Sunday, June 21, 2015

දවසක්ම රස්තියාදුවෙ ඒත් එයා ගිහිල්ලා


මේක ප්‍රේම කතාවක්. සෑහෙන අනුවේදනීය එකක් කිව්වොත් වඩාත් හොඳයි.අපේ ගුවන් සේවෙ ඉහළම පුටුවකට බරක් වෙලා හිටපු සිංහයෙක් වගේ මහත්තයෙක් ගුවන්සේවෙම ළඳක් සමඟ ප්‍රේමෙක පැටලිලා හිටපු බව රටම දන්න කතාවක්... 
ඉතින් ආණ්ඩු පෙරළියත් සමඟ උන්නැහේගෙ තනතුර නැතිවුණ නිසා දැන් එයා ඉන්නෙ ගෙදර. එයාගෙ ප්‍රේමයත් දියවෙලා යමින් තිබෙනවා කියලයි ආරංචි. ඒ වුණත් උන්නැහේ තවමත් අර ප්‍රේමය හොය හොයා තැනින් තැන ඇවිදිනවලු. 
පෙම්වතිය වූ තරැණිය හදිසියේම සිංගප්පුරැව පැත්තෙ යනවය කියල ලැබුණ ආරංචියක් නිසා කලබලවූ මහත්තයා කටුනායකට දුවල ගිහිල්ල පිටත්වීමේ පර්යන්තෙට වෙලා දවසක්ම හිටියලු අර තරැණිය එනකම්...
අන්තිමේ තරැණිය ආවෙ නැති නිසා පොත් පෙරළලත් බැලුවලු එයා යන එන වෙලාව... ඒත් තොරතුරක් ලැබුණෙ නැතිලු... ඔහොම උන්නැහේ එයාර්පෝර්ට් එකේ රස්තියාදු වෙනකොට එතුමගෙ ජංගම දුරකථනෙට පිටරටින් කෝල් එකක් ආවලු.. කතා කළේ අර තරැණියලු...
එයා කතා කරලා මෙහෙම කීවලු. "දැන් මම දැන් ලංකාවෙ නැහැ. ඉන්නෙ පිටරට තවදුරටත් ඔතන රස්තියාදු නොවී ගෙදර යන්න" කියන එකයි තරැණිය කියලා තියෙන්නෙ.
ඒ පණිවුඩෙන් දුකට පත්වුණ උන්නැහේ වහාම ගෙදර ගියාලු.
(දේශය අනුග්‍රහයෙන්)

No comments:

Post a Comment