Sunday, December 28, 2014

ඇමති විමල් එක්ක අපි ඔක්කොම ගණන් “ෆේල්” විමේ ආර්ථීක වාසිය- නාමල් සුවෙන්ද්‍ර



From pathula.com
ශ්‍රී ලංකාවේ ආර්ථීක දත්ත සහ සංඛ්‍යාලේඛණ වල නිවැරදි හා ගුණාත්මකබව පිළිබඳව ජාත්‍යන්තර ණය දෙන ආයතන ප්‍රශ්ණ කරනු ලැබුවේ එවැන්නක් සිදු නොවන බවට රජයේ සංඛ්‍යාලේඛන බලධාරින් පුන පුනා පැවසු පසුබිමකය.
නමුත්,ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නවතම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ දත්ත සංඛ්‍යා සම්බන්ධ යම් පරස්පරබවක් දක්වයි.
ලොව දිනන මඟ නමින් පසුගිය එළිය දුටු ස්වකිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පවසා ඇත්තේ මෙරට සිසුන්ගෙන් සියයට 50 ක් ගණිතය අසමත් වන බවයි.මෙයට විසදුම් සෙවිමට ඉදිරිපත් වන බව මෙහි සදහන්ය.
කෙසේ වෙතත්,ජනාධිපතිවරයාගේ නිවාස ඇමතිවන විමල් වීරවංශ (44) මහතා පසුගිය දිනක මැතිවරණ වේදිකාවකදි ලොව සරලතම ගණිත ගැටළුවක් විසදු අයුරු බැලිමේදි මෙම ගණිත දුර්වලතාවය ජනාධිපතිවරයාගේ 09 වසරක පාලන කලයටත් ඔබ්බට ගිය ඈත කාලයක පටන් එන ගැටළුවක් බවක් පෙනි යයි.
ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයට පිවිසිම නිසා කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපණය අතරමඟ නවතා දැමුවෙකු වන මෙම වීමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා මැතිවරණ වෙිදිකාවකදි පවසා සිටිවේ දෙක බේදිම දෙක උත්තරය බිංදුව බවයි.
මේ නිසා රජයේ සංඛ්‍යා දත්ත වල පවතිත්නේ යැයි කියන විෂමතාවය ගැන නගන චෝදනාවට පදනම් වන හේතුව අමාත්‍යවරයාගේ මෙම දෙක බේදිම දෙක උත්තරය බිංදුව බව වන පිළිතුරෙන් කෙනෙකුට යම් වැටහිමක් ලබා ගත හැකිය.
මෙලෙස ජාතියම ගණිතය සම්බන්ධයෙන් ඉතා දුබල බව ජනාධිපතිවරයාගේම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ම කරුණු දක්වද්දි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේම තව තැනක කරුණු දක්වන්නේ 2020 දි දුරස්ථ පාලක චන්ද්‍රවක් කක්ෂ ගත කිරිමට තම රට කටයුතු කරන බවයි.
තමන් නැවත බලයට පත් වුවහොත් ගගන තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කරන බවත් කියයි.මෙය සිය කණිටු පුත් රෝහිත රාජපක්ෂට ලංකාවේ පළමු ගගනගාමියා විමේ සිහිනය සැබෑ කිරිමේ කදිම පසුබිමක් වනු නියතය.
ජනාධිපතිවරණ වේදිකා වල මෙවර ප්‍රධාන අපේක්ෂකයින් ඉර හඳ දෙන බවට ජනයාට බුර බුරා කියද්දි ලාංකීකයින්ට මේ දෙදෙනාගෙන් කවරෙකු බලයට පත් වුවත් අභ්‍යවකාශ තරනයට කදිම පිටුවහලක් ලැබෙන බව නම් නොකිවමනාය.
මෙරට මෙම රොකට් පන්නයේ දත්ත ජාත්‍යන්තර මුල්‍යායතන ප්‍රශ්න කරනු ලැබු පසුබිමක ඔවුන්ගේ දේශිය නියෝජිතයින් විහිළුකරුවන් බවට ඇතැමි දෙනා අර්ථ දැක් වුහ.
දළ දේශිය නිෂ්පාදන දත්ත පසුගිය වසරේ තම ඉහළ නිලධාරින්ගේ බලපැම් මත වෙනස් කිරිමට සිදු වු බවට කී ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂව සිටි එචි.එස් වනසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට මේ වන වට ලක් කර ඇත.
මෙවන් පසුබිමක රජයක ඉලක්කය විය යුත්තේ ගණිතය සමත් වන ඉතිරි සියයට 50 ද අසමත් විමට සලස්වා මේ සංඛ්‍යාලේඛණ විජ්ජා පිළිබඳ නැග එන ජන විරෝධන මැඩ පැවැත්විම බව මේ මැතිවරණ සමයේ යමෙකු පැවසුවහොත් එයද පුදුම විමට කාරණාවක් නොවනු ඇත.
නාමල් සුවෙන්ද්‍ර නම්න් රන්දොර පාඨකයෙකු එවු මෙම ලිපිය හුදු ජන පහන් සංවේගය උදෙසා මෙසේ රසාස්වාදය පිණිස පළ කළ බව කරුණාවෙන් සලකන්න

No comments:

Post a Comment