Tuesday, November 4, 2014

Suzuki Alto හා Toyota වාහනවල අඩුවුණු මිල මෙන්න

From Neth FM
එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා 2015 අයවැය මගින් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල මේවනවිට පහළගොස් තිබේ.

ඒ අනුව 1,850,000 පවතී සුසුකි ඇල්ටෝ මෝටර් රථහි මිල 352,000 කින් අඩුවී තිබේ. ඒ අනුව ඇල්ටෝ රථයේ නව මිල වන්නේ 1,498,000  කි.  

ටොයෝටා හයිබ්‍රිඩ් වාහන අතුරින් ලංකාවේ අතිශය ජනප්‍රිය Aqua මෝටර් රථයේ ජාත්‍යන්තර වෙළඳපොලට එන Prius C රථය එක්ලක්ෂ විසි පන්දහසකින් පමණ අඩුවී තිබේ.

වෑන් රථ වලට හිමිවූ විශේෂ බදු සහනය යටතේ ටොයෝටා KDH වෑන් රථයක මිල 07-09 ත් අතර අඩුවී තිබේ.

මෙයට අමතරව ටොයෝටා Hilux කැබ්රථ වල මිලද ලක්ෂ හතරත් හයත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබේ.

No comments:

Post a Comment