Tuesday, December 30, 2014

Thivanka Solangaarachchi press meet - Please don't kill my husband







BBC Sinhala

සෝලංගආරච්චි ඝාතන සැලැස්මක් තිබෙනවා - බිරිඳ

පැයකට පෙර
තම ස්වාමි පුරුෂයා අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලන්ගආරච්චි ගේ බිරිඳ තිවන්කා සෝලංගආරච්චි පවසන්නීය .
ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් ඇත්නම් නම් එසේ නොකරන ලෙස තමා ඉල්ලා සිටින බව ඇය ඊයේ, සඳුදා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
“ආරක්ෂක ලේකම් තුමාටත් ජනාධිපතිතුමාටත් ඔහු අවශ්‍යව නැතිව ඇති. නමුත් මට සහ මගේ දරුවන්ට ඔහු අවශ්‍යව ඇති නිසා ඔහුගේ ජීවිතයට කිසිම හානියක් කරන්න එපා,” ඇය ඉල්ලා සිටියාය.

ආයුධ

තම ස්වාමි පුරුෂයා ආයුධ පාවිච්චි කරන පුද්ගලයකු නොවන බව ඇය සඳහන් කළාය.
නමුත් ඔහු වැරදි දෙය දැකීමට සහ යමක් වැරදි යැයි කීමට හැකි හදවතක් ඇති පුද්ගලයකු බව කියා සිටි තිවන්කා සෝලංගආරච්චි වර්තමාන රජය එය වරදක් ලෙස දකින්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නීය.
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලන්ගආරච්චි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට එක්වූ අතර ඔහුට මේ තත්වයට මුහුණ දීමට සිදුවී ඇත්තේ එම නිසා බවයි ඇය ප්‍රකාශ කළේ.
තමා ගර්භනී තත්වයේ පසුවන බව පැවසූ ඇය දින හයක සිට ස්වාමි පුරුෂයා තමා ළඟ නොමැති බවත්, ඔහුට ගැටලුවක් ඇති වේය යන බිය නිසා ස්වාමි පුරුෂයා හා කථා කිරීමට උත්සාහ නොදැරූ බවත් ඇය පැවසුවාය.
දේශපාලනය ඒ ආකාරයෙන් සිදු කළ යුතු බවත් අවශ්‍ය නම් ස්වාමි පුරුෂයා සිරගත කරන ලෙසත් ඉල්ලා සිටි තිවන්කා සෝලංගආරච්චි මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණි කොට ඇති බව සඳහන් කළාය.

භීෂණකාරී තත්වයක්

රජය කොලොන්නාවේ භීෂණකාරී තත්වයක් මැවීමට උත්සාහ දරන බවයි ඇය කියා සිටින්නේ.
“රෑට සුදු වෑන් එනවා, සමහරු නිල ඇඳුම් ඇඳ ගෙන නෙමේ ඉන්නේ. කොලොන්නාවේ භීෂණකාරී තත්වයක් නැහැ, නමුත් වර්තමාන රජය ඒ භීෂණකාරී තත්වයක් මවා පෑමට උත්සාහ කරනවා, ”ඇය තවදුරටත් සඳහන් කළාය.
කොලොන්නාව යුද්ධය පැවතී කාලයේ යාපනය වැනි යයි පැවසූ ඇය ප්‍රබල ත්‍රස්තවාදියකු සෙවීමට මෙන් පොලීසිය මිනිත්තු පහෙන් පහට තම ස්වාමි පුරුෂයා සොයා එන්නේ යයි කියා සිටියාය.

No comments:

Post a Comment