Tuesday, December 30, 2014

නියත පරාජයට මුහුණ දී සිටින මැදමූලන මරා අවසන් රාජකාරි ලෙස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින භයානක මිනීමරුවන් 18 ක් එක වැලට නිදහස් කරලා-------

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, පෙ.ව.6.00) නියත පරාජයකට මුහුණ දී සිටින මැදමූලන මරා ජනාධිපතිවරයා ලෙස තම අවසන් කාර්යයන් අතර තව දුරටත් අවනීතිය රජ කරවන කාර්යයක් සිදුකර තිබේ. එනම් බන්ධනාගාරයේ දඬුවම් ලබමින් සිටින නමගිය මිනීමරුවන් 18 කට පසුගිය සතියේ ජනාධිපති සමාව දී ඇතැයි ලංකා ඊ නිව්ස් බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ.

මෙම මිනීමරුවන් අතර මුල් තැනක් ගන්නේ මිනීමැරුම් 9 ක් සහ මංකොල්ලා කෑම් ස්ත්‍රී දූෂනයන්ට වරද කරු වී වසර 37 ක සිර දඬුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙබෑගම ප්‍රියන්තහෙවත් දෙබෑගම ප්‍රියශාන්තහෙවත් පුච්චාහෙවත් ශාන්නමැති රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ද වූ මිනීමරුවා නිදහස් කිරීමයි.

මොහු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනිද්දී ටී-56 ගිනි අවි 1 යි, බ්‍රවුනින්ග් වර්ගයේ පිස්තෝල 1 යි, ටී-56 උණ්ඩ 22 යි, පිස්තෝල උණ්ඩ 9 යි, රම්බෝ වර්ගයේ පිහි 1 යි, ගුවන් ගමන් බලපත්‍ර 2යි, ජේ.ආර්.වර්ගයේ අත් බෝම්බ 1 යි ආදී සහිතව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකි. ඔහුට එරෙහිව නඩු 19 ක් තිබෙන අතර ඉන් 9 කට වරදකරු වී එක් එක් නඩුවකට වසර 11, වසර 9, වසර 3 ආදී ලෙස සම්පූර්ණ වසර 37 කට අච්චු විඳිමින් සිටි පුද්ගලයෙකි. තවත් නඩු විභාග වෙමින්ද තිබේ.

මෙවැන් බරපතල ඝනයේ අපරාධ කාරයෙක් පසුගිය සතියේ ජනාධිපති සමාව ලබා නිදහස් කර තිබේ. ජනාධිපති සමාව ලැබුවා යයි කීවද ඒ සම්බන්ධ ලිපියක් අදාල බන්ධනාගාරයේ ලිපි ගොනු වල නැති නමුත් බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂන ඒකකයනමින් ගෝඨාභය විසින් අලුතින් පිහිටුවා ඇති ඒකකය විසින් මොහුට ජනාධිපති සමාව ලැබී ඇතැයි පවසා බන්ධනාගාරයෙන් ඉවතට ගෙන ගොස් ඇත. ඉන්පසු ඔහු බන්ධනාගාරයට පැමිණ නැත.

මේ ආකාරයට තවත් සිරකරුවන් 17 දෙනෙකු බන්ධනාගාරයෙන් ඉවත් කරගෙන ගෙන ගොස් තිබේ. ඒ කිසිවෙකුගේ නම් Day Roster, Food Roster, Party Roster ආදී බන්ධනාගාර පොත් වල මේ වන විට නොමැත. මෙම සිරකරුවන් 17 දෙනාද පෙර කී දෙබෑගම ප්‍රියන්තමෙන්ම මිනීමැරුම් චෝදනා වලට අච්චු ලැබූවෝ වෙති.

මෙම මිනීමරුවන් 18 දෙනා බන්ධනාගාරයෙන් ඉවත් කරගෙන ගොස් ඇත්තේ රාජපක්ෂවරුන් විසින් නුදුරේදීම සිදුකිරීමට නියමිත කිසියම් අපරාධයකට බව බන්ධනාගාර නිලධාරීහු සැක කරති.

No comments:

Post a Comment