Saturday, February 6, 2016

හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට - කිළි නිසා සීනිගම මහා දේවාලයත් වහලා

From Lankadeepa online - ජනත් ද සිල්වා


උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.
සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.

No comments:

Post a Comment