විරෝධයක් දැක්වූයේ මාතර මහින්ද විජේසේකර ය. (එසේ
නමුත්, පසුව ඔහු ද කරු සමග ආණ්ඩුවට එකතු
වී ඇමතිකමක් ලබා ගන්නා ලදී.) කෙසේ වෙතත්, අවසානයේ
දී එජාපය , ශ්‍රීලනිප ය සමග වන එකගතාවයට එක්
වූයේ ඇමතිකම් ලබා නොගෙන පිටතින් සිට රජයට සහාය දැක්වීමේ පදනම මත පිහිටා ය.
එජාපය
තවදුරටත් තම දේශපාලන පාරිශුද්ධතාව රැකගැන්ම වෙනුවෙන් එසේ කළ ද සෘජු සම්බන්ධයක් හා
වගකීමක් නොමැති වීම තුල ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය බිඳවැටීමට වැඩි
කාලයක් අවශ්‍ය නොවීය. එම ප්‍රායෝගික දුෂ්කරතාව
නැති කිරීමට නම්, රජය සමග එක්ව බලතල වගකීම් හා බෙදා
හදා ගැනීම අනිවාර්යය විය. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය තීරණාත්මක තැනකට පැමිණ ඇති
මොහොතක තව දුරටත් කර ඇරීමේ හැකියාවක් එජාපයට නොවීය. රටේ ආගමික නායකත්වයෙන් ද දැඩි
බලපෑම් එල්ලමූත්, එජාප නායකත්වය තීන්දු කළේ
තවදුරටත් අතේ දුරින් සිටීමට ය. නමුත්, එය
තම දේශපාලන විශ්වාසයන් පිළිබඳ කාරණයෙන් ඔබ්බට යායුතු මොහොතක් විය. කරු ජයසූරිය
ඇතුළු එජාප මන්ත්‍රීවරු 17 දෙනෙකු ආණ්ඩුවට එකතු
වූයේ එබඳු අවස්ථාවක ය. කරු ද එම කණ්ඩායම තුල සිටි තවත් එක් සාමාජිකයෙකු පමණක්
වුවත්, පක්ෂයේ දෙවැන්නා ලෙස එම ගොනුව
නියෝජනය කිරිම තුල, ඔහුට නිතැනින්ම එහි ප්‍රධානත්වය
හිමි වුනි. රට තුල වර්ධනය වෙමින් පැවැති තත්ත්වය
මෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ සිදු වෙමින් තිබූ යම්
යම් දෑ පිළිබඳව මැසිවිලි තිබූ මුත්, “දාහත්දෙනාගේ” කල්ලියේ
තීරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ඔවුන් ජනතාව අතර, සාධාරණීකරණය
කළේ ඒ වන විට රටේ වර්ධනය වෙමින් පැවැති භයානක තත්ත්වයයි. සුප්‍රකට මාවිල් ආරු
සොරොව්ව බිඳ දැමීම හා හමුදාපති සරත් ෆොන්සේකා ව ඉලක්ක කර ගනිමින් මාරාන්තික බෝම්බ
ප්‍රහාරයක් එල්ල වී තිබූ මොහොතක එය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ හැකි කාරණයක් නොවීය.
රජයට
සහාය දැක්වීමට තීරණය කරත් දී කිසිදු තනතුරක් නොගනිමින්,
එය
සිදු කරන බව කරු ජයසූරිය පැවසූ මුත්, පක්ෂයෙන්
පරිබාහිරව මෙබදු තීරණයක් ගත් බැවින්, තවදුරටත්
තම මන්ත්‍රී ධූර රැක ගැනීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව
ආණ්ඩුවේ තනතුරක් භාරගැනීම අනිවාර්යය වී තිබුණි. රටේ ඒ මොහොතේ පැවතියේ සෙලවෙමින්
පැවැති ආණ්ඩුවකි. යම් ලෙසකින් ඒ අවස්ථාවේ දී ආණ්ඩුව බිඳ වැටුණේ නම් එය එල්.ටී.ටී.ඊ
ත්‍රස්තවාදයට නැටුමක් විය හැකි ව තිබුණි. අනෙක් අතට ඒ මොහොතේ ආණ්ඩුව බිඳ වැටුණේ
නම් ඒ වන විට රටේ පැවැති යුද මානසිකත්වය තුල එජාපයට පාලන බලය ලබා ගැනීමක් පිලිබඳ
සිතන්නටත් නොහැකි තත්ත්වයක් මතුව තිබුණි. පාර්ලිමේන්තු බලය අස්ථාවර වී රජය ඒ
මොහොතේ මැතිවරණයකට ගමන් කළේ නම් එජාපය තවත් නායයෑම ස්ථීර වී තිබුණි. “යුද්ධයක්
කර ගෙන යන වෙලාවේ ආණ්ඩුව වැට්ටුවා” යන
අපවාදයෙන් එජාපය ඒ අවස්ථාවේ ගැලවුනේ කරු ඇතුළු පිරිස ගත් තීන්දුව නිසාවෙනි.
එක්සත්
ජනතා නිදහස් සන්ධාන රජයට එක් වූ මොහොතේ සිට එක් කාරණයක් සම්බන්ධයෙන් ජයසූරියට
පැහැදිලි ස්ථාවරයක් විය. කිසි දිනෙක ශ්‍රී.ල.නි.ප යට එක් නොවන බව ට අධිෂ්ඨානයක්
ඔහුට තිබුණි. තමන් සමග එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම නියෝජනය කළ
බොහෝ ගමන් සගයින්, ශ්‍රීලනිප සංවිධායකකම් භාර
ගනිමින් පිල් මාරු කරත්දී ජයසූරිය එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. තමන් සමග රජයට එක්
වූ චන්ද්‍රසිරි සූරියආරච්චි, පොලොන්නරුවේ
තම දේශපාලන නායකයන්ව ශ්‍රීලනිපය ට සම්බන්ධ කරත් දී කරු, ඊට
තම දැඩි විරුද්ධත්වය පළ කළේය. කරු, ස්ථීරවම
යළි එජාපයට එක් වන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා
ප්‍රමුඛ සන්ධාන නායකයන් තේරුම් ගත්තේ එදා ය. රජයට එක් වූ පසු ශ්‍රී ලංකාවේ දේශපාලන
සංස්කෘතිය තුල අපේක්ෂා කළ යුතු ආකාරයටම දැවැන්ත මඩ ප්‍රචාරයක් කරු ට එරෙහිව එජාපය
දෙසින් එල්ල වූ මුත් ඔහු ඉන් කලබලයට පත් නොවීය. එජාපයට කොතරම් ලැදියාවක් ඔහු
දැක්වූවා ද කියතොත්, තම ඇමති වැටුපෙන් රුපියල් දහසක්
සෑම මසකම පක්ෂයට බැර කිරීමට ඔහු පියවර ගත්තේය. (සෑම එජාප මන්ත්‍රීවරයෙකුම තම මාසික
වැටුපෙන් රුපියල් දාහක් එකල පක්ෂයට බැර කළ යුතු විය.) ඒ ආකාරයට ගතින් සන්ධාන
ආණ්ඩුව සමග සිටිය ද කරු ගේ සිත තිබුණේ එජාපයේ ය. ඒ නිසාම සමහර අවස්ථාවල දී විවිධ පදනම්
විරහිත චෝදනාවන්ට ද මුහුණ දීමට ඔහුට සිදු විය. විවෘත තරඟ විභාගයක් හරහා ග්‍රාමසේවකවරු
බඳවා ගත් අවස්ථාවේ දී රජයේ ඇතැමුත් ඔහුට චෝදනා කළේ යූ.එන්.පී කාරයන්ගෙන් ග්‍රාමසේවක
ලැයිස්තු පුරවා ඇති බව කියමිනි.
රනිල්
වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් කරු යළි එජාපයට පැමිණියේ සිරිකොතේ ඉදිරිපස දොරටුවෙන්
මිස පිටුපස දොරටුවෙන් නොවේ. බලගතු ඇමති ධූරයක් හා ඊට අදාළ සියළු වරප්‍රසාද අත්
හරිමින් ඔහු යළි එජාපය හා එක් වූයේ යුධ ජයග්‍රහණය
ස්ථීර වී එය තහවුරු වී තිබූ මොහොතක ය. ඒ අනුව කරු ආණ්ඩුවට එක්වීම හුදු පෞද්ගලික
ලාභ සන්තානය පෙරදැරිව ගත් තීරණයක් නොව, ප්‍රතිපත්තිමය
කාරණා උඩ ගත් තීරණයක් බව සුපැහැදිලිය.
“පබා” නමින්
ප්‍රචලිත නවක නිළිය තරම් හෝ ජනතා මනාපයක් ගම්පහින් ලබා ගත නොහැකි කරු ජයසූරිය රටේ
ජාතික නායකත්වයට සුදුසු දැයි ඇතැමුන් නගන තර්කය ඇත්තක් නම්, ජේ.ආර්.
ජයවර්ධනට, ආර්.ප්‍රේමදාසට, මහින්ද
රාජපක්ෂට මේ රටේ නායකත්වයට පත්වීමට කිසි දිනෙක හැකියාව ලැබෙන්නේ නැත. ඒ කලින් කී
සියළු දෙනාම තම දේශපාලන දිවියේ කුමන හෝ අවස්ථාවක කවුරුන් හෝ හමුවේ පරාජය වී ඇති
නිසාවෙනි. ජේ.ආර් ජයවර්ධන, ආර්. ජී සේනානායක හමුවේ
වරක් පරාජයට පත් වූ අතර, ආර්.ප්‍රේමදාස වරක්
දෙවරක් නොව, අවස්ථා කිහිපයක දීම පරාජයේ රසවිඳ
තිබේ. අද, රටේ දේශපාලන තරුව වී සිටින මහින්ද
රාජපක්ෂ ජනාධිපතිවරයා පිට පිට මැතිවරණ දෙකක
දී එනම් 2000,
2001
මහ මැතිවරණවල දී හම්බන්තොටින් තරුණ සජිත් ප්‍රේමදාස හමුවේ පරාජයට පත් විය. 2000
දී මහින්ද රාජපක්ෂ ඡන්ද 88726 ලබද් දී , සජිත්
ඡන්ද 98968ක් හම්බන්තොටින් ලබා ගත්තේය. 2001
දී සජිත් මනාප 92536 ක් ලබා ගනිද්දී මහින්දට වැටී තිබුණේ
ඡන්ද 81855 කි. සජිත් හමුවේ පිට පිට
දෙවතාවක් දෙවෙනි වීමට සිදු වුනු නිසාවෙන් මහින්දට ගෙදර යන ලෙස පැවසුවා නම් හා ඔහු
එසේ කළ යුතු වූවා නම් මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයෙක් මෙරටේ බිහි වන්නේ නැත.
කරු , පබා හමුවේ දෙවැනි වූ බව කියමින්
ඔහුගේ ජාතික නායකත්වය ප්‍රශ්න කරන්නන් මතු කරන තර්කයේ සත්‍යතාවක් ඇත්නම්
රනිල් වික්‍රමසිංහ මහතාට දෙවතාවක් මේ රටේ අගමැතිවීමට හා වසර 20
කට වැඩි කාලයක් එජාප නායකත්වයේ රැඳී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත. 1989
දී සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැති පළමු මැතිවරණයේ දී රනිල් ගම්පහින් තේරී පත්
වූයේ ජෝශප් මයිකල් පෙරේරා ට හා ජෝන් අමරතුංගට පහළින් එජාප ලැයිස්තුවේ තෙවැන්නා ලෙස
ය. ජෝශප් හා ජෝන් පිළිවෙලින් මනාප 104094
ක් හා 90797ක් ලබත් දී වික්‍රමසිංහ මහතා එවර
ලබා ගෙන තිබුණේ මනාප 86477ක් පමණි. එසේ ම පසුගිය
මහා මැතිවරණයේ දී කොළඹින් රනිල්ට වඩා මනාප දේශපාලනයේ අඩු අත්දැකීම් ඇති විමල්
වීරවංශ ලබා තිබුණි. අනෙක් අතට මේ තර්කය සජිත් ප්‍රේමදාස මහතාට අදාල කරගතහොත් 2010
මැතිවරණයේ දී තරුණ නාමල් රාජපක්ෂට හා මහින්ද අමරවීරට අඩුවෙන් මනාප ඡන්ද ලැබූ ඔහුට
එජාප නියෝජ්‍ය නායකත්වය ලැබෙන්නට හේතුවක් නොමැත. ඒ නිසා දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල
දෙස බලා යමෙකුගේ නායකත්ව හැකියාවන් ප්‍රශ්න කරන්නට යෑම විහිළුවක්ම ය. මැතිවරණයකදී ලැබූ මනාප
ඡන්ද මත පදනම් ව යමෙකු එසේ ප්‍රශ්න කරනවා නම් කරු ජයසූරිය මහතා එජාප නායකත්වයට පත්
විය යුත්තේ මීට වසර දහයකට දොළහකට ඉහතදී ය.
ජනප්‍රියවාදී
දේශපාලනයට පිවිසි පළමු අවස්ථාවේ දීම 1997
කොළඹ මහ නගර සභා මැතිවරණයේ දී ඉහළ දිනුමක් ලැබූ ජයසුරිය
මහතා ඉන් පසුව දිස්ත්‍රික් පදනමින් තමන් තරග කළ මැතිවරණ
හතරේ දීම මනාප දෙලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය. 1999
කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත්
සභාවට තරග කළ ජයසූරිය මහතා එවර මනාප ඡන්ද දෙලක්ෂ හැට
පන්දහසේ සීමාව ඉක්මවා ගියේය. අනතුරුව ගම්පහින් තරග කළ මහා මැතිවරණ තුනේ
දීම ඔහු මනාප දෙලක්ෂයේ සීමාව පහසුවෙන්ම ඉක්මවන ලදී. අප එය සඳහන් කළේ ජන හද ගැස්ම
හදුනා ගත් භෞතික තලයේ නායකයෙකු ලෙස ජයසූරිය මහතාට ඇති පිලිගැනුම විස්තර කිරීමටය.
එසේ
වාර්තාගත ජනතා මනාපයක් නොකඩවා ලද ජයසූරිය පබා වැනි නිළියකට දෙවැනි වීම “පුදුමයක්” වන
මුත්, පැවැති තත්ත්වය තුල ඊට වඩා වෙනස්
ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි තරම් විය. එය රජයට එක්වීමෙන් පසු ඔහු අලියා ලකුණ
යටතේ තරඟ කළ පළමු මැතිවරණය විය. ඒ නිසාම සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයන් ඔහු දෙස
බැලුවේ “ආණ්ඩුවට ගියා නේ ” යන
සිතුවිල්ලෙනි. එසේම දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කොට්ඨාශ දහතුනේ ම ආසන සංවිධායකවරු
සිටියේ කරු ට එරෙහි තැනක ය. උදාහරණයක් ලෙස සරත්චන්ද්‍ර රාජකරුණා වැන්නන් ආණ්ඩුවට
ගිය කරු ට මනාප නොදෙන ලෙස ප්‍රසිද්ධියේ පැවසීමට තරම් එඩිතර වී සිටියහ. අනෙක් අතට,
කරු
2010 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ
නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක් නොමැති දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ය. එවැනි පසුබිමක
උපේක්ෂා ස්වර්ණමාලීව දිස්ත්‍රික් ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීම තුල කරු තව දුරටත්
විශාල අවදානමකට පත් වන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් පැවසූ
මුත්, තම පෞද්ගලික දිනුමට වඩා ඔහු
පක්ෂයේ ජයග්‍රහණය වැදගත් කොට සැලකුවේය. ඒ නිසාම උපේක්ෂාව ගම්පහ දිස්ත්‍රික්
ලැයිස්තුවට ඇතුල් කිරීමට ඔහු තම අනුමැතිය ලබා දෙන ලදී. එසේම මැතිවරණයට තරග නොකර, ජාතික
ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස 2010
දී කරු ට ඉල්ලීමක් ඉදිරිපත් වූ මුත්, ඔහු
ඒ අවස්ථාව ජෝශප් මයිකල් පෙරේරා ට ලබා දීමට තරම් පරිත්‍යාගශීලි විය. කෙසේ වෙතත්
කරුගේ ඡන්ද ව්‍යාපාරයට පක්ෂයෙන් ලැබුණු තල්ලුව සතුටු දායක මට්ටමක නොවීය. බෙහෝ
දෙනෙකුට අවශ්‍යව තිබුණේ දිනනවාට වඩා ඔහු පරදිනු දැකීමටය. ඒ තත්ත්වය මැද වුව ද කරු
ගම්පහින් තේරී පත් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් පළමුවැන්නා ලෙසිනි.
වසර තිස් ගණනක පාර්ලිමේන්තු අත්දැකීම් සහිත ජෝන් අමරතුංග ද මන්ත්‍රීවරයෙකු ලෙස
තේරී පත් ව සිටියේ ඔහුට සෑහෙන පසුපසිනි.
කරු
ජයසුරියගේ දේශපාලන සතුරන් නිරතුරුවම, ඔහුට
එරෙහිව දමා ගසන මේ චෝදනා වලට පිළිතුරු බැඳීම වැදගත් වනුයේ එය කාලීන අවශ්‍යතාවයක්
ලෙස අප විශ්වාස කරන බැවිනි. මහින්ද රාජපක්ෂට එරෙහි විපක්ෂයේ සියළු පක්ෂ කණ්ඩායම්
හි සහාය හිමි මහා පොදු සාධකය බවට කරු මේ වන විට පත් ව ඇත. පවතින ක්‍රමයට එරෙහිව
හොඳම විකල්පය ලෙස ඔහු මතුව සිටී. කරු ජයසූරිය කෙතරම් ශක්තිමත් දේශපාලන පෞරුෂයක්
දැයි තේරුම් ගැනීමට එය ම ප්‍රමාණවත් ය. පැහැදිලිවම කරු යනු,
කකුල්
කැඩුණු අශ්වයෙක් නොවේ. තවමත් හොඳින් දිවිය හැකි අශ්වයෙකි.
No comments:
Post a Comment