Wednesday, February 3, 2016

එජාප ප්‍රප අවබෝධතා ගිවිසුම අත්සන් කරයි: ‘ඉදිරි ගමන රනිල්ගේ නායකත්වයෙන් යනවා‘ -ෆොන්සේකා කියයි

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.03, ප.ව.5.30) එක්සත් ජාතික පක්‍ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය අතර සාමූහික ගිවිසුමට අත්සන් තැබීම අද (03) අග්‍රාමාත්‍ය නිල නිවසේ දී සිදු විය. එ සඳහා දෙපක්ෂයේ නායකයන් වන අගමැති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රප නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් විසින් අත්සන් කරන ලදී. 
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම, මහලේකම් කබීර් හෂීම්, රුවන් විජේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක ද ෆොන්සේකා මහතාගේ ලේකම් කපිතාන් සේනක ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ. 
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන නායකත්වයෙන් රටට වැඩදායී ඉදිරි ගමනක් යාම තම අපේක්ෂාව බවයි. පසුගිය ඡන්දය පෙර එක්සත් ජාතික පෙරමුණ සමග එක් නොවී තමන් තනියම ගමනක් ගිය බවද ඔහු කීවේය. 
කෙසේ වෙතත් තනියම තරඟ කළ ෆොන්සේකා මහතාට කුජීත පරාජයක් අත් විඳීමට සිදුවිය. කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය ලබා ගත්තේ ඡන්ද 5241 ක් පමණි.
එජනිස ජවිපෙ දෙජාසං මුකො ආදී සියළුම පක්ෂ පරාජිත පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ පරාජිත පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගැනීමයි. එසේ වී නමුත් සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂ මෘගයන් එළවා වත්මන් යහපාලනය ගෙන ඒම දක්වා අසාධාරණ මන්ත්‍රීධූර අහිමිවීමකට මුහුණ දෙමින් හිරේ විලංගුවේ හිඳිමින් රාජපක්ෂලාට හිස නොනමා කළ පරිත්‍යාග අමතක කළ නොහැකිය. 

No comments:

Post a Comment