Sunday, December 28, 2014

උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි


(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.28, ප.ව.9.10) සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
Copy & paste on browser:-
හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.
https://soundcloud.com/lanka-e-news-com/hadigalle-vimalasara-himi

වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.

No comments:

Post a Comment