Showing posts with label Karu Jayasuriya. Show all posts
Showing posts with label Karu Jayasuriya. Show all posts

Wednesday, November 19, 2014

UNP To Make Common Candidate Decision On Friday: Ranil- Karu- Maithripala Front-runners

From Asian Mirror - 20/11/2014
The United National party is to make a final decision on its presidential candidate on Friday, at a crucial working committee meeting, a senior spokesman of the party told Asian Mirror on Friday morning.
UNP Leader Ranil Wcickremesinghe, who is now back in the country after a brief foreign trip, has instructed General Secretary Tissa Attanayake to convene the Working Committee on Friday.
Three names have already been proposed as potential presidential candidates of the party. They are UNP National Leader Ranil Wickemesinghe, Leadership Council Chairman Karu Jayasuriya and SLFP General Secretary and Health Minister Maithripala Sirisena.
The UNP is considering Minister Sirisena as a front-runner under the assumption that he might cross over to the opposition at the last moment. However, the Minister is still with the government and his possible crossover still hands in the balance, highly placed political sources said. Even yesterday, the Minister was seen at Temple Trees, sharing light moments with President Mahinda Rajapaksa and several other senior members of the ruling party.
Therefore, it is still not entirely clear whether the General Secretary of the Sri Lanka Freedom Party will make a decision that will be a huge political gamble.  
Meanwhile, the majority of the Parliamentary group of the party are of the view that Karu Jayasuriya should be named as a presidential candidate of the party. When ‘Asian Mirror’ spoke to Jayasuriya yesterday evening, the senior Parliamentarian said he was not aware of any move to name him as the presidential candidate of the main opposition party.

Former President Chandrika Bandaranaike Kumaratunga whose name was earlier mentioned as a potential common candidate of the opposition is now out of the race due to legal barriers. CBK’s legal impediments arose with the opinion given by the Supreme Court pertaining to the third term of President Mahinda Rajapaksa- which was not made public by the government

Saturday, November 15, 2014

BBC Sandeshaya & Sajith Premadasa Spat!

Story below is very confusing. Check following links:-

BBC Interview with Sajith Premadasa:

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141114_sajith_karu_cbk_ranil

BBC News Report via Sirasa/Sandeshaya

http://www.bbc.co.uk/sinhala/multimedia/2014/04/000000_news_bulletin

Report in Front page of Sunday Ceylon Today


Saturday, November 8, 2014

කරු යනු, කකුල් කැඩුණු අශ්වයෙක් නොව තවමත් හොඳින් දිවිය හැකි අශ්වයෙකි -අවලාද වලට පිළිතුරු

 By ධනුෂ්ක පෙරේරා 

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ අනෙකාවනු ඇත්තේකවුරුන්දැ යි තවම පිටතට ප්‍රකාශයට පත් ව නොමැත. එසේ නමුත්, මෙතෙක් මහජන ප්‍රදර්ශනයට විවෘත නොවුණු තිරය පිටුපස පෙළගැසෙමින් ඇති සිදුවීම්වලින් නම් පෙනෙන්නට ඇත්තේජනවාරියේ පැවැත්වීමට වැඩි ඉඩක් ඇතිජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය බව ය. සහතිකවම, මේ මාතෘකාවට අදාළව එජාපය ප්‍රමුඛ විපක්ෂ දේශපාලනය තුල සිදු වන සංවාදයන් හි කේන්ද්‍රීය චරිතය බවට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ය. පක්ෂ නායකත්වයට එරෙහිව මීට වසර තුනකට ඉහත දී ගැසූ අසාර්ථක ව්‍යවස්ථානුකූල කැරැල්ලෙන් පසු, එජාප දේශපාලනය තුල අවලංගු කාසියක් බවට පත් වූ ජයසූරිය මහතාගේ මේ නැගිටීම, අපට සිහිගන්වනුයේ අප කුඩා කළ අසා ඇති අළුතින් නැගිටුණු ෆිනික්ස් කුරුල්ලාගේ කතන්දරය ය.
විපක්ෂයේ බොහෝ පක්ෂ, කණ්ඩායම් හි සහාය ජයසූරියගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ දැනටමත්හිමි ව ඇති මුත්, එජාප දේශපාලනය නියෝජනය කරන ඇතැමුන්ට හා රටේ සමහරෙකුට නම් එය පැහැදිලි ප්‍රශ්නාර්ථයක්ම ය. ජයසූරියගේ අපේක්ෂකත්වය නොඑසේ නම් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔහුට ඇති ඉඩ ප්‍රස්ථා ප්‍රශ්න කරන්නන් එසේ කරනුයේ කාරණා කිහිපයක් ඉදිරිපත් කරමිනි. එජාප මන්ත්‍රීවරු දාහත් දෙනෙකු සමග සන්ධාන ආණ්ඩුවට එකතු වීජයසූරිය මහතා පමණක් යළි එජාපයට පැමිණිම,  2010 මහ මැතිවරණයේ දී පබා නමින් ප්‍රකට උපේක්ෂා ස්වර්ණමාලි තරම් හෝ මනාපයක් ගම්පහින් හිමි නොවීමයනා දී කාරණාජයසූරිය ගේ අපේක්ෂකත්වය ප්‍රශ්න කරන්නන් ඔහුට එරෙහිව දමා ගසන ප්‍රධානතම බෝම්බබව පෙනෙන්නට ඇත. දේශපාලන සමාජයක් තුල විවිධ මාතෘකා සම්බන්ධයෙන් විවිධ වූ කියවීම් පැවතීම අතිශය ස්වාභාවික වන මුත්අප අවධානය යොමු කළ යුතු වැදගත් ම කාරණය වනුයේ ඒවා කෙතරම් සාධාරණ ද අසාධාරණ ද යන්න ය.
කරු ජයසූරියට එරෙහිව ඔහුගේ දේශපාලන සතුරන් මතුරන ප්‍රධානතම මන්තරයවී ඇත්තේ එජාප මන්ත්‍රීවරු දාහත්දෙනෙකු සමග ආණ්ඩුවට එකතු වී ඔහු පමණක් යළි තනිව පක්ෂයට පැමිණි බව ය. මේ තර්කය වඩාත් උත්කර්ෂයට නංවමින් ඇතැමුන් පවසන්නේ, තමන් සමග ආණ්ඩුවට එකතු වූ නවීන් දිසානායක බෑනාව හෝ යළි එජාපයට රැගෙන ඒමට කරු ට නොහැකි වූ බව ය. මතුපිටින් බලන කළ මේ චෝදනාවෙහි අසත්‍යයක් නොපෙනේ. පැහැදිලිවම දේශපාලන අර්ථයෙන් එය ප්‍රබල ප්‍රශ්නාර්ථයක්ම ය. නමුත්මේ කාරණය අප කියවිය යුත්තේ කරු ජයසූරිය ඇතුළු එම කණ්ඩායම රජයට එකතු වූ පසුබිම නොඑසේ නම් එම සන්දර්භය සමග විමසා බලමිනි.
කරු ජයසූරිය ඇතුළු කණ්ඩායමරජයට එකතුවෙත් දී එජාපය හා ශ්‍රිලනිපය අතරපැවතියේ සාමාන්‍යයෙන් ඔවුන් අතර, දැක ගත හැකි සාම්ප්‍රදායික දේශපාලන පස මිතුරුකමක් නොවේ. සතුරුකම වෙනුවට ප්‍රේමයක් ඔවුන් අතර, දළුලා වර්ධනය වෙමින් තිබුණි. රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ මහත්වරු,  2006 වසරේ ඔක්තෝම්බර් විසි තුන්වැනි දා අත්සන් කළ ඓතිහාසික අවබෝධතා ගිවිසුමඊට අවශ්‍ය පදනම සපයා තිබුණි. ඉහළ ප්‍රමුඛතා ඇතිජාතික ප්‍රශ්න හයක් පිළිබඳව , වසර දෙකක කාලයක් සඳහා රජයට සහාය දැක්වීමට එම ගිවිසුමෙන් එජාපය එකඟතාව පළ කර තිබුණි. පිටතට එසේ අහිංසක අරමුණක් ප්‍රකාශ කළ ද එජාප නායකත්වය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ද ඊට එකගවූයේ සැගවුණු දේශපාලන න්‍යාය පත්‍ර මත පිහිටා බව කිසිවෙකුට හෝ රහසක් නොවීය. සිංහල ජාතිකවාදී ව්‍යාපෘතිය නියෝජනය කළ ආණ්ඩුවේ පාර්ශවකරුවන් වූ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික හෙළ උරුමයේ පීඩනයෙන් මිදීමේ අවශ්‍යතාවක් එහිදී ශ්‍රීලනිප නායකත්වයට තිබූ අතරපක්ෂ අභ්‍යන්තරයෙහි තමනට එරෙහිව මතුවෙමින් පැවැති කැරැල්ලට තාවකාලික පිළියමක් මේ හරහා ලබා ගැනීම එජාප නායකයාගේ අරමුණ විය. ඒ අර්ථයෙන් එම ගිවිසුම  රට ගැන සිතා ඇති කර ගත් එකකට වඩා එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් ඇති කරගත් එකක් ම විය. නමුත්, මුහමලේ දී හමුදා සෙබළුන් 130ක් ඝාතනය වී තිබූ අවස්ථාවකදිගම්පතන ප්‍රහාරයෙන් නාවුක සෙබළුන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් සිටි අවස්ථාවකගාල්ලේ දක්ෂිණ නාවුක කඳවුරට ප්‍රහාරයක් එල්ල කර තිබූ මොහොතක අත්සන් තැබූ මේ ගිවිසුමේ සැගවුණු අරමුණු සෙවීමට කිසිවෙකු හෝ ගියේ නැත. රටෙහි ඒ වනවිට වර්ධනය වෙමින් පැවැති භයානක තත්ත්වය තුල රට වැසි සියළු දෙනා ඇති වූ මෙම දේශපාලන එකඟතාවය එක හඩින් අනුමත කළේය.
එජාප - ශ්‍රී .ල.නි.ප අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටපෙර ඒ සම්බන්ධව අවසාන තීරණය ගත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැතියේ 2006 ඔක්තෝම්බර් 16 වැනිදා ය. සදුදාවක පැවැති එම රැස්වීමේ දි රජය සමග අවබෝධතා ගිවිසුමකට යෑම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැහැදිලි අනුමැතිය නොඑසේනම්, එකඟතාව හිමි වූ අතරයම් ගැටළුවක් පැවතියේ නම් ඒ පැවතියේ , එය සිදු කළ යුතු ආකාරය පිළිබදව ය. එහිදී පළමුව අදහස් දැක්වූ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා සදහන් කළේ එජාපය රජයට සහාය දැක්විය යුත්තේ ඇමති ධූර රැගෙන බව ය. විජයපාල මෙන්ඩිස්මනෝ විජේරත්න, රාජිත සේනාරත්න, හේමකුමාර නානායක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් 17 දෙනෙකුගේ සහාය ලොකුගේ ගේ යෝජනාවට ලැබුණු අතරසජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ද ඒ අතර විය. ඇමතිකම් රැගෙන ආණ්ඩුවට සහාය දිය යුතු බවට ඔවුන් ගෙන ආ යෝජනාවට එරෙහිව එදා එම තීරණාත්මක රැස්වීමේ දී යම් විරෝධයක් දැක්වූයේ මාතර මහින්ද විජේසේකර ය. (එසේ නමුත්පසුව ඔහු ද කරු සමග ආණ්ඩුවට එකතු වී ඇමතිකමක් ලබා ගන්නා ලදී.) කෙසේ වෙතත්අවසානයේ දී එජාපය , ශ්‍රීලනිප ය සමග වන එකගතාවයට එක් වූයේ ඇමතිකම් ලබා නොගෙන පිටතින් සිට රජයට සහාය දැක්වීමේ පදනම මත පිහිටා ය.
එජාපය තවදුරටත් තම දේශපාලන පාරිශුද්ධතාව රැකගැන්ම වෙනුවෙන් එසේ කළ ද සෘජු සම්බන්ධයක් හා වගකීමක් නොමැති වීම තුල ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය බිඳවැටීමට වැඩි කාලයක් අවශ්‍ය නොවීය. එම ප්‍රායෝගික දුෂ්කරතාව නැති කිරීමට නම්රජය සමග එක්ව බලතල වගකීම් හා බෙදා හදා ගැනීම අනිවාර්යය විය. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය තීරණාත්මක තැනකට පැමිණ ඇති මොහොතක තව දුරටත් කර ඇරීමේ හැකියාවක් එජාපයට නොවීය. රටේ ආගමික නායකත්වයෙන් ද දැඩි බලපෑම් එල්ලමූත්එජාප නායකත්වය තීන්දු කළේ තවදුරටත් අතේ දුරින් සිටීමට ය. නමුත්, එය තම දේශපාලන විශ්වාසයන් පිළිබඳ කාරණයෙන් ඔබ්බට යායුතු මොහොතක් විය. කරු ජයසූරිය ඇතුළු එජාප මන්ත්‍රීවරු 17 දෙනෙකු ආණ්ඩුවට එකතු වූයේ එබඳු අවස්ථාවක ය. කරු ද එම කණ්ඩායම තුල සිටි තවත් එක් සාමාජිකයෙකු පමණක් වුවත්පක්ෂයේ දෙවැන්නා ලෙස එම ගොනුව නියෝජනය කිරිම තුලඔහුට නිතැනින්ම එහි ප්‍රධානත්වය හිමි වුනි. රට තුල  වර්ධනය වෙමින් පැවැති තත්ත්වය මෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ සිදු වෙමින් තිබූ යම් යම් දෑ පිළිබඳව මැසිවිලි තිබූ මුත්, “දාහත්දෙනාගේකල්ලියේ තීරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස ඔවුන් ජනතාව අතරසාධාරණීකරණය කළේ ඒ වන විට රටේ වර්ධනය වෙමින් පැවැති භයානක තත්ත්වයයි. සුප්‍රකට මාවිල් ආරු සොරොව්ව බිඳ දැමීම හා හමුදාපති සරත් ෆොන්සේකා ව ඉලක්ක කර ගනිමින් මාරාන්තික බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ මොහොතක එය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ හැකි කාරණයක් නොවීය.
රජයට සහාය දැක්වීමට තීරණය කරත් දී කිසිදු තනතුරක් නොගනිමින්එය සිදු කරන බව කරු ජයසූරිය පැවසූ මුත්පක්ෂයෙන් පරිබාහිරව මෙබදු තීරණයක් ගත් බැවින්තවදුරටත් තම මන්ත්‍රී ධූර රැක ගැනීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව ආණ්ඩුවේ තනතුරක් භාරගැනීම අනිවාර්යය වී තිබුණි. රටේ ඒ මොහොතේ පැවතියේ සෙලවෙමින් පැවැති ආණ්ඩුවකි. යම් ලෙසකින් ඒ අවස්ථාවේ දී ආණ්ඩුව බිඳ වැටුණේ නම් එය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට නැටුමක් විය හැකි ව තිබුණි. අනෙක් අතට ඒ මොහොතේ ආණ්ඩුව බිඳ වැටුණේ නම් ඒ වන විට රටේ පැවැති යුද මානසිකත්වය තුල එජාපයට පාලන බලය ලබා ගැනීමක් පිලිබඳ සිතන්නටත් නොහැකි තත්ත්වයක් මතුව තිබුණි. පාර්ලිමේන්තු බලය අස්ථාවර වී රජය ඒ මොහොතේ මැතිවරණයකට ගමන් කළේ නම් එජාපය තවත් නායයෑම ස්ථීර වී තිබුණි. යුද්ධයක් කර ගෙන යන වෙලාවේ ආණ්ඩුව වැට්ටුවායන අපවාදයෙන් එජාපය ඒ අවස්ථාවේ ගැලවුනේ කරු ඇතුළු පිරිස ගත් තීන්දුව නිසාවෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට එක් වූ මොහොතේ සිට එක් කාරණයක් සම්බන්ධයෙන් ජයසූරියට පැහැදිලි ස්ථාවරයක් විය. කිසි දිනෙක ශ්‍රී.ල.නි.ප යට එක් නොවන බව ට අධිෂ්ඨානයක් ඔහුට තිබුණි. තමන් සමග එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම නියෝජනය කළ බොහෝ ගමන් සගයින්ශ්‍රීලනිප සංවිධායකකම් භාර ගනිමින් පිල් මාරු කරත්දී ජයසූරිය එය දැඩිව ප්‍රතික්ෂේප කළේය. තමන් සමග රජයට එක් වූ චන්ද්‍රසිරි සූරියආරච්චි, පොලොන්නරුවේ තම දේශපාලන නායකයන්ව ශ්‍රීලනිපය ට සම්බන්ධ කරත් දී කරුඊට තම දැඩි විරුද්ධත්වය පළ කළේය. කරුස්ථීරවම යළි එජාපයට එක් වන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ සන්ධාන නායකයන් තේරුම් ගත්තේ එදා ය. රජයට එක් වූ පසු ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුල අපේක්ෂා කළ යුතු ආකාරයටම දැවැන්ත මඩ ප්‍රචාරයක් කරු ට එරෙහිව එජාපය දෙසින් එල්ල වූ මුත් ඔහු ඉන් කලබලයට පත් නොවීය. එජාපයට කොතරම් ලැදියාවක් ඔහු දැක්වූවා ද කියතොත්තම ඇමති වැටුපෙන් රුපියල් දහසක් සෑම මසකම පක්ෂයට බැර කිරීමට ඔහු පියවර ගත්තේය. (සෑම එජාප මන්ත්‍රීවරයෙකුම තම මාසික වැටුපෙන් රුපියල් දාහක් එකල පක්ෂයට බැර කළ යුතු විය.) ඒ ආකාරයට ගතින් සන්ධාන ආණ්ඩුව සමග සිටිය ද කරු ගේ සිත තිබුණේ එජාපයේ ය. ඒ නිසාම සමහර අවස්ථාවල දී විවිධ පදනම් විරහිත චෝදනාවන්ට ද මුහුණ දීමට ඔහුට සිදු විය. විවෘත තරඟ විභාගයක් හරහා ග්‍රාමසේවකවරු බඳවා ගත් අවස්ථාවේ දී රජයේ ඇතැමුත් ඔහුට චෝදනා කළේ යූ.එන්.පී කාරයන්ගෙන් ග්‍රාමසේවක ලැයිස්තු පුරවා ඇති බව කියමිනි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් කරු යළි එජාපයට පැමිණියේ සිරිකොතේ ඉදිරිපස දොරටුවෙන් මිස පිටුපස දොරටුවෙන් නොවේ. බලගතු ඇමති ධූරයක් හා ඊට අදාළ සියළු වරප්‍රසාද අත් හරිමින් ඔහු යළි එජාපය හා එක් වූයේ යුධ ජයග්‍රහණය ස්ථීර වී එය තහවුරු වී තිබූ මොහොතක ය. ඒ අනුව කරු ආණ්ඩුවට එක්වීම හුදු පෞද්ගලික ලාභ සන්තානය පෙරදැරිව ගත් තීරණයක් නොවප්‍රතිපත්තිමය කාරණා උඩ ගත් තීරණයක් බව සුපැහැදිලිය.
පබානමින් ප්‍රචලිත නවක නිළිය තරම් හෝ ජනතා මනාපයක් ගම්පහින් ලබා ගත නොහැකි කරු ජයසූරිය රටේ ජාතික නායකත්වයට සුදුසු දැයි ඇතැමුන් නගන තර්කය ඇත්තක් නම්, ජේ.ආර්. ජයවර්ධනටආර්.ප්‍රේමදාසටමහින්ද රාජපක්ෂට මේ රටේ නායකත්වයට පත්වීමට කිසි දිනෙක හැකියාව ලැබෙන්නේ නැත. ඒ කලින් කී සියළු දෙනාම තම දේශපාලන දිවියේ කුමන හෝ අවස්ථාවක කවුරුන් හෝ හමුවේ පරාජය වී ඇති නිසාවෙනි. ජේ.ආර් ජයවර්ධන,  ආර්. ජී සේනානායක හමුවේ වරක් පරාජයට පත් වූ අතරආර්.ප්‍රේමදාස වරක් දෙවරක් නොවඅවස්ථා කිහිපයක දීම පරාජයේ රසවිඳ තිබේ. අදරටේ දේශපාලන තරුව වී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිට පිට මැතිවරණ දෙකක දී එනම් 2000, 2001 මහ මැතිවරණවල දී හම්බන්තොටින් තරුණ සජිත් ප්‍රේමදාස හමුවේ පරාජයට පත් විය. 2000 දී මහින්ද රාජපක්ෂ ඡන්ද 88726 ලබද් දී , සජිත් ඡන්ද 98968ක් හම්බන්තොටින් ලබා ගත්තේය. 2001 දී සජිත් මනාප 92536 ක් ලබා ගනිද්දී මහින්දට වැටී තිබුණේ ඡන්ද 81855 කි. සජිත් හමුවේ පිට පිට දෙවතාවක් දෙවෙනි වීමට සිදු වුනු නිසාවෙන් මහින්දට ගෙදර යන ලෙස පැවසුවා නම් හා ඔහු එසේ කළ යුතු වූවා නම් මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයෙක් මෙරටේ බිහි වන්නේ නැත. කරු , පබා හමුවේ දෙවැනි වූ බව කියමින්  ඔහුගේ ජාතික නායකත්වය ප්‍රශ්න කරන්නන් මතු කරන තර්කයේ සත්‍යතාවක් ඇත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට දෙවතාවක් මේ රටේ අගමැතිවීමට හා වසර 20 කට වැඩි කාලයක් එජාප නායකත්වයේ රැඳී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත. 1989 දී සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැති පළමු මැතිවරණයේ දී රනිල් ගම්පහින් තේරී පත් වූයේ ජෝශප් මයිකල් පෙරේරා ට හා ජෝන් අමරතුංගට පහළින් එජාප ලැයිස්තුවේ තෙවැන්නා ලෙස ය. ජෝශප් හා ජෝන් පිළිවෙලින් මනාප 104094 ක් හා 90797ක් ලබත් දී වික්‍රමසිංහ මහතා එවර ලබා ගෙන තිබුණේ මනාප 86477ක් පමණි. එසේ ම පසුගිය මහා මැතිවරණයේ දී කොළඹින් රනිල්ට වඩා මනාප දේශපාලනයේ අඩු අත්දැකීම් ඇති විමල් වීරවංශ ලබා තිබුණි. අනෙක් අතට මේ තර්කය සජිත් ප්‍රේමදාස මහතාට අදාල කරගතහොත් 2010 මැතිවරණයේ දී තරුණ නාමල් රාජපක්ෂට හා මහින්ද අමරවීරට අඩුවෙන් මනාප ඡන්ද ලැබූ ඔහුට එජාප නියෝජ්‍ය නායකත්වය ලැබෙන්නට හේතුවක් නොමැත. ඒ නිසා දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල දෙස බලා යමෙකුගේ නායකත්ව හැකියාවන් ප්‍රශ්න කරන්නට යෑම විහිළුවක්ම ය. මැතිවරණයකදී ලැබූ මනාප ඡන්ද මත පදනම් ව යමෙකු එසේ ප්‍රශ්න කරනවා නම් කරු ජයසූරිය මහතා එජාප නායකත්වයට පත් විය යුත්තේ මීට වසර දහයකට දොළහකට ඉහතදී ය.
ජනප්‍රියවාදී දේශපාලනයට පිවිසි පළමු අවස්ථාවේ දීම 1997 කොළඹ මහ නගර සභා මැතිවරණයේ දී ඉහළ දිනුමක් ලැබූ ජයසුරිය මහතා ඉන් පසුව දිස්ත්‍රික් පදනමින් තමන් තරග කළ මැතිවරණ හතරේ දීම මනාප දෙලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය. 1999 කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කළ ජයසූරිය මහතා එවර මනාප ඡන්ද දෙලක්ෂ හැට පන්දහසේ සීමාව ඉක්මවා ගියේය. අනතුරුව ගම්පහින් තරග කළ මහා මැතිවරණ තුනේ දීම ඔහු මනාප දෙලක්ෂයේ සීමාව පහසුවෙන්ම ඉක්මවන ලදී. අප එය සඳහන් කළේ ජන හද ගැස්ම හදුනා ගත් භෞතික තලයේ නායකයෙකු ලෙස ජයසූරිය මහතාට ඇති පිලිගැනුම විස්තර කිරීමටය.
එසේ වාර්තාගත ජනතා මනාපයක් නොකඩවා ලද ජයසූරිය පබා වැනි නිළියකට දෙවැනි වීම පුදුමයක්වන මුත්පැවැති තත්ත්වය තුල ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි තරම් විය. එය රජයට එක්වීමෙන් පසු ඔහු අලියා ලකුණ යටතේ තරඟ කළ පළමු මැතිවරණය විය. ඒ නිසාම සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයන් ඔහු දෙස බැලුවේ ආණ්ඩුවට ගියා නේ යන සිතුවිල්ලෙනි. එසේම දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කොට්ඨාශ දහතුනේ ම ආසන සංවිධායකවරු සිටියේ කරු ට එරෙහි තැනක ය. උදාහරණයක් ලෙස සරත්චන්ද්‍ර රාජකරුණා වැන්නන් ආණ්ඩුවට ගිය කරු ට මනාප නොදෙන ලෙස ප්‍රසිද්ධියේ පැවසීමට තරම් එඩිතර වී සිටියහ. අනෙක් අතටකරු 2010 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නිශ්චිත මැතිවරණ කොට්ඨාශයක් නොමැති දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ය. එවැනි පසුබිමක උපේක්ෂා ස්වර්ණමාලීව දිස්ත්‍රික් ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීම තුල කරු තව දුරටත් විශාල අවදානමකට පත් වන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන්නන් පැවසූ මුත්තම පෞද්ගලික දිනුමට වඩා ඔහු පක්ෂයේ ජයග්‍රහණය වැදගත් කොට සැලකුවේය. ඒ නිසාම උපේක්ෂාව ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුල් කිරීමට ඔහු තම අනුමැතිය ලබා දෙන ලදී. එසේම මැතිවරණයට තරග නොකරජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස 2010 දී කරු ට ඉල්ලීමක් ඉදිරිපත් වූ මුත්ඔහු ඒ අවස්ථාව ජෝශප් මයිකල් පෙරේරා ට ලබා දීමට තරම් පරිත්‍යාගශීලි විය. කෙසේ වෙතත් කරුගේ ඡන්ද ව්‍යාපාරයට පක්ෂයෙන් ලැබුණු තල්ලුව සතුටු දායක මට්ටමක නොවීය. බෙහෝ දෙනෙකුට අවශ්‍යව තිබුණේ දිනනවාට වඩා ඔහු පරදිනු දැකීමටය. ඒ තත්ත්වය මැද වුව ද කරු ගම්පහින් තේරී පත් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් පළමුවැන්නා ලෙසිනි. වසර තිස් ගණනක පාර්ලිමේන්තු අත්දැකීම් සහිත ජෝන් අමරතුංග ද මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් ව සිටියේ ඔහුට සෑහෙන පසුපසිනි.
කරු ජයසුරියගේ දේශපාලන සතුරන් නිරතුරුවම, ඔහුට එරෙහිව දමා ගසන මේ චෝදනා වලට පිළිතුරු බැඳීම වැදගත් වනුයේ එය කාලීන අවශ්‍යතාවයක් ලෙස අප විශ්වාස කරන බැවිනි. මහින්ද රාජපක්ෂට එරෙහි විපක්ෂයේ සියළු පක්ෂ කණ්ඩායම් හි සහාය හිමි මහා පොදු සාධකය බවට කරු මේ වන විට පත් ව ඇත. පවතින ක්‍රමයට එරෙහිව හොඳම විකල්පය ලෙස ඔහු මතුව සිටී. කරු ජයසූරිය කෙතරම් ශක්තිමත් දේශපාලන පෞරුෂයක් දැයි තේරුම් ගැනීමට එය ම ප්‍රමාණවත් ය. පැහැදිලිවම කරු යනුකකුල් කැඩුණු අශ්වයෙක් නොවේ. තවමත් හොඳින් දිවිය හැකි අශ්වයෙකි.


Pendulum Swings Between CBK And Karu: G20 Meeting Ends Without Solution

Two schools of thought are prevailing among Parliamentarians of the UNP as to who should be the presidential candidate of the party at forthcoming polls.
Names of UNP Leadership Council Chairman Karu Jayasuriya and former President Chandrika Bandaranaike Kumaratunga have been proposed as potential presidential candidates of the UNP. Their names have been proposed in a context where the opposition leader has given his consent to make way for a common candidate presented by the main opposition party.
Although the G-20 group of the United National Party held a discussion yesterday evening to arrive at a final decision on the matter, the meeting ended without any substantial outcome. However, Jayasuriya holds an edge over the former President as some key members of the party have strictly opposed the idea of fielding Bandaranaike as the party’s presidential candidate.
Multiple sources confirmed Asian Mirror that several leading Buddhist monks have pledged to issue a statement on behalf of Jayasuriya, justifying his decision to cross over to the government in 2007, at the height of war. A UNP spokesperson said that Jayasuriya’s ability to draw the support from the Bhikkhu community of the country comes as a major advantage for him at the presidential polls.
Meanwhile, it is reported that former President Kumaratunga and Athuraliye Rathana Thera too have agreed to consider the possibility of supporting Jayasuriya’s candidature, if the UNP announces him as the runner!
However, former Chairman of the UNP and a close associate of party leader Wickremesinghe, Malik Samarawickrama and several others are still supporting the idea that former President Kumaratunga should contest the forthcoming election as the common candidate supported by the United National Party. 

Friday, November 7, 2014

Karu backed to be common candidate

Report by Indika Sri Aravinda - Colombo Gazette
Several political parties and individuals have today extended support to UNP leadership council chairman Karu Jayasuriya as the common opposition candidate at the next Presidential elections.
Sources said that the agreement was reached following talks held today with the venerable Maduluwawe Sobitha thera.
The UNP leadership has also reportedly agreed to back Jayasuriya for President at the elections expected to be held next year.
Earlier this week UNP leader Ranil Wickremesinghe had been urged not to contest for President and to instead back a common candidate.
The request had been made in a letter signed by some political parties and groups presented to Wickremesinghe, Muslim Tamil National Alliance leader and former member of the Colombo Municipal Council Azath Salley had said this week.
He said that the UNP leader had been urged in the letter to gather the support of other political parties to back a common candidate at the next Presidential elections.
Azath Salley had said that the UNP leadership had given a positive response to the letter.(Colombo Gazette)
Report by Indika Sri Aravinda

Karu to be common candidate?

From The Daily Mirror

UNP’s Karu Jayasuriya is tipped to be the Common Opposition Presidential Candidate at the forthcoming presidential election, informed sources said.
Accordingly the main opposition UNP and the JVP had already decided to support Jayasuriya as the common candidate.
It is also learnt that UNP Leader Ranil Wickremesinghe would not contest from the UNP but pave the way for a common opposition candidate. Former President Chandrika Kumaratunga and Ven. Maduluwawe Sobitha Thera had also extended their fullest support to Mr. Jayasuriya, sources added.