Friday, July 10, 2015

ඉඟුරු දී මිරිස් එපාමයි..! ලංකා ඊ නිව්ස් එදා කළ අනතුරු ඇඟවීම සත්‍ය වෙයි..! මෛත්‍රීගේ මල්ලී කුමාරසිරි සිරිසේන සහ ඔහුගේ දෙයියා මරාවාදී රංජිත් රූබසිංහ එක්ව ටෙලිකොම් ඉහගෙන කන හැටි

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.10, ප.ව.11.30) 
මින් පෙර අප විසින් රටේ බුද්ධිමත් පොදු මහජනතාවගේ අවධානයට යොමුකළ මෛත්‍රී රෙජීමයේ අදුරු සෙවනැල්ල දැන් එළිපිට ක්‍රියාත්මක වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත.
යහපාලන දෝලාවෙන් ටෙලිකොම් තුලට පාත්වුනු කුමාරසිරි  සිරිසේන එදා රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් දිවිහිමියෙන් සට්ටැඹිකම් කල මොබිටෙල්/ ටෙලිකොම් මෑන්පවර්  ප්‍රධාන විධායක නිලධාරී රන්ජිත් ගංගානාත් රුබසිංහ සමග අනියම් ප්‍රේමයක පැටලී ඇත. එම ප්‍රේමය දළුලා වැඩිමට අවශ්‍ය සියලු පොරොන්දන් ගැලපි ඇත. අන්ත දුෂිත රන්ජිත් සමග පවත්වාගෙන යන අසම්මත පෙමට වස්තු බීජය වී ඇත්තේ තම අයියා බලයේ සිටින තාක් හැකි තරම් ධනය එක් රස කිරීමේ පරම පිවිතුරු අරමුනයි. එය සාක්ෂාත් කර ගැනීමට ටෙලිකොම් මොබිටෙල් කාබාසිනියා කල රන්ජිත් රුබසිංහ, වෑගපිටිය වැනි වෙසගනුන් සමග එකට නිදා ගැනීමද කුමාරසිරි සිරිසේන වැනි ගස්ගෝරිල්ලෙකුට අමුතු දෙයක් නොවනු ඇත.
මෑතකදීම අප වෙත වාර්තා වුනු මෙම තුන් කුලුදුල් ප්‍රේමයේ තක්කඩි නැටුමක් පිලිබඳ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තමු.
පසු ගිය ජනාධිපතිවරණ සමයේදී තම රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලා දින 7 ක අඛණ්ඩ දිවා රාත්‍රී වැඩ වර්ජනයක් කල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2000 කට අධික මෑන්පවර් සේවකයන් ජනවාරි 08 වෙනිදායින් පසු බලාපොරොත්තු වුයේ ජනපතිවරණ සමයේදී යහපාලන බෝඩ් ගසාගෙන සිටි ඇතැම් ජනතා නියෝජිතයන් ඔවුන් වෙත දුන් පොරොන්දු ඉටු කරාවි යන්නය. ඔවුන් පසුගිය ජනවාරි 1 වන දින පවා රැය පහන් කලේ ටෙලිකොම් ඉදිරිපිට ලෝටස් පාරේදිය.
එම සේවකයන් කල කැපවීම් තුලින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට සාධාරණය ඉටු කරාවි යන බලාපොරොත්තුව සහිතව ජනාධිපතිවරණයෙන් පසු එම දිනය උදා වෙනකම් ඇඟිලි ගනිමින් සිටියහ. නව රජයේ අතුරු අයවැය තුලින් යෝජනා සම්මත වුයේ ටෙලිකොම් ආයතනයේ වසර 7 කට වඩා වැඩි සේවා කාලයක් සේවය කර ඇති මෑන්පවර් සේවකයන් ටෙලිකොම්හී ස්ථිර සේවයට අන්තර්ග්‍රහනය කරන ලෙසටයි. මෙය ඔවුන්ගේ ප්‍රශ්නයට යම කිසි හෝ සහනයකි. නමුත් අද දක්වා රජය දුන් තීන්දුවද ඉටු නොකර පසු ගිය 26 වෙනිදා එම සේවකයන්ට යහපාල ගෝපයියා වන කුමාරසිරි සිරිසේනද රාජපක්ෂ සරනාගත රන්ජිත් රුබසිංහද එකතු වී නපුරු සිහිනයක් පෙන්වා ඇත. මෙම මෑන්පවර් සේවකයන්ගේ වෘත්තීය සමිතිය විසින් මින් පෙර ජනාධිපති හමුවූ මොහොතේ ජනාධිපති මැදිහත් වී අදාළ සියලු පාර්ශව ගෙන්වා මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සියලු කටයුතු ජුනි 23 වෙනි දින සුදානම් කොට තිබියදී එම සාකච්ඡාව කුට ප්‍රයෝගයක් යොදා ජනාධිපති සොයුරු යහපාලන ගෝපයියා විසින් අහෝසි කොට ගෙන  එම සේවකයන්ගෙන් කොටසක් ජුනි 26 දින අදාළ මෑන්පවර් අායතනයේම ස්ථිර කිරීම කර ඇත.  එය කර ඇත්තේද BMICH හිදී මහා උත්සවාකාරයෙන් වන අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස මේ කිසිවක් නොදත් මංගල සමරවීර ඇමතිතුමාද සහභාගි කොටගෙන ඔහුවද  එම සේවකයන්ගේ අප්‍රසාදයට පාත්‍ර කොට ඇත.
මෙය අපට හෙළි වූ ආකාරය ජනතාවගේ දැනගැනීමට මෙසේ හෙලිකරමු..! 
ටෙලිකොම් වෘත්තීය සමිති ජනාධිපති සමග කල සාකච්ඡාවේදී ජනාධිපති පවසා ඇත්තේ ජුනි 15 දින ටෙලිකොම් විෂය භාර ඇමති තුමා,ටෙලිකොම් සභාපති, ප්‍රධාන විධායක නිලධාරී යන වගකිව යුතු පාර්ශව ද කැඳවා මේ පිලිබඳ සාකච්ඡා කළ යුතුය යන්නය. ඉන් පසු 15 දින සාකච්ඡාව සඳහා ජනාධිපති පැමිණ පවසා ඇත්තේ අදාළ අනෙකුත් පාර්ශවයන් නොමැති හෙයින් මෙම සාකච්ඡාව ජුනි 23 දින දහවල් 12 ට යොදා ගන්න ලෙසටය. එම අවස්ථාවේම අදාළ පාර්ශව දැනුවත් කරන ලිපිද ජනාධිපති පෞද්ගලික ලේකම් පාලිත පැල්පොල විසින් සකස් කරන ලදී. 
ඒ අනුව ජුනි 23 දින සියලු පාර්ශව වෙත ලිඛිත දැනුම දීමක් කර තිබියදී 22 සවස හදිසියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෘත්තීය සමිතිය වෙත දැනුම දී ඇත්තේ එම සාකච්ඡාව අහෝසි වූ බවය.
පසුව වාර්තාවූ කරුණු අනුව 15 දින සාකච්ඡාව කල් ගියේ ජනධිපතිගේ නව පෞද්ගලික ලේකම්තුමාගේ සම්බන්ධීකරන දෝෂයක් නිසා බව පිළිගත හැකි වුවද, ලිපිද සකස් කර අදාළ පාර්ශව වෙත යොමුකර තිබියදී 23 සාකච්ඡාව අහෝසි වුයේ මේ තුල ක්‍රියාත්මක වන මෛත්‍රී රෙජිමයේ අදිසි බලපෑම නිසාමය. මේ වන විට රන්ජිත් විසින් ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ආලෙන් වෙලාගෙන අවසන්ය. රාජපක්ෂ රජයේ කළාක් මෙන් තමාගේ අධෝමුඛය පරිත්‍යාග කොට හෝ බලයේ රැඳී සිටීමට ඇති ආශාව නිසා සහ මෑන්පවර් ලෙස මෙම සේවකයන් තව දුරටත් වහල් සේවයේ යොදවමින් ටෙලිකොම් ධනස්කන්ධය සුරා කෑමට ඇති කෑදර කමට ගස් කපමින් සිටි කුමාරසිරි සිරිසේනට මෑන්පවර් වහල් වෙළඳාමේ සුන්දර සිහිනය පෙන්වා ඔහු අන්ධ කොට ඇත.  ඔහුද අයියා බලයේ සිටින තාක් ධනය රැස්කිරීමේ පරම චේතනාවෙන් අහිංසක සේවකයන්ට රජයෙන් දුන් පොරොන්දුවද ලබා නොදී ඔවුන් සමග ගස් මාරු පෙති තෝරු  කරමින් සිටි.
කුට ප්‍රයෝගයෙන් ජනපති සාකච්ඡාව නවතාගෙන මෑන්පවර් ලොක්කා රන්ජිත් රූබසිංහ විසින් 24 දින උදැසන මෑන්පවර් සේවක කොටසකට ඔවුන්ගේ සේවය ස්ථිර කිරීමේ ලිපි පිරිනැමිමේ උත්සවයට 26 දින BMICH පැමිණෙන ලෙස දන්වා කෙටි පණිවුඩ යවා ඇත. ඉන් අනතුරුව එම සේවකයන්ගේ සුබසාධක සංගම් නියෝජිතයන් කිහිපදෙනෙකු ජුනි 24 දින ආයතනය වෙත ගෙන්වා ගෙන තිබේ. එම සේවකයන් එනතෙක්‌ පැය ගණනක් රැක සිටි සභාපති කුමාරසිරි  සිරිසේන ඔවුන් තමා වෙත ගෙන්වා ගැනීම වෙනුවට බනිස් මාලුපාන්ද රැගෙන රන්ජිත් බැලීමට මෑන්පවර් ආයතනයට ගොඩ වී ඇත්තේ එම සුබ සාධක සංගම් නියෝජිතයන් බිය වැද්දීමටය. මෙහිදී සුබසාධක සංගමේ නියෝජිතයන්ට පට්ටපල් බොරු ගොතා  තමන් ඔවුන්ගේ එකම ගැලවුම්කරු යයිද සේවකයන් වෙනුවෙන් සටන් කරන වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බයේ පස්ස දොරින් පලා යන කුමාරසිරි  ‘සේවක ප්‍රශ්න කතා කිරීමට වෙනත් අය අවශ්‍ය නැහැ ඕගොල්ලොන්ට මගේ කාර්යාලයේ දොරවල් ඇරලා‘ කියාද පවසා ඇත්තේ වෘත්තීය සමිතියට ඇති බිය නිසාමය. 
වෘත්තීය සමිතියක් සමග කළ යුතු සාකච්ඡාවක් හය හතර නොතේරෙන සුබසාධක සංගමේ නියෝජිතයන් සමග බලෙන්ම කතා කිරීම රූබසිංහගේ සහ යහපාලන ගෝපයියාගේ සුපුරුදු වංගු න්‍යායයි.  එම සාකච්ඡාවේදී 26 දින නටන්නට යන නාඩගම පිළිබඳවද පවසා ඇත. තවද පාරවල් වල කෑ ගසා පොලිසි වලින් ගුටිකන්න වෙන බව කියමින්ද යහපාලන ගෝපයියා විසින්  සුබසාධක සංගම් නියෝජිතයන් බියවද්දා ඇත. රන්ජිත් රුබසිංහ විසින් මෙම සුබසාධක නියෝජිතයන් පත් කරගෙන ඇත්තේද ඔවුන් ලවා  ඔහුගේ බලු පක්කිලි කම් කර ගැනීමටය. ඔවුන්ට ඔලුව අතගා ටොක්ක ඇනීමට රුබසිංහ ජගතාය. 
මෙම සාකච්ඡාවේදී සිදුවූ තවත් දෙයක් ඇත , එම සුබසාධක සංගම් නියෝජිතයන්  විසින් ජුනි 23 දහවල් 12.00 ට ජනපති දුන්  සකච්චඡාව අහෝසි වූ කරුණ සම්බන්ධයෙන් සභාපතිගෙන් කරුණු විමසු විට ඔහු කියා සිටියේ එදින ටෙලිකොම් වෘත්තීය සමිතියට කාලය දී නොතිබුණු  බවත් ස්වයං රැකියා අයට සාකච්ඡාවක්  එම වෙලාවේදී ලබා දී තිබු බවත් ය. පාලිත පැල්පොලට වැරදි ඇතැයිද ගොත ගසමින් පවසා ඇත. අපට අනාවරණය වූ කරුණු අනුව ස්වයං රැකියා අයට සාකච්ඡාව දී තිබුනේ උදැසන 11.30 ටය. ජනාධිපති පුද්ගලික ලේකම් පාලිත පැල්පොල විසින් ටෙලිකොම් සභාපති, ප්‍රධාන විධායක, සහ ඇමතිතුමාට යැවූ ලිපි ජනතාවගේ දැනගැනීමට මෙහි ප්‍රසිද්ධ කර ඇත. තවත් සාක්ෂි හා හඬ පට ද අප සතුව පවතී. වරද පාලිත පැල්පොලගේද එසේත් නැතිනම් තම අවලං සොහොයුරාගේද යන්න ජනාධිපතිගෙන්ද ප්‍රශ්න කල යුතුව ඇත. 
කතාන්දරය පැහැදිලිය. ජුනි 23 විසඳාගැනීමට නියමිතව තිබු ටෙලිකොම් මෑන්පවර් ගැටලුව යහපාලන ගෝපයියා වන කුමාරසිංහ සිරිසේන විසින් රන්ජිත් රුබසිංහගේ වශී බලයෙන් බන්ධනයට පත් වී සුපුරුදු තක්කඩි කම පවත්වාගෙන යන බවත් මෙයින් ජනාධිපතිවරයාත් මංගල සමරවීර ඇමතිවරයාත් එම සේවකයන්ගේ බලවත් අප්‍රසාදයට පාත්‍ර වී ඇත
මෙම තත්වය තුල ටෙලිකොම් මෑන්පවර් සේවකයන් දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර ඔවුනට බොරු පත්වීම් ලබාදුන් ජුනි 26 දිනම එම පත්වීම් ගිනිතබා ටෙලිකොම් ඉදිරිපිට දැවැන්ත එක්දින උද්ඝෝෂණයක් සිදු කල අතර ඉදිරි සතිදෙක තුල පිළිතුරු නොදුන්නොත් ඉදිරියේදී අඛන්ඩ අරගලයක් කර ජය ගන්නා බව සේවකයෝ පවසති
යහපාලන ගෝපයියා කුමාරසිරි සිරිසේන හා  රාජපක්ෂ සරණාගත රන්ජිත් රුබසිංහ ළඟදීම අබසරණ යන බව නම් කිව යුතුමය. 

No comments:

Post a Comment