Friday, January 16, 2015

ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක  නිලධාරී ලලිත්ද සිල්වා මහතා  වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට එම අයතනයේ වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව අද දින ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

 ඉතා දූෂිත නිලධාරියකු ලෙස සැලකෙන ලලිත් ද සිල්වා පසු ගිය රාජපක්ෂ පාලන සමයේදි  මෙන්ම ජනාධිපතිවරණයේදී ද රාජාපක්ෂ රෙජිමය ‍රැක ගැනීම වෙනුවෙන් මෙම ආයතනයේ  රුපියල් කෝටි ගනනක මුදල් වැය කළ බව මේ වන විට හෙළිව තිබේ.

අදාල වෘත්තීය සමිති විසින් පෙන්වා දෙනු ලබන ආකාරයට ශ්‍රීලංකාවේ ඉහළම මාසික වැ‍ටුපක ලබන විධායක නිලධාරියා වන්නේ ලලිත්ද සිල්වාය. එය රුපියල් කෝටියකි. ඒ සියලු බදු කැපා හැරීමෙ පසුය. එසේම මොහු  බී.එම්. ඩව්ලිව්, බෙන්ස්, මොන්ටෙරෝ හා අවුඩි  යන වෙළඳ නාම යටතේවන අති සුඛෝපභෝගී රථ 4ක් පාවිච්චි කරනු ලබන අතර ඒ සඳහා වන ඉන්ධන හා නඩත්තු වියදම් සියල්ල  ටෙලිකොම් ආයතයෙන් දරනු ලැබීය.

එමෙන්ම ටෙලිකොම් ආයතනයෙන්ම මාසිකව ගෙවනු ලබන සුපිරි නිවසක් යුනියන් ප්ලේස්, අංක 51 එම්පයර් රෙසිඩෙන්සී හී මොහු වෙනුවෙන් වෙන්ව පවතීයි. මේ සඳහා මාසිකව ලක්ෂ 8ක මුදලක් වැය කර තිබේ.

No comments:

Post a Comment