කැළුම් බණ්ඩාර - ada
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර
පක්ෂ හතරක් එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා
කරවීමේ අරමුණෙන් ලබන බ්‍රහස්පතින්දා නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත.
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ
නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ, බස්නාහිර
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය,
විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික
නිදහස් පෙරමුණ හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන්
යුතු ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ මෙසේ දේශපාලන පෙරමුණට එක්ව සිටියි.
දැනටමත් මෙකී පක්ෂ 'මහින්දාගමනයට
ඔබ සූදානම්ද?' මැයෙන් මහජන රැස්වීම් මාලාවක්
පවත්වාගෙන යයි. මෙහි නායකත්වය හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ඇත.
No comments:
Post a Comment