Wednesday, January 14, 2015

කෝටි 146 ගැන වහා පරීක්ෂණයක් ඉල්ලයි

ජනාධිපතිවරණයට ආසන්න දිනකදී සමෘද්ධි අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් කෝටි 146 ක් ලබාගැනීම ඇතුළු සමෘද්ධි මුදල් කෝටි ගණනින් අවභාවිත කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ නව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි.

මෙම මූලික අක්‍රමිකතාවන්ට සම්බන්ධ ලිපිගොනු සැඟවීමට පෙර කඩිනමින් පරීක්ෂණ අරඹන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.

අද (14දා) කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමය මෙම ඉල්ලීම කළේය


No comments:

Post a Comment