Saturday, February 27, 2016

Another MR1 Stooge Waiting In Line?

by Emil van der Poorten
From The Sunday Leader
Recently there has been a rumour floating around and published on at least one website that one of the chief apologists of the Mahinda Rajapaksa (MR1) regime is to be appointed as a ‘media advisor’ to Sri Lanka’s current President. Further investigation suggested that this was simply speculation.  The very fact that such an outlandish appointment might occur is, very unfortunately, indicative of the public perception of the path that the current regime has chosen to tread since its ascent to power.

The individual I am about to refer to was not only an apologist for MR1 but actively defended and promoted the worst excesses of that regime. It hasn’t ended there because he continues to be EMPLOYED by the Rajapaksa family, at their primary English print journal as its head honcho.
A little sidebar about the newspaper in question might be appropriate here.  It was losing substantial amounts of money as part of one of the largest business conglomerates in this country. Its chairman stated this fact at the last Annual General Meeting held while the broadsheet was still under their ownership. Soon after, they managed to dump this albatross from around their collective neck and the next time it hit the headlines was when its editor, for the crime of coming across as critical of the MR1, was assaulted within an inch of his life and, when he was sufficiently recovered, fled Sri Lanka for the United Kingdom where he has remained incommunicado since for fear of his life.
What is even more interesting about that anecdote is the fact that Mahinda Rajapaksa went out of his way to proclaim, on the record, that his horde could not, in any way, be responsible for this atrocity because the newspaper ‘belongs to us,’ namely the Rajapaksa Royal Family. Until then, that particular cat was not completely out of the bag because, even though the new owner was listed as a Rajapaksa, there was nothing to suggest that he belonged to the Royal Family.
Needless to add, the fortunes of that paper appear to have taken a dramatic turn for the better from the time of the take-over and one could, perhaps, be forgiven for speculating that this was because government advertising is considered the very lifeblood of the Sri Lankan media. The staffing of that journal was but a piece of some grand plan to control all the media in Sri Lanka.
I first encountered this individual during his partnership with the most abusive and boorish of journalists (even by Rajapaksa standards) at what turned out to be a relatively short-lived English language weekly better known for its roots in the gaming industry.  I had the temerity to ask in something I wrote to another journal that I needed assistance in differentiating the monkey from the organ grinder in this duo. Did all hell break loose! They went after me with all guns blazing, zeroing in on the fact that Frederica Jansz had chosen to apply the appellation to me and my column in The Sunday Leader of ‘Renaissance Man.’ A whole slew of allegedly genuine (Sinhala Buddhist) Renaissance Men were trotted out with their credentials none of whose names I can recall despite their supposed residence among the gods of multiple talents.
While I have been compelled by circumstances to be a Jack of All Trades in two totally different parts of the world, the choice of ‘Renaissance Man’ to identify me in the paper she edited was entirely Frederica Jansz’s.
I worked in a widely disparate variety of environments in the land I called home for better than three decades after being forced to leave the land of my birth. This ranged from working with farmers and ranchers in the southern reaches of Alberta to community development work with responsibility for providing tools of empowerment to aboriginal communities in the north. I must have done something right because the city in which I lived prior to my return to Sri Lanka better than a decade ago deemed it appropriate to present me with a formal letter of appreciation for the services I had provided the people of the city in which I lived.
A short while before my departure for Sri Lanka, I was, I believe, the only person of Sri Lankan origin in Canada to have been awarded a gold medal for ‘service to the community.’ This was a direct result of nomination by my political opponents in the Liberal Party against whom I had worked both in the city in which I lived and managing election campaigns in several parts of Canada, inclusive of the Yukon Territory, for their primary opponents, the New Democratic Party.
This is but a thin slice of what I have done and if it sounds like a second volume of the late Norman Mailer’s ‘Advertisement for myself,’ so be it! All of it can be substantiated and it is being inflicted on you in anticipation of yet another abusive diatribe from those self-styled arbiters who arrogate unto themselves who or what one is called or calls oneself! I wouldn’t be surprised, either, if this middle-aged (?) adult father who has demonstrated the habit of leaping to sonna boy’s defence when he figured it was necessary, comes charging out of his mouldy Trotskyist beginnings to take a swipe at me, as he was wont to do in the not too distant past when he thought the apple of his eye was at risk!
Also, it is said that the best form of defence is offence and when you are faced with the worst kind of media hack, one of whose more recent achievements was an abject apology, on the record, in one of the highest courts of law in this country for defaming an honourable and respected retired Civil Servant one can’t take too many chances! Incidentally, that apology constituted an admission that the ‘journalist’ concerned had published this calumny knowingit not to be true.

තාජුඩීන් මරලා දැන් මොකද වෙන්නේ?

හේමන්ත රන්දුණු
රටේ මහත් ආන්දොaලනයට තුඩු දුන් රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය අනතුරක්‌ නිසා සිදුවූවක්‌ නොවන බවත් එය ඝාතනයක්‌ බවත් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා තීරණය කළේය.

තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දින තිහක්‌ ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේය.

තාජුඩීන්ගේ මරණය සිදුවන්නේ ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම් කාලයේදීය.

එතැන් සිට වසර හතරක්‌ තිස්‌සේ තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූවක්‌ ලෙස වාර්තා වී තිබුණේය. හාස්‍යයට කරුණ වන්නේ තාජුඩීන් මියගොස්‌ වසර හතරක්‌ ගත වනතුරු එය මිනීමැරුමක්‌ බව නිගමනය නොකිරීමය.

තාජුඩීන්ගේ මරණයේ සිද්ධිය උඩු යටිකුරු වීමට හේතුව මේ වනවිට මුළුරටම දන්නා කරුණක්‌ බවට පත්වී ඇත. කෙසේ වෙතත් තාජුඩීන්ට පහරදී කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

එසේ නම් තාජුඩීන් ඝාතනය කළේ කවුරුන්ද? ඔහු මරා දමන්නට හේතුව කුමක්‌ද? මෙතෙක්‌ සැකයට භාජන වී තිබෙන මේ කරුණු කාරණා හෙළිදරව් කර මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමේ සම්පූර්ණ වගකීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුය. 

තාජුඩීන්ගේ මරණය ඝාතනයක්‌ බවට අධිකරණය තීරණය කිරීමත් සමඟම වැදගත් තොරතුරු රැසක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගලා එමින් තිබෙයි. සත්‍ය දැක දැක වසර 4 ක්‌ තිස්‌සේ නිහඬව සිටි නීතිගරුක පුද්ගලයන් තාජුඩීන්ට සාධාරණයක්‌ කිරීමට ඉදිරිපත්ව සිටිති.

ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් බිහිවූ අති දක්‍ෂ රගර් ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන් කලක්‌ ජාතික කණ්‌ඩායමේ උපනායකයා ලෙසද කටයුතු කළේය. වසර කීපයක්‌ තිස්‌සේ පිට පිටම රටේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා ලෙස තේරී පත්වූ තාජුඩීන් හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සමාජයේ ජනප්‍රියම තරුව බවට පත් ව සිටියේය.

හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජයට බැඳී ක්‍රීඩා කිරීම තම ජීවිතයේ අවසානය සනිටුහන් කර ගැනීමට හේතුවනු ඇතැයි තාජුඩීන් මොහොතකටවත් නොසිතුවා විය යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත සමග පාසල් කාලයේ සිට එකට රගර් ක්‍රීඩා කළ තාජුඩීන් ඔවුන් සමීපව ඇසුරු කළේය.

අයුක්‌තිය අසාධාරණය හමුවේ තාජුඩීන් හැමවිටම නැඟී සිටියේය. අසාධාරණයක්‌ සිදුවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම පුද්ගලයකු සමග සටනට යැමට තාජුඩීන් දෙවරක්‌ සිතන්නේ නැත. 

රාජපක්‍ෂ සොහොයුරන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් තාජුඩීන්ට රිස්‌සුවේ නැත. ඔවුන් ජනාධිපතිවරයාගේ පුත්‍රයන් කියා තාජුඩීන් විශේෂ මිත්‍රත්වයක්‌ පවත්වාගෙන යැමට උත්සාහ කළේද නැත. 

මේ අතර හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය තමන් වෙත අයිති කරගන්නට පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකු උත්සාහ ගත්තේය. රගර් ක්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කළ මේ දේශපාලනඥයා ඒ වෙනුවෙන් මහා ධනස්‌කන්ධයක්‌ ද වියදම් කළේය. 

හැව්ලොක්‌ස්‌ රගර් සමාජය මේ දේශපාලනඥයා අතට පත්වීමේ සැලසුමට ප්‍රධානම බාධකය වුණේ වසීම් තාජුඩීන්ය.

ඒ වනවිට හැව්ලොක්‌ රගර් කණ්‌ඩායමේ සුපිරිම තරුව බවට පත්ව සිටි තාජුඩීන් එම ක්‍රීඩා සමාජයේද ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටියේය.

"හැව්ලොක්‌ස්‌ ක්‌ලබ් එක උන්ට අයිති වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. උන්ට මොන බලයක්‌ තිබුණත් අපි ඒවට බය වෙන්නෙ නැහැ. 

වසීම් තාජුඩීන් හැමවිටම තම සමීප මිතුරන්ට මේ බව කීවේය. හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල ඒ වනවිට සීතල යුද්ධයක්‌ බවට පත්ව තිබුණේය.

තම අභිමතාර්ථයන්a ඉටු කර ගැනීමට එරෙහිව නැඟී සිටින වසීම් තාජුඩීන් කරලියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලනඥයා ප්‍රමුඛ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් සැලසුම් සකස්‌ කරන්නේ මේ අතරතුරදීය. 

සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක්‌ සතුව තිබූ මේ තරුණ දේශපාලනඥයාට වසීම් තාජුඩීන් හාල්මැස්‌සෙකු බඳු විය. බලය තිබූ කල මොළය නැත්තකු ලෙස කටයුතු කරයි යන කියමන සැබෑ කරමින් මේ තරුණ දේශපාලනඥයා තාජුඩීන් අවසන් ගමන් යෑවීමට තීන්දු කළේය. 

මේ දේශපාලනඥයා ප්‍රමුඛව ඔහු වටා සිටි ගෝලබාලයන් එදා කටයුතු කළේ සදාකාලිකව දේශපාලන බලය ඔවුන් සතුව තිබෙනු ඇතැයි සිතාගෙනය. බලයෙන් අන්ධ වී සිටි මේ පිරිස වසිම් තාජුඩීන් අවසන් ගමන් යෑවීමට කටයුතු කළහ.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා වසීsම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසට යන්නේ එහි පැවැත්වූ පුංචි සාදයකට සහභාගි වීමටය.

සාදය අතරතුර තාජුඩීන් ට සිය මිතුරකුගෙන් ඇමතුමක්‌ ලැබෙන්නේය. ඒ අනුව තාජුඩීන් එදින මධ්‍යම රාත්‍රියේ කිරුළපන බලපොකුණ ප්‍රදේශයට ආවේය. ඒ මිතුරාගේ දුරකථන ඇමතුමට අනුවය.

එහෙත් තාජුඩීන්ට සිදු වුණේ නොසිතූ දෙයකි. මග රැක සිටි සන්නද්ධ පුද්ගලයන් අට දෙනකු තාජුඩීන් සිය ග්‍රහණයට ගත්හ.

ඔවුන් තාජුඩීන්ට යකඩ පොලුවලින් පහර දුන්හ. අතපය කඩා දැමූහ. මුහුණ පොඩි වනතුරු පහරදී දත් කඩා දැමුවෝය.

පසුව තාජුඩීන්ගේ මෝටර් රථයේම ඔහුගේ සිරුර දමාගෙන කිරුළපන ශාලිකා ක්‍රීඩාංගණය අසලට පැමිණ සන්නද්ධ පිරිස මාර්ගයෙන් ඉවතට මෝටර් රථය දමා ඊට ගිනි තැබූහ. රටේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කළ මේ නරුම රැල එදා කිරුළපන ප්‍රදේශයෙන් පිටව ගියේ මේ ඝාතනය සදාකාලිකව වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි සිතමින්ය.

පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන්පසුවය. එවකට බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළේ අනුර සේනානායකය. කොළඹ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වුණේ එස්‌. ඒ. ඩී. එස්‌. ගුණවර්ධනය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වන්නටත් පෙර ඔවුන් නිගමනයකට එළැඹ සිටියහ. පොලිසිය එදා පුන පුනා කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදුවී ඇත්තේ හදිසි අනතුරක්‌ නිසා බවය. 

එදා පොලිසිය කටයුතු කළේ සර්ව බලධාරී දෙවියන් වහන්සේලාගේ කැමැත්ත අනුවය. මරණ පරීක්‍ෂණ වාර්තාව හෝ රස පරීක්‍ෂක වාර්තාවක්‌ ඉදිරිපත් වුණේ නැත. නාරාහේන්පිට, පොලිසිය එදා කටයුතු කළේ තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූවක්‌ බවට පූර්ණ නිගමනය මත සිටය.

පසුගිය 2015 වර්ෂයේ ජනවාරි මස 08 වැනිදා රටේ මහා විප්ලවයක්‌ සිදු වුණේය. කිසි දිනෙක පරාජයට පත් නොවනු ඇතැයි සිතා සිටි රාජපක්‍ෂ පාලනය පරාජය කර මෛත්‍රිපාල සිරිසේන බලයට ආවේය.

එතැන් සිට පොලිසිය නැවත නීතිමය රාමුව තුළට පැමිණ කටයුතු කිරීම ආරම්භ කළේය. රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ අභිරහස්‌ මිනී මැරුම්, පැහැරගෙන යැම්,s අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වූ සිද්ධීන් එකින් එක කරලියට එන්නට පටන් ගන්නේ එතැන් සිටය.

අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌ වූ වසීම් තාජුඩීන්ට සාධාරණය ඉෂ්ඨවන්නට පටන් ගත්තේ එතැන් සිටය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ පළපුරුදු නිලධාරීන් පිරිසක්‌ වෙත භාර කෙරෙන්නේ පොලිස්‌පතිවරයාගේ නියෝග මතය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම අඳුරේ අතපතගෑමත් බඳු විය. ඒ වන විට තාජුඩීන් මරණයට පත් වී වසර තුනකට ආසන්න කාලයක්‌ ගත වී තිබුණේය.

එවකට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ කර නොතිබීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරගෙන යැම බෙහෙවින් අසීරු කටයුත්තක්‌ විය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීතිගරුක නිලධාරීන් වසීම් තාජුඩීන්ට සාධාරණයක්‌ ඉටු කර දීමේ කාර්ය ලෙහෙසියෙන් අතහැරියේ නැත.

මාස ගණනක්‌ තිස්‌සේ ඔවුන් සිදු කළ වෙහෙස කර පරීක්‍ෂණවල ප්‍රතිඵල අවසානයේ නෙළා ගත්තේය. තාජුඩීන් පැහැරගෙන යන අයුරු සටහන් වූ සී. සී ටී. වී. දර්ශන රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වූවන් එහි තිරය පිටුපස සිටි ප්‍රබල තරුණ දේශපාලනඥයා ඇතුළු සහචරයන් සිදු කළ දුරකථන සංවාදවලට අදාළ තොරතුරුද සොයා ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණේය.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ කරගෙන යැමේදී ඊට එරෙහි වූවන් බලපෑම් එල්ල කරන පුද්ගලයන් පරීක්‍ෂණයයට යෑවීමට නොගත් උත්සාහයක්‌ නැත. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂතාව නිසාම අවසානයේදී තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ බව අධිකරණයේ තීරණය ගැනීමට හැකි වුණේය.

පරීක්‍ෂණවලින් හෙළි වී ඇති අන්දමට තාජුඩීන් ඝාතනය පිටුපස සිටින්නේ එවකට රජයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් අටදෙනෙකි. ඝාතනය මෙහෙයවා ඇත්තේ ප්‍රබලම දේශපාලනඥයකුගේ රියෑදුරකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින්ය.

මෙම හමුදා නිලධාරියාගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කළ රහස්‌ පොලිසිය ඝාතනය සිදු වූ අවස්‌ථාවේ ඔහු එම ස්‌ථානයේ රැඳී සිට ඇති බව හෙළි කර ගත්තේය. එමෙන්ම තාජුඩීන් මරා දැමීමට පෙර දින එනම් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා දහවල් ද මෙම හමුදා නිලධාරියා මෙම ඝාතනය සිදු කිරීමට සැළසුම් කර ඇති ස්‌ථානය වෙත ගොස්‌ එය පරීක්‍ෂා කළ බවට සාක්‍ෂි පොලිසිය සොයා ගත්තේය.

තාජුඩීන් මරා දැමීමෙන් පසු මෙම හමුදා නිලධාරියා ඒ පිළිබඳව හම්බන්තොට ප්‍රදේශයේ සිටි තරුණ දේශපාලනඥයාගේ ආරක්‍ෂක රථය වෙත තොරතුරු ලබා දුන් බවද මේ වන විට හෙළි වී තිබෙයි.

ඊට අමතරව තාජුඩීන් මරා දැමීම ඔප්පු කළ හැකි සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය සතුව පවතියි.

වසීම් තාජුඩීන් පැහැර ගෙන මෝටර් රථයේ දමාගෙන රැගෙන යන අයුරු සටහන්ව ඇති සී. සී. ටී. වී. දර්ශන රහස්‌ පොලිසිය සොයා ගත්තේ ඉමහත් වෙහෙසක්‌ දරමින්ය.

මෙම සී. සී. ටී. වී. දර්ශන අපැහැදිලිබැවින් ඒවා පරීක්‍ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලය වෙත භාර දීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය. තාජුඩීන් පැහැරගෙන මෝටර් රථයේ දමා ගත් පුද්ගලයන් දෙදෙනකු ගමන් කරන අයුරු හඳුනා ගැනීමට හැකි වුවද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනාගේ මුහුණු අපහැදිලි බව විශ්වවිද්‍යාලය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සී. සී. ටී. වී. දර්ශන විදේශ රටක අපරාධ පරීක්‍ෂණ ඒකකයක පරීක්‍ෂාව සඳහා යෑවීමට අධිකරණයෙන් නියෝගයක්‌ ලැබුණේය.

මේ වන විට තාජුඩීන් ඝාතනයේ සියලු තොරතුරු හෙළි කර ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටියි. මේ ඝාතනයට සම්බන්ධ දේශපාලනඥයන්ට නීතිය මග හැර යා නොහැක. අත්අඩංගුවට ගැනීම වළක්‌වා අපේක්‍ෂිත ඇප ලබා ගැනීමටද නොහැක. ඒ මන්දයත් මේ දේශපාලනඥයන්ට එල්ල වී ඇත්තේ අපේක්‍ෂිත ඇප ලබා දිය නොහැකි තත්ත්වයේ බරපතළ චෝදනාවන්ය. මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදු වන්නේ තරුණියන් මුල් කරගෙන ඇති වු ආරවුලක්‌ නිසා බවට කලින් සැකයක්‌ මතුව තිබුණේය.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වූයේ තරුණියගේ ප්‍රශ්නය තාජුඩීන් ඝාතන පරීක්‍ෂණය වෙනත් මගකට යොමු කිරීමට ගෙතූ බොරුවක්‌ බවය.

රටේ නීතිගරුක පුරවැසියකු වු මොහොමඩ් වසීම් තාජුඩීන්ට සාධාරණයක්‌ ඉටු විය යුතුය. රගර් ක්‍රීඩාවෙන් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කළ මේ කඩවසම් ක්‍රීඩකයාට සිදු වූ මහා අසාධාරණයට ඔහුට නිසි සාධාරණයක්‌ ලැබෙනතුරු රටේ නීතිගරුක පුරවැසියන් බලා සිටිති.

President walks around Singapore without security (Images)

From SL Mirror
President Maithripala Sirisena, who went to Singapore this morning (27) was seen walking freely in the streets without his usually present security contingent.


The President had gone to visit Health minister Rajitha Senaratne, who is recovering at the Mount Elizabeth hospital in Singapore after undergoing a surgery yesterday.

Meanwhile, minister Sarath Fonseka too, had left for Singapore this morning to visit minister Senaratne.



ඇමැතිකම නමට විතරලූ කබීර් පරළ වෙයි

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට ප‍්‍රබලම කැබිනට් ඇමැති ධුරයක් ලැබී තිබුණ ද එය නමට පමණක් සීමා වූ ඇමැතිකමක් වීම නිසා හෂීම් මහතා ඊට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

මෙම ඇමැති තනතුරට අදාළව ආයතන වෙන් කිරීමේ දී රාජ්‍ය බැංකු ඇතුළු ප‍්‍රබල රාජ්‍ය ආයතන තිස් ගණනක් අයත්ව තිබිණි.

එහෙත් හෂිම් මහතාට මේ වන තෙක් තම විෂය පථය යටතේ ඇති කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හෝ එකදු සංස්ථාවක හෝ නිලධාරියකු පත් කර ගැනීමට හෝ හැකියාවක් ලැබී නොමැත.

එම ආයතනයන්හි ඉහළ තනතුරු දින සියයේ ආණ්ඩු සමයේ දී මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් පුරවනු ලැබූ නමුත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ දී අගමැතිවරයා හෂිම් මහතාට දැනුම් දී තිබුණේ ඊට සුදුසු පුද්ගලයන් පත් කර ගන්නා ලෙසය. එහෙත් රවී කරුණානායක මහතා විසින් පත් කරනු ලැබු කිසිදු නිලධාරියකු එම තනතුරුවලින් ඉවත් නොවූ අතර මේ සම්බන්ධයෙන් හෂීම් මහතා කරුණානායක මහතාගෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ එම නිලධාරීන් කිසිවකු හෝ ඉවත් නොකරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.

මේ තත්ත්වය මත සත්‍යය පවසන්නේ අගමැතිවරයා ද කරුණානායක මහතා ද යන්න තෝරාගත නොහැකි බැවින් ඉදිරි සතිය තුළ දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව කබීර් හෂීම් මහතා තම හිතවතුන් සමඟ පවසා ඇත.

බැසිල් නාමල් මෛත‍්‍රී පිලට

සුභාෂ් ජයවර්ධන

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට හා බැසිල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල තනතුරු දෙකක් ලබා දීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි.

රාජපක්ෂ යුගයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි චරිත හේරත් මහතාගේ අභාවප‍්‍රාප්ත පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට පැමිණ සිටි ශ‍්‍රීලනිපයේ දෙපාර්ශ්වයේ නායකයන් අතර වූ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් මූලික අදහසකට පැමිණ ඇත.

මෙම අවමංගල්‍යය සඳහා ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් ගණනාවක් සහභාගි වූහ. එම දින කිහිපයේ දී මෙම දෙපාර්ශ්වයේ නියෝජිතයෝ ශ‍්‍රීලනිපයේ ගැටලූව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් එම නිවසේ දී සාකච්ඡා ගණනාවක නිරත වූහ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ නියෝජ්‍ය ලේකම් තනතුර ලබා දිය යුතුව ඇත. දුමින්ද දිසානායක මහතා ප‍්‍රධාන ලේකම්වරයාව සිටීම සම්බන්ධයෙන් මහින්දවාදීන්ගේ විරෝධය පළ කර නොමැත. එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කැමැත්ත ද පළව තිබේ. එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී මෙම දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මෛත‍්‍රී පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබුණ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වී තිබිණි.

පසුගිය දින කිහිපය තුළ දී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙස මෛත‍්‍රී පාර්ශ්වයට ඉදිරිපත් කර තිබුණේ ශ‍්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුර ඔවුන්ට හිමි විය යුතු බවය. එමඟින් දෙපාර්ශ්වය අතර විශ්වාසය ගොඩනංවා ගත හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය පැරදවීමට නම් දෙපාර්ශ්වයටම කැපකිරීම් කිරීමට සිදු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානීන්ගේ මතය වී තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ශ‍්‍රීලනිපය දෙකඩ වීම වළක්වා එජාපය පැරදවීමය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන තනතුර සම්බන්ධයෙන් තවම නිශ්චිත එකඟතාවක් නොමැති බවත් වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ හිටපු ජාතික සංවිධායකවරයා වේ. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා තමන් අපේක්ෂා කරන තනතුර සම්බන්ධයෙන් ද තවම අදහසක් ප‍්‍රකාශ කර නොමැති බවත් දැන ගැනීමට තිබේ.

මෙම තනතුරු ලබා දීම සඳහා යෝජනා වී තිබෙන නාමල් රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබෙන අතර මේ එකඟතාව හරහා ඒවා යටපත් කර ගැනීමේ අවදානමක් ද මතු විය හැකිය. ඇතැම් විට මේ නම් දෙක යෝජනා වන්නේ ද එම පරීක්ෂණ කටයුතු යටපත් කර ගැනීම් වෙනුවෙන් විය හැකිය.

ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සම්බන්ධයෙන් වන මහින්ද රාජපක්ෂ පවුලෙන් එල්ල වන තර්ජනාංගුළියෙහි පදනම වන්නේ තම පවුලේ සාමාජිකයන් කිහිප දෙනා පමණක් බේරා ගැනීම බව පසුගිය කාලයෙහි දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබීය. මන්ද මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලන වශයෙන් කලබල වී වෙනම පක්ෂයක් තැනීම සඳහා ක‍්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟය. ඔහු වෙනුවෙන් සේවය කළ බොහෝ දෙනකු අත්අඩංගුවේ පසු වූවද රාජපක්ෂ මහතා ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Red chillies from India, poisonous!

From Sathhanda/SL Mirror

The Australian government has informed Sri Lanka's Export Development Board that red chillies imported to the country from India contains chemicals harmful to humans, the 'Sathhanda' newspaper reports.


The Australian government had made this notice after doing a sample test of chillie paste exported to Australia from Sri Lanka, the newspaper adds.

The chillie paste samples sent for exporting has been rejected.

In this backdrop, the red chillies imported from India poses a health risk to consumers in Sri Lanka as well.

The newspaper further reports as follows :

Banned herbicides

India still uses certain herbicides banned for red chillie cultivation in Sri Lanka.

Herbicides including Glyphosate are still being used in India and Lankan authorities are yet to intervene and prevent the local consumer from consuming these contaminated red chillies.

Speaking to 'Sath Handa' on this regard, the head of the Food Research Unit Department of Agriculture Sri Lanka - Dr. K.H. Sarananda has emphasised that imported red chille stocks should be inspected properly before being released to the local market.

Initial warning

The Australian government had made a similar warning four years ago, informing local authorities that red chillies in the local market were not fit for human consumption.

Since then, the Australian government had warned their citizens against consuming chillie paste exported to the country from Sri Lanka.

මෛත්‍රීට මුලදි රහ වී පස්සෙ වහ වුණු වෙබ්

වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.
වෙබ් අඩවි පුවත් කියවීම හෝ නොකියවීම ඔහුගේ පෞද්ගලික කාර්යයක් වන අතර පොදුවේ වෙබ් අඩවි කෙරෙහි ඔහු එල්ලූ 'කැලෑ පත්තර' බෝඩ් ලෑල්ල පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් වශයෙන් අපට ද පැවසීමට යමක් තිබේ.
පළමුව ම අප ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ලියාපදිංචි වෙබ් මාධ්‍යවේදීන් වෙමු. වෙබ් අඩවි යනු කැලෑ පත්තර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ පවතින රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි කැලෑ පත්තර ලියාපදිංචි කිරීමේ අංශයක් පවත්වාගෙන යන්නේ ඇයිදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.
දෙවනුව මීට වසරකුත් මාසයකට පෙර මේ රට පැවති අයුරු පිළිබඳව සිහිපත් කිරීමට කැමැත්තෙමු. එවකට නීතිය කැලෑ වැදී තිබුණු අතර කැලෑ නීතිය රජ වී තිබිණි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දියුණු මිනිස් සංකල්ප වෙනුවට ඇහැට ඇහැක් දතට දතක් වැනි ගෝත්‍රික සංකල්ප සමාජය වෙළාගෙන තිබිණි.
කෙටියෙන් ම පවසන්නේ නම් රටම කැලෑ වැදෙමින් තිබිණි. සමාජයක් ලෙස කැලයට ඇදෙනවා වෙනුවට කැලයෙන් එළියට උඩුගම් බලා පිහිනීමට අධිෂ්ටාන සම්පන්න වූ මිනිසුන් පිරිසක් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂයා ලෙස තෝරා ගැනීම සහ ඔහුට සහය පළ කිරීම කරන ලදී.
එවකට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් සියල්ලම පාහේ වරදානයන් උදෙසා හෝ බිය නිසා හෝ මුළුමනින් ම පාහේ සහයෝගය පළ කරන ලද්දේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාටය. ඔවුන් ඔහුගේ වන්දිභට්ට ගීතිකා සහ ජාතිවාදී ඇමුණුම් සමඟ වූ බොරු පොරොන්දු වපුරමින් සිටිය දී මෛත්‍රීපාල මහතාගේ සහයෝගය වෙනුවෙන් මෙන් ම සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම වෙනුවෙන් ජීවිත අවදානම පවා නොසළකා ක්‍රියා කළේ අතළොස්සක් වූ වෙබ් අඩවි පමණකි. එදා එසේ වූ වෙබ් අඩවි අද මෛත්‍රීපාල මහතාට කැලෑ පත්තර වී තිබේ.
එදා ඔහු වෙනුවෙන් ක්‍රියාකාරී වූ වෙබ් අඩවි සහ මාධ්‍යවේදීන් ඔහුගෙන් වරදාන බලාපොරොත්තු වූයේ නැත. ඔවුන් බලාපොරොත්තු වූයේ මාධ්‍ය නිදහස පමණි. එවන් වටපිටාවක් තුළ යාන්තම් වසරක් ඉක්මයද්දී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදුවේ වෙබ් අඩවි යනු කැලෑ පත්තර බව අසා ගන්නට සිදුවීම එතරම් ප්‍රියජනක අත්දැකීමක් නොවේ.
එසේම ජනපතිවරයා හොඳින්ම දන්නා කාරණය වන්නේ තමන් ගොඩනැගූ විකල්ප මතධාරී වෙබ් අඩවි තමන් ජනතා විරෝධී කාර්යන් සිදුකරන විට තමන්ටද නිසැක වශයෙන්ම විවේචනාත්මක ප්‍රහාර එල්ල කරන බවයි. ඒ නිසා එම ප්‍රතිරෝධයට පෙරාතුව වෙබ් අඩවි කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීම උදෙසා මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේනම් එය පාරාවලල්ලක්වීම ඔහුටද නවතාදමනු නොහැකිවන බව තරයේම කිව යුතුය. ඒ නිසාවෙන් යම් ප්‍රකාශයක් සිදුකිරීමට පෙර මුල,මැද,අග මෙන්ම ඉදිරිය ගැනද සිතා බලා කටයුතු කිරීම සිදුනොකරන්නේ නම් සිදුවනු ඇත්තේ මහින්ද රාජපක්ෂට සිදුවුණ වින්නැහියට වඩා වින්නැහියකට මුහුණ දෙන්නට බවද අකමැත්තෙන් වුවද කියන්නට සිදුව තිබේ. 
දේශපාලනඥයින් වෙතින් කලගුණ සැලකීමක් කිසිවෙකුත් බලාපොරොත්තු වන්නේ නොමැති මුත් අනිවාරතේ චෝදනා නැඟීමට පෙර තම තනතුරෙහි වගකීම හෝ ඔවුන් සිහිතබා ගතයුතු බව මතක් කරන්නට කැමැත්තෙමු.
එසේ ම කරනා සෑම දේටම හිස නවමින් වන්දිභට්ටයින් ලෙස හැසිරුණු මාධ්‍ය බල ඇණියක් රාජපක්ෂ ජනාධිපතිවරයාට ද සිටි අතර ඔහුට වැඩිම විනාශයක් ගෙන දුන් අය අතර ඔවුන්ද ඉදිරියෙන් ම සිටි බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු. සමහර වෙබ් අඩවින් හි මාධ්‍ය භාවිතාව පිළිබඳව අපට ද ගැටළු තිබේ.
එහෙත් පොදුවේ සියල්ල කැලෑ පත්තර ලෙස බෝඩ් ලෑලි එල්ලීම කෙසේත් ම සාධාරණීකරනය කළ හැකි නොවේ. අනෙත් අතින් තනතුර නිසා විවේචනයන් ඉවසිය නොහැකි තරමට උඩඟුවීම නම් විනාශයක මුල බවද මතක් කිරීමට කැමැත්තෙමු.

චන්ද්‍රිකාව මෛත්‍රීව විකුණන් කන දහම් රත්වත්තේ නම් තක්කඩියා

එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දිමට තීරණය කරලා තිබෙනවා... ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව...නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ....‘ මේ මෙරට ප්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.
නර්තනාචාර්යවරයාට මේ සිතා ගැනීමට අපහසු කරුනක් වූවද එහා කෙලවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා ඒ සැකයෙන් වුවත් එකී පරිදි ඉතුරු වැඩ කටයුතු වලට සූදානම් විය.
ඒ අනුව මෙම පදවිය ලබා ගැනිම සඳහා එංගලන්තයට යායුතු විය. ඒ නිකම් නොවේ. තම නර්තන කණ්ඩායම සමගය . ඒ එලිසෙබෙත් මහ රැජින ඉදිරියේ නටා තම හැකියාවන් පෙන්වීමටය. ඒ වෙනුවෙන් 66 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානම් කිරීම්ටද උපදෙස් ලැබිණි. ගුවන් ප්‍රවේශ පත්‍රයේ සිට අන් සියලු පහසුකමක්ම නොමිලයෙය. රැජිනගේ තිබෙන අපල උපද්‍රව දුරුවෙන්න ගම්මඩු ශාන්තිකර්මයක්ද සිදුකළ යුතු බවටත් ඉල්ලීමක් ඉදිරි පත් විය. ඒ වෙනුවෙන්ද වෙනම කණ්ඩායමක් සූදානම් කෙරිණි. රැජින සමග වන භොජන සංග්‍රහයට හා ඇය සමග වන ‘බ්‍රෙක්ෆස්ට් ශෝ ‘ නැමැති රූපවාහිනි වැඩ සටහන වෙනුවෙන් සහභාගී වීමද සිදුවන බවත් එංගලන්තයේ සිට කතා කල පුද්ගලයා දැනුම් දුන්නේය. ඒ සඳහා වන ඇදුම් පැලැඳුම් වර්ණය පවා නියම විය. මාස කිහිපයක් තිස්සේ මේ කතා බහ යන අතරේදි නර්තනාචාර්යවරයා නව නැටුම් පුහුණුව මෙන්ම ඒ සදහා වන ඇඳුම් පැලැඳුම් සකස් කිරීමද සිදු කළේය. ඒ වෙනුවෙන් ලක්ෂ ගනනක් ඔහුට වැය විය.. එමෙන්ම නැටුම් ශිල්පීන් ඇතුලු 66 දෙනාගේ පවුල්වල පිරිස්ද මේ ලැබුණු අවස්ථාව සලකා බලා ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් වියදමක් දැරීය.
මේ අතර තුරේදී එංගලන්තයේ සිට කතා කළ පුද්ගලයා මේ නර්තනාචාර්යවරයා ලවා තොවිල් පවිල් යාග හොම අදිය සදහා වන අඩුම කුඩුම ගෙන්වා ගත්තේය. ගිනි පෙට්ටියේ සිටම හැම දෙයක්ම එංගලන්තයට යැවීය. බෙර හක්ගෙඩි නැටුම් ආබරන ආදියද ඒ අතර විය. එපමණක් නොවේ. වරෙක රත්තර සුර දෙසීයක් යැවීම ද සිදු කර තිබේ.
මේ පුද්ගලයාගේ චතුර කතාවෙන් බහෙන් හා විෂයය පිළිබඳවන මුහුකුරා ගිය දැනුම අනුව සුපිරි වැඩකරුවකු බව විශ්වස කිරීමට නර්තන ආචාර්යවරයාට සිදු විය. ඒ නිසා ඔහු කියන කියන දේ සිදු කිරීමට ඔහු මැලි වුයේ නැත. එසේ ගෙවුනු මාස කිහිපයකින් පසුව ඇතැම් යාග හොම කරන කියන හැටිද අහන්නට පටන් ගත්තේය. මහා යක්ෂ බලවේග සමඟ කටයුතු කරවා යැයි කී පුද්ගලයා තමන්ගෙන් යාග හෝම ශාන්ති කර්ම ආදිය කරන ආකාරය පිලිබඳ විමසීම අවුලක් බව නර්තනාචාර්යවරයාට වැටහිනි.
මේ අතරේදී එංගලන්තයේ ගමන දිනෙන් දිල කල් යවමින් තිබුණේය. ඊට දින නියම වුයේ 2015 ජුනි මසයේදීය. ප්‍රමාද වීමට විවිධ හේතු ඉදිරිපත් විය. අවසනයේ රැජින විසින් එවනු ලැබූ ඊමෙල් පණිවිඩය විවෘත කර ගැනීම සඳහා වන මුරපදය අමතක වී ඇතැයි කියමින් නැටුම් ගුරුවරයා සමග වන කතා බහ අවසන් විය. එංගලන්ත පුතයා තමාව රවටා වෙනත් ලාබ ප්‍රයොජන ලබා ගෙන ඇති බව නැටුම් ගුරුවරයා ටක්කෙටම දැන් ගත්තේ ඉන් පසුවය.
මේ එංගලන්ත පුතයා කවුද යන සොයා බැලිමට ඔහු යොමු වූයේ ඉන් පසුවය. තමා විසින් ඒ කාලය තුලදි මේ එංගලන්ත පුතයාට හදුන්වා දුන් අයට සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලුවේය. ඒ වන විටත් මෙරට තව පුද්ගලයන් ගනනාවක්ම මේ එංගලන්ත පුතයා කවුරුන්දැයි සොයමින් සිටියහ. ඒ සියලු දෙනාම මේ පුතයාගේ ගැට වලට අසුවීම් අවසන්ය. ඒ අතර මෙ රට ප්‍රකට පුද්ගලයන් ගනනාවක වෙයි. එහෙත් කිවකුත් තමන්ට සිදුවූ අලකංචිය ගැන කිසිවකුට පවසා තිබුණේ නැත. ඒ තමන් ඉතා මොඩ ලෙස මේ පුද්ගලයාට රැවටුන බව තවත් කෙනෙකු හා බිනීමට ඇති ලැජ්ජාව නිසා ඔවුන් නිහඩව සිටියහ.



කාලෙන් කාලට මෙවැනි මෙරට විවිධ හාස්කම් විජ්ජා පෙන්වන නූල් සුතර කාරයෝ පුද්ගලයන් මතුවෙයි. වැව් පිටින් පිරිත් කර ඒ ජනතාව බෙදා හැරිය හාමුදුරුවෝ ගැන අප ඇසූහ. කොට දෙනියාවේ හමුදුරුවෝ ගැන කතන්දර බොහොය, ගහලතැන්නේ කට්ටඩියාද එසේ මෙසේ පොරක් නෙවෙයි යැයිද කියවෙයි, කාලයක් සුමදාස අබේවික්‍රමද ටක්කෙටම අනාවැකි කියා ලොව පසිඳු විය. දෑස් අඳ නමුත් ඉන්දික තොටවත්තද දැන් ටක්කෙටම අණාවැකි කියා සුමදාස පමණක් නොව ඒ බජාර් එකම සැරන්ඩර් කර තිබේ. තවන් මෙවැනි වශී ගුරුකම් අන වින කොඩි වින ආදියට සූර වීර කම් පාන්නන් ගැන ඇතැම් පුවත් පත්වල පිටු ගනන් සති පුරා විශේෂාංගද රචනා වෙයි. අද අපි මේ කියන්නෙත් මේ වන විට සිය ගනනක ජනතාවක් වශි කරගෙන සිටින අලුත් පුතයා ගැනය. නමුත් මිනිහා ඉන්නේ ලංකාවේ නොවේ. එංගලන්තයෙය. පෙනී සිටින්නේ ‘දොස්තර දහම් රත්වත්තේ‘ නමිනි. තවත් තැනක ඔහුගේ නම දහම් නිශානි රත්වතේ හෝ අනුහස්ය.
චන්ද්‍රිකාගේ මල්ලි.. මෛත්‍රීගේ ජොතිෂඥයා
ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීප ඥාතියකු බව කියයි. කොටින්ම ‘ චන්ද්‍රිකා අක්කා‘ ලෙස ඔහු ඇයව ආමන්ත්‍රණය කරන්නේලු. ඒ දවස වල නිතර රජ ගේදර ගැවසුනේලු.. මේ තක්කඩියාගෙ ගොදුරක් බවට පත්ව සිටින කිත්සිරි ජයසේකර නම් ගායකයා කියන්නේ තමාට මොහුව හමුවුයේ චන්ද්‍රිකා යුගයේදී රජගෙදර පැවැති උත්සවයකදී බවය. ඔහු බොහො දෙනෙකු හා පවසා තිබු පරිදි චන්ද්‍රික යුගයේදී ඔහු ආරක්ෂක අමාතයංශයේ අතිරේක ලෙකම් වරයෙකි. එවකට නියොජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාව සිටියේ අනුරුද්ධ රත්වත්තේ ඔහුගේ මාමාය. ඒ අනුව ඔහුගේ අම්මා මංගලිකා රත්වත්තේය. එම පවුලේ උදවිය ඔහු හදුන්වන්නේ සුදු අප්පෝ නමින් වන බවය. එහෙත් ඔහුගේ නමට රත්වත්තේ කොටස එක් වූනේ ඔහුගේ පියාද රත්වත්තේ කෙනෙකු වන බැවින් විය යුතු නමුත් පියා ගැන ඔහු කිසිවකු හා පවසා ඇති බව දැන ගැනීමට නැත. ඒ දැන ගන්නට මංගලිකා රත්වත්තේ මහත්මියද දැන් ජීවතුන් අතර නැත.
එපමණක් නොව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ජොතිෂවේදියා ද තමන් බවත් ඔහුව ජනාධිපතිවරණයෙන් දිනෙව්වෙ වෙන කවුරුවත් නොව තමන්ගේ බලවේග විසින් බවත් ඔහු පවසයි. ජනාධිපතිවරයාගේ සියලූම ජොතිෂ කටයුතු තමා විසින් සිදු කරන බවත් ජනාධිපතිවරයා සතියට තුන් හතර ගමනක් තමාව අමතන බවත් ඔහු පවසයි. ජනාධිපතිගේ යුරෝපා සංචාර වලදී අනිවාර්යෙන්ම ඔහුව මුණ ගැසීමට තමන් යන බවත් ඔහුගේ අනුගමිකයන් හා පවසා ඇත.
එංගලන්තයේ රජ පවුලේ ඉතා සමීපතමයකු බව කියන මොහු එලිසෙබෙත් මහ රැජිනගේ කොන්දේ අමරුවලට වාත අමාරු වලට තෙල් සාත්තු කරන්නේ ඔහු බවද පවසයි. ඒ සමිප කම කෙතරම් ද කියතොත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක හමුවට ලංකාවට පැමිණි මහ රැජිනගේ පුත් චාල්ස් කුමාරයාට කොළබ නවතින්නට තැනක් සොයා දුන්නේද ඔහු බව කියය. ඒ දැනට හොටලයක් බවට පත් කොට ඇත කොළම රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායක මහතාගේ විසු නිවසේ කාමරයකි.
දෙහි කැපිලි ස්කයිප් වලින්
කොහොම නමුත් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලය අති විශාලය. මෙරට ඇමැතිවරුන්ගේ පටන් ෆෙස්බුක් සමාජ ජාලාවල රස්තියාදු ගහන යන එනමන් නැති මිත්‍යා දෘෂ්ඨික හා මුග්ධ පිරිස් දක්වා වන ඇච්ච බැච්චෝද විශාල ප්‍රමාණයක් මොහුගේ සමාජ සම්බන්ධතා ජාලයෙහි වෙති. මොහු සියලු සම්බන්ධතා දුරකතන ඇමතුම් හරහා ගොඩ නගා ගන්නා අතර පසුව ස්කයිප් තාක්ෂණය හරහා සියලු ජාවාරම් කාර තක්කඩි කටයුතු කරයි. කොටින්ම එංගලන්ත්යේ සිට මෙර පුද්ගලයන් වෙනුවෙන් කරනු ලබන ‘ දෙහි කැපීම‘ ද කරන්නේ ස්කයිප් විඩියො සන්නිවේදනය තාක්ෂණය උපයොගි කරගෙන්ය. හිසට දෙහි ගෙඩිය කපන විට පරිගනක තිරයට ඔලුව ඇල්ලිය යුතුය. යටි පතුලට දෙහි කපන විට යටි පතුල් දෙක පරිගනක තිරයේ තැබිය යුතුය. මන්ත්‍ර ගුරුකම් ශාන්තිකර්ම සියල්ල සිදු වනේ ඒ ආකාරයෙනි.
කෙසේ නමුත් මේ කටයුතු ඇතැමුන්ට නොමිලයෙම කර දිමත් සමහරුන්ගෙන් වෙනත් ආකාරයන්ගෙන් මුදල් එක් රැස්කර ගැනිමත් සිදු කර තිබේ. ඊටත් වඩා අති භායනක කටයුත්ත වී තිබෙනේ විශේෂයෙන් ඔහු හා සම්බන්ධවන ප්‍රකට පුද්ගලයන් සමග තවත් ප්‍රකට පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු විමසා ඒවා පටි ගතකර පසුව ඒ අනෙක් පුද්ගලයාට ඇසෙන්නට සලස්වා එම කරුනු ප්‍රසිද්ධ කරවන බවට තර්ජනය කර මුදල් ගරා ගැනිමේ ජාවාරමකි. මෙසේ උගුලකට අසු වුන ප්‍රකට ඇමැතිවරයකුගේ ඇමැති බිරිඳක් ද සිටී. ඇය ඇමැතිවරයාගේ අනියම් හැසිරීම පමණක් නොව සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරුද මේ හොර තක්කඩියාට පවසා ඇත්තේ ඔහු හරහා, අදෘෂමාන බලවේගයක පිහිටක් අපෙක්ෂාවෙනි. එහෙත් සිදුව ඇත්තේ අනෙකකි.
මෙසේ ම මේ හොර තක්කඩියා විසින් පිහිටුවා ගෙන තිබෙන ‘හෙළබිම සංස්කෘතික කවය‘ නම් ව්‍යාජ සංවිධානයක් මගින් මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති කරන බවට විදේශ ගත මෙරට පුද්ගලයන්ගෙන් හා විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් ගරාගෙන ඇති බවත් දැන් ගැනීමට ඇත. මෙරට ප්‍රකට කලාකරුවන් සම්බන්ධ කර ගෙන විවිධ වැඩ සටහන් සංවිධානය කරන මුවාවෙන් මේ ජාවාරම සිදුව තිබේ. මෙරට සංස්කෘතික උරුමය වෙනුවෙන් කටයුතු කරන ප්‍රකට පුද්ගලයන් රවටමින් එංගලන්තයේ වැඩ සටහන් වලට ගෙන්වා ගන්නා බවට බොරු පොරොන්දු දී කර ඇත්තේ ඉහත කි ජාවාරමය. එමෙන්ම එම පුද්ගලයන් මෙරට සිදුකරනු ලබන ඇතැම් ක්‍රියාකාරමක් තමා විසින් සිදු කරන ඒවා බව පෙන්වා මුදල් ගරා ගැනිමද සිදු කර ඇත.
තමන් බටහිර වෛද්‍යවරයෙක් ( ස්නායු රෝග පිළිබඳ විශේෂඥයෙක්) ආයුර්වේද වෛද්‍යවයවරයෙක්, ආචාර්යවරයෙක්, කට්ටඩියෙක් , සාන්තුවරයෙක් ලෙස පෙනි සිටින මොහු ගැන අපට අද හෙළිදරව් කරන්න වන්නේ මේකා නොම්මර එකේ හොර තක්කඩියකු වන බැවිනි. මොහු නිසා අමාරුවේ වැටුන් ශ්‍රිලාංකිකයන් ගනන අති විශාලය. ඇමැතිවරු, ඇමැති බිරින්දැවරු ඇමති සහෝදරවරු, මෙරට ප්‍රකට මෙන්ම අප්‍රකට භික්ෂූන් වහන්සේලා, ප්‍රකට කලාකරුවන්, ආචාර්යවරු, මහාචාර්යවරු, සාම්ප්‍රධායික උරුමය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රාස්ත්‍රඥයන්, විද්වතුන්, අංගම්පොර කලා ශිල්පීන්, නැටුම් ශිල්පීන්, හමුදා හා පොලිස් ප්‍රධානින්, නළු නිලියන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මොහුගේ උගුල් වල පැටලී ලක්ෂ ගනනින් මුදල් විනාශ කරගත්හ. පවුල් අවුල් කරගත්හ. කරමින් සිටිරැකියා අවුල් කරගත්හ. ණයකරුවන් වූහ. ලැජ්ජාවට පත්වූහ. නින්දාවට පත්වූහ. ඒ අතර තරුණියන් විශාල ප්‍රමාණයක්ද සිටින බව අපට දැනගැනිමට ලැබී තිබේ.
සහයට පාතාලය
මේ දහම් රත්වත්තේ නැමැත්තා විසින් සිදු කරමින් තිබෙන විනාශය සුළු පටු නැත. පසු ගිය කාලය මුලුල්ලේ අප විසින් සොයා ගත් තොරතුරු අති විශාල ප්‍රමාණයකි. බොහෝ දෙනක් තමන් මේ හොර තක්කඩියාගේ බස් වලට රැවැටුන බව තව කෙනෙකු හා කීමට ඇති ලැජ්ජාව නිසා සියලු පාඩු දරාගෙන සිටියහ. නැත්නම් දහම් රත්වත්තේ විසින් පිලියක් එවා මරා දමන බවට කරන තර්ජනයන් හමුවේ නිහඬ විය. පිල්ලි කෙසේ වෙතත් පතාලයේ කොන්ත්‍රාත් මිනීමරුවන්ව නම් ඔහු මේ වන විටත් තමන්ට සතුරුවූවන්ට පහර දීම සඳහා එවා තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්දයෙන් තොරතුරු හෙලිකිරීමට අප තීරණය කළේ මේ හොර තක්කඩියාට තවත් කවෙරෙකු හෝ බිලි ගැනීමට තිබෙන අවස්ථාව අවහිර කිරීමටත් මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමටය.

මෙම දොස්තර දහම් රත්තේ යන අය ස්නායු රෝග වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියද අප ගේ සොයා බැලිම අනුව ඔහු වෛද්‍යවරයකු නොවේ. ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ දර්ශ්ර්නය පිලිබඳ උපාධියක් ඇති අතර අජඨාකාශ විද්‍යාව සම්බන්ධයෙන් හැදෑරීමක් කළ අයෙකි. ඒ 2009 වසරේදීය. නමුත් කෙටිකාලයක් පාමසිය ඔෂධ කලවම් කරනකු ලෙස ජීවිකාව කරගත් අයෙකි. පදිංචිය එංගලන්තයේ. ඔහු තවමත් 38 වැනි වියේ පසුවන්නෙකි. ඔහු උපන්නේ එංගලන්තයේ බවත් මුලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී බවත් ඔහු ඇතැම් කෙනෙකු හා පවසයි. බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ලබා ඇත. ඔහු පාවිච්චි කරනු ලබන නාමය සහිත කිසිවකුත් ගැන මෙරටින් තොරතුරු වාර්තා නොවේ. ඔහු නමින් කෙනෙකු රත්වතේ පවුලේ හෝ බණ්ඩාරනායක පවුලේ හෝ නැත. එමෙන්ම එංගලන්තයේ පදිංචි ස්නායු සම්බන්ධ වෛද්‍යවරයකු එම පවුල්වල ඇත්තේ නැත. ඔහු එංගලන්තයේ රජ පවුලේ හෝ රජ පවුලේ සේවය කරනකුගේ හෝ සමීප සම්බන්ධතා ඇත්තෙකුද නොවේ. ඒ තබා මොහු සිය දහස් ගනනක් සමඟ සබන්ධතා පැවැත් වූවද මොහු කවුරුන්ද යන්න මේ සටහන පළවන තෙක් ඔහු පැවසූ දේ හැර වෙනයම් කරුණු කරනා කිසිවකුත් නොදනී. ඔහු නමින් වන ගූගල් ප්ලස් සමාජ ජාලයේ වන ගිනුමෙහි ඔහුගේ බව කියැවෙන ඡායාරූපයක් පළ කර ඇතත් ඒ සත්‍ය ඡායාරූපය නොවේ. ස්කයිප් විඩියෝ හරහා ඔහු සමග සම්බන්ධ වූවන් කිහිප දෙනා හැර අන් කිසිවකු ඔහුගේ රූපය දැක නැත. නමුත් අපට ඔහුගේ නියම ඡායාරූපයක් ලැබීතිබේ ඉහතින් පලවන්නේ එයය.
එංගලන්තේ හොර සාමාගම්
එමෙන්ම මොහු විසින් මේ තක්කඩිකම් කිරීම වෙනුවෙන් එංගලන්තයේ දැන්ට අප දන්නා පරිදි පෞද්ගලික සමාගම් දෙකක් ලියාපදිංචි කර තිබේ එකක් heladiwa heritaje circal ltd' ය අනෙක anuhas astrolojy ltd ය.
2015 පෙබරවාරියේ දී ආරම්බකල හෙලදිව හෙරිටේජ් හි ඔහු හැරෙන්නට අධ්‍යක්ෂකවරයකු සිටී. එකම කොටස්කරුව චතුර සූරියාරච්චි යන අය. සමාගම් ලේකම්වරයා ලෙස වරෙක අජිත් කුමාර වික්‍රමසිංහ යන කටයුතු කර ඇත. ඒ පසුගිය වසරේ අප්‍රේල් මාසයට පෙර ය. පසුව මෙම සමාගමේ නව අයිතිකරු ලෙස තරංගා නිශානි සපුමල් බණ්ඩාර ලෙස වෙනස් කොට ඇත. ඒ නමින් පෙනී සිටින්නේ ඔහුගේ බිරින්දෑය. වයස අවුරුදු 36 කි. ඇයද බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස එරට පුරවැසි බව ලබා ඇත. පසුව සමාගම් ලේකම් වරයා ලෙස අජිත් වලකඩ ගේ නැමැත්තා කටයුතු කර තිබේ. ඔහු ගුවන් යානා ඉංජිනේරුවකු හෝ ඒ සම්බන්ධව රැකියාවක නිරත වූවෙකි . ඔහු කාලයක් මෙරට සිටි පුද්ගලයකු වන අතර වරෙක ස්වාධීන රුපවාහිනියේ චැට් ඇන්ඞ් මියුසික් වැඩ සටහනට සහභාගී වූවෙකි, ඔහුව එම වැඩ සටහනට සහභාගී කරවගෙන තිබුනේ වත්මන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිරොෂන් ප්‍රේමරත්නය. අප මෙම සමාගම් තොරතුරු ලබා ගත්තේ ඒංගලන්තයේ සමාගම් ලියාපදිංචි කිරීමේ 'companies house' ආයතනයෙනි. ඔවුන් විසින් ලබා දුන් සම්පූර්ණ වාර්තා අනුව මේ සමාගම එංගලන්තයේ සිදු කරන්නේ මොනවාද එහි වත්කම් ගැන කිසිදු තොරතුරක් එම ආයතන සතුව නැත, මන්ද එම සමාගම ලියා පදිංචි කිරීම හැර පසුව කිසිදු කටයුත්තක් සිදු කිරීම කර නොමැති බැවිනි . සමාගමේ වත්කම බ්‍රිතාන්‍ය පවුම් 1 කි.
2010 සැප්තැම්බරයේදි අනුහස් ඇස්ට්‍රලොජි පුද්ගලික සමාගම බිරිඳගේ නමින්ම ආරම්බ කර ඇති අතර අනෙක් කොටස් කරුවා ලෙස බ්ර්තන ජාතිකයකුගේ නමක් සටහන්ව ඇත. එමෙන්ම අනුහස් නමින් පෙනී සිටින ඇතැත්තකුද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙති.නමුත් අනුහස් යනු ඔහුගේ කුඩා පුත්‍රයාගේ නමය. මෙම ආයතනයේද කිසිදු නිල ගනුදෙනුවක් සිදු වී නැති අතර එම සමාගමේ වත්කමද පවුම් 1 කි. මෙම සමාගම් 2 වෙනුවෙන් වෙබ් අඩවි 2ක හා ෆෙස්බුක් මිතුරු පුටු කිහිපයක්ම පවත්වාගෙන යයි. එමෙන්ම මේ ආයතන වල ලිපිනයන් ගනනාවක් විටින් විට යොදාගෙන ඇති අතර එවා එංගලන්තයේ ගම්බද පෙදෙස් වන අතර එම ලිපිනයන් වල එවැනි ආයතනයන් පිහිටා නැති බවත් අපගේ සොයා බැලීම් වලින් අනාවරණය විය.

කොහොම නමුත් මේ කණ්ඩායම විසින් සිදු කර ඇත්තේ එම සමාගමේ නම පෙන්වා වෙනත් ආකාරයන්ගෙන් මෙම හොර ජාවාරම කරගෙන ගොස් මුදල් ඉපැයීමය . ඒ වෙනුවෙන් ගිණුම් ගනනාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ විවිධ නම් වලිනි. මේ පුද්ගලයා ව්‍යාජ ලිපි ලෙඛන සැකසීමේ ශුරයකු බවද ඔහුගේ උගුල් වලට අහුවූවන් පෙන්වා දෙයි බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ආයතන වල හා මහ රැජිනගේ නිල නිවේදන ලෙස මෙරට පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපි ලේඛන යොමු කර ඇත. දහම් රත්වත්තේ නැමැති නමද ව්‍යාජ බව ඇතැමුන් පෙන්වා දෙන අතර ඔහුව වැඩි දෙනෙක් හඳුන් වන්නේ අනුහස් යන නමින්ය. කෙසේ නමුත් මොවුන් මේවන විටත් බ්‍රිතාන්‍ය රජයටත් ව්‍යාජ ලිපි ලෙඛන ඉදිරිපත් කර රවටා ඇති බව පැහැදිලිය.
සහයක හොර දෙ‍ටුවා අජිත් වලකඩගේ
මෙරට පුද්ගලයන් හා නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් ඔවුන්ව රත්වත්තගේ උගුලේ පැටලැවීම සිදු කොට ඇත්තේ මේ සමාගම් ලෙකම්වරයා වන අජිත් වලකඩ නැමැත්තා විසිනි. එංගලන්තයෙන් ලැබෙන තොරතුරු අනුව අජිත් වලකඩගේ නැමැත්තා මීට මාස 6කට පමණ පෙර මුදල් වංචාවකට අසුවී ඩුබායි හී සිර දඬුවම් විද තිබේ. මේ වන විට ඇප ලබා ඇත.
එ කෙසේ නමුත් මෙම සමාගමේ උපදේශකයන් ලෙස ආචාර්ය ශිරාන් දැරණියගල මහතා කටයුතු කරන බව මොවුන් විසින් පවත්වාගෙන යන ෆෙස්බුක් සමාජ ජාලා පිටුවක සඳහන්ය. ඊට අමතරව පරිසරවේදියකු වන තිලක් කන්දෙගම මහතාද එම සමාගමේ උපදේශකයෙකි. එමෙන් මෙම ව්‍යාපාරයේ මාධ්‍ය ලෙකම් වරයකු සේ පෙනී සිටියේ මෙරට ප්‍රකට ඇමැති වරයකුගේ මාධ්‍ය අංශයේ සිටි අයෙකි. එහෙත් ඔහුද මේ හොර තකඩියාගේ ගැට වලට අහු වී මුලු ජීවිතයම විනාශ කරගෙන රටට මුහුණ දිමට නොහැකිව සිටිනකු බැවින් ඔහුගේ අනන්‍යතාවය හෙලි නොකරමු.
වරක් දහම් රත්වත්තේ නැමැත්තා මෙරටට පැමිණන බව මොහුට දන්වා එවා තිබේ. තමන් සමග තම ආරක්ෂාවට වාහන හතරක ආරක්ෂකයන්ද පැමිනෙන බවත් තමන්ට එම අදාල ගම් පෙදෙසේ නවතැන් ගැනීමට සුදුසු නිවසක් සූදානම් කරන ලෙසද දන්වා ඇත. තමන් දේවත්ලයෙහිලා සලකුනු ලබන තැනැත්තාට තම නිවසේම නවාතැන් දිමට ඉටා ගත් මාධ්‍ය ලේකම්වරයා ඒ වෙනුවෙන් ලක්ෂ ගනනාවක් වැය කොට නිවස අලුත් වැඩියා කර තිබේ. අලුත් ගෘහභාණ්ඩඩ පමණක් නොව කෑම බීම පවා සූදානම් කළේ නිශ්චිතව පැමිණෙන දිනය හා වෙලාවන්ද දන්වා තිබුණු බැවිනි. එහෙත් ඔහු ආවේ නැත. කකුල කැඩුනු බව පවසා ඒ ගමන් කල් දැමීය. අපගේ මාධ්‍ය ලෙකම්වරයා මේවන විට ලක්ෂ ගනක ණයකරුවෙකි. තමන් මේ පුද්ගලයාට අසුවුන බව දැන ගන්නා විට තමන්ට යළි සමාජයට මුහුණ දීමටද නොහැකි තරමට අමාරුවේ වැටි සිටියෙය. මන්ද ඔහු තවත් තරුණ තරුණියන් රැසක් මේ හොර තක්කඩියාට හඳුන්වා දි තිබුණු නිසාය.
එමෙන්ම මොහුගේ කටයුතු අගය කරමින් එක් එක් පුද්ගලයන් විසින් ලවා සිදුකර ගත් ප්‍රකාෂ ගනනාවක් ද මේ තක්ක්ඩියා විසින් ඔවුන්ගේ වෙබ් අඩවි වල හා ෆෙස්බුක් සමාජ ජාලාවල ප්‍රශිදධ කර ඇත. ඒ අතර ප්‍රවීන නර්තනාචාර්ය චන්න විජෙවර්ධනද , ප්‍රවීණ ගායක කිත්සිරි ජයසේකරද වෙයි. කිත්සිරි ජයසේකර යනු ඇමැති දයාසිරි ජයසේකරගේ සොහොයුරාය. රත්වත්තේ මෙම ප්‍රකාශ ලබා ගෙන තිබුණේ තමන්ගේ කටයුතු අගය කරන ප්‍රකාශ ෆෙස්බුක් හි ප්‍රසිද්ධ කළ විට තන්ට තව තවත් සුබ පල ගෙනදෙනු ඇතැයි කියමිනි. සමහරුන් ලවා ඔහුට සෙත් පතා මෙට බොධි පූජා පිංකම් පවා පවත්වාගෙන තිබේ.

අප තව දුරටහ් සොයා ගත් තොරතුරු අනුව මේ දහම් රත්වත්තේ නැමැත්තා මෙරට තවත් තරුණ තරුණියන් රැසකටම එංගලන්ත සිහින මවා සංචාරයට, රැකියාවට, පදිංචි වීමට සුදානම් වෙන ලෙස බලාපොරොත්තු දල්වා ඇත. තවත් ඇතැමෙකුට වාහන ලබා දෙන බවට, ලැප්ටොප්, අයි ෆෝන් ආදිය ලබා දෙන බවද පොරොන්දු වී තිබේ. එහෙත් කිසිවකුට කිසිවක් ලබා දි නැත. එහෙත් මොහුගේ කටයුතු මෙරට ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මොහුට බක්තිමත්ව සිටි කිහිප දෙනෙකුට රුපියල් දහ පහලොස් දා ආදී ලෙස මුදල් ලබා දීම සිදු කොට තිබේ. එම මුදල්ද මෙරට සිටින තවත් පුද්ගලයන් හරාහා බැංකු ගත කිරීම සිදු කර ඇත. නමුත් මේ අනුගාමිකයන්ට තමන් නොමිලයේම අපල දුරු කරන බව පවසා 'සුර' ලබා දීම සිදු කර තිබේ. සාමාන්‍යයෙන් මෙලෙස ගුප්ත ශ්‍රාස්ත්‍රකරුවන් ලබා දෙන සුර තුල තෙල් හෝ තඹ පතක මන්ත්‍ර යනුවෙන් වන සටහන්ද ඇතුලත් වන නමුත් මේ දුන් සුර තුල කිසිවක් නැති බවද පසුව හෙලිවිය. ඔහු තමන්ගේ අනුගාමිකයන්ව එතරම්ම සරල ලෙස රවටා ඇත.
මෙහු හා ස්කයිප් තාකෂණයෙන් සම්බන්ධ වූ කිහිප දෙනා පවසන්නේ මොහු ස්කයිප් හරහා සම්බන්ධ වන කාමරයේ විවිධ පුරා වස්තු ගන්නාවක්ම තිබු බවය. අති විශාල පුස්කොල පොත් තොගයක්ද , කඩු කිනිසි පමණක් නොව පුරාණ පිස්තොල තුවක්කු ආදියද විශේෂයෙන්ම මොහු විසින් පෙන්වනු ලබන බවත් ඔවුන් පවසයි. ඔහු නිතරම බොහෝ දෙනෙකු හා , හිටපු ජනාධිපතිවරයා විසින් හොයපු ‘ කඩුව ‘ තිබෙන්නේ තමා සතුව බවත් එය රාවනා රජුගේ කඩුව බවත් ඔහු පවසා එත. එමෙන්ම රාවනා රජුගේ රසදිය ඇන්ජිම සහිත දඩු මොනර යානය ඇත්තේද ඔහු සතුව බව පවසයි. එය දැන්ම එලියට නොගන්නේ බටහිර ජාතීන් තමාව ඝාතනය කර ඒ තාක්ෂණය සොරා ගනීමට ඉඩ තිබෙන බවටත් ප්ර්කාශ කර තිබේ. කෙසේ නමුත් මොහුගේ රාවනා ප්‍රෙමය නිසා ඔහුව මෙරට දී සම්මානයටද පාත්‍ර විය. ඒ ‘දිවයුරු පුත්‍රයා‘ නම් සම්මානයය. ඒ ප්‍රධානය කරනු ලැබුවේ වත්මන් කතානායක කරූ ජයසූරිය හා ඇමැති පාඨලී චම්පික රනවකගේ ප්‍රධානත්වයෙන් වූ උළෙලකදීය. එම සම්මානය මෙරට සිටින් දහම්ගේ අනුගාමිකයකු විසින් ලබා ගෙන තිබේ.
කෙසේ නමුත් මේ කියන එංගලන්ත පුතයා එසේ මෙසේ සූත්තර කාරයකු නොවන බව පැහැදිලිය. ඔහු මෙරට ජනාධිපතිවරාය විකුණා කමින් ජීවත්වන්නෙකි. රත්වත්තේ පවුලේ හා බණ්ඩාරනායක පවුලේ කීර්ති නාමය විකුනා කමින් ජීවත් වන්නකි. මිත්‍යාව වපුරවමින් ජීවිතය ගටගහ ගන්නෙකි. ජාවාරම් කරුවෙකි. බොරු කාරයෙකි. ඇතැම් විට මානසික රෝගියෙකුද විය හැකිය. මේ සියල්ලටම වඩා ඔහු විසින් සිදු කරමින් පවතින විනාශය ගැන බලධාරෙන් සලකා බැලිය යුතුය. මේ රටේ නමද විනාශ කරන ජාත්‍යන්තර තක්කඩියෙකි.

සුභාෂ් ජයවර්ධන
සත්හඬ පුවත්පත ඇසුරෙණි

නිශාන්ත රණතුංගට සජින් වාස් වෙන්න බෑලූ

මේ වන විට රිමාන්ඞ් බාරයේ පසුවන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක්ර් ආයනතයේ  විධායක අධයක්ෂක වරයා ලෙස කටයුතු  ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතාට රජයේ සාක්ෂිකරුවකු වී  ප‍්‍රශ්නයෙන් නිදහස් වන ලෙස එම පවුලේ සාමාජිකයන්ගේන් බලපැම් එලා වෙමින් තිබෙන බව වාර්තාවේ.

මෙම නාලිකාව ආරම්භ කිරීම සඳහා අයථ ලෙස මුදල් යෙදුවූවාය යන චෝද්නාව ලබා සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විට රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර ඔහු සුපුරුදු ලෙස ව්‍යාපාරික කටයුතුවල ද නියැලි සිටී . රණතුංග පවුලේ පිරිස්  පවසා ඇත්තේ සජින් වාස් මෙන් කටයුතු කර මේ ගැටළුවෙන් නිදහස වන ලෙසය. එහෙත් මේ දක්වා නිශාන්ත මහතා ඒ සඳහා කැමැත්ත පල කර නොමැත.

ඒ අතර එම මහතාට ඇප ලබා දෙන ලෙස ඉලමින් පසුගිය 18 වන දින ඇප අයදුම් පත‍්‍රයක් කොළම මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබිණි. නිශාන්ත රණතුංග මහතා ඇතුලූ සි.එස්.එන් ප‍්‍රධානින් අත අඩංගුවට ගන්න ලද්දේ පසුගිය ජනවාරී 30 වන දිනය.පසුව පසුගිය 11 වන දින කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඇප ඉලා සිටියද ඒ ප්‍ර‍තික්ෂේප කෙරිණි.

පෝට් සිටියට කෙළ හලන්නන්ට විවෘත අභියෝගයක්

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර ව්‍යාපෘතියක් බවත් එහි දී සිදු වී ඇති ගණු දෙණු හා චීන සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම් නීති විරෝධී වන බවත් යග එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිට වූ පසුව වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන බව ද ඔහු පවසා සිටියේය.

වර්තමානය වන විට අගමැති ධුරය හොඹවන්නේ එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතාම ය. ඔවුන් බලයට පැමිණෙන විට සඳහන් කළේ රටේ යහපාලනය ස්ථාපිත කරන බවය. යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන්නේ වගවීම යග රජයක් හෝ දේශපාලකයෙක් හෝ රාජ්‍ය නිලධාරියකු විසින් තමන් කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන්ල තමන් ලබා දුන් අනුමැතියක් සම්බන්ධයෙන් හෝ නිර්දේශ සම්බන්ධයෙන් පමණක් නොව තමන් ගත් තීරණයක් සම්බන්ධයෙන් ද වගකීම දැරීම වීම යි.
වරාය නගර ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ දී ද කි‍්‍රයාත්මක කිරීමට දැඩි උත්සාහයක් දැරීමෙන් පෙනී යන්නේ යහපාලනය යටතේ වගවීම යන්න වචන වලට පමණක් සීමා වී ඇති බවය. යහපාලන සංකල්ප රටට ඉදිරිපත් කරමින් එ්වා පිළිගනිමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අද වන විට තමන් විසින් අතීතයේ කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් වගවීමක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ සිටිය දී දැඩි ලෙස හෙලාදැකි ව්‍යාපෘතියක් අද ඔවුන් විසින්ම තවදුරටත් වර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණකි.

එපමණක් නොව රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමන් පසුගියදා චීන සංචාරයේ දී මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවට චීන රජයට ද පොරොන්දු විය. තවම මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී නොමැති තත්ත්වයක් තුළ හා මෙම ව්‍යාපෘතියට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග රැසක් ගැනෙමින් තිබෙන අතරතුර එ් සියල්ල පසෙකලා මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවට ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් යහපාලනයේ තවත් අංගයක් වන නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර තිබේග යහපාලන රජයකින් මෙවන් දෑ බලාපොරොත්තු වි නොහැකිය.


පසුගිය ජනාධිපතිවරනයේ දී මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර තිබුණේ ඔලූවෙන් සිට ගත් සංවර්ධනයේ ප‍්‍රමුඛතා දෙපයින් සිටවීමට කටයුතු කරන බවත් නාස්තිකාර ව්‍යාපෘති සියල්ල අත්හිටුවා රටේ ස්වාභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසර ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් සකස් කරන බවය. එපමණක් නොව පරිසරයට හානි කර සංවර්ධන කටයුතු සඳහා අන්තනෝමතික ලෙස විදේශීය සමාගම් වලට ඉඩම් පැවරීම් අත්හිටුවීට කටයුතු කරන බව ද සඳහන් කර තිබිණ. නමුත් එ් සියල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හමුවේ වත්මන් පාලකයන් විසින් ම අභියෝගයට ලක් කර ඇත.

පසුගිය මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ රටේ නගර නිර්මාණය කිරීම භූ විද්‍යා සැලසුමකට අනුව තීරණය කරනු ලබන බවයග නමුත් එ් කිසිවක් වරාය නගර ව්‍යාපෘතියට අදාළව කි‍්‍රයාත්මක වන බවක් පෙනෙන්නට නැත. පසුගිය රජය පැවති සමයේ යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පළමු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අනුමැතිය සඳහා වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 වසරේ දී ය. ඉතාම දුර්වල හා අසම්පූර්ණ වාර්තාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණි. නමුත් එම වාර්තාව 2011 ජුනි 11 වන දින සිට රජයේ වැඩකරන දින 30 කාලයක් මහජන අදහස් සඳහා විවෘත කරන ලදීග ඒ වාර්තාව සකස් කර ඇත්තේ හෙක්ටයාර් 200 ක භූමියක් මුහුද ගොඩකර ලබා ගැනීම සඳහා ය.
පසුව 2012 වසරේ දී චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම මගින් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 233 ක භූමියක් ලබා ගැනීමට යෝජනා වියග ඒ අනුව පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට ඇමුණුම් වාර්තාවක් සකස් කර අදාළ සමාගම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නැවත වරක් ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව මහජන අදහස් සඳහා විවෘත නොකර ඉතාම අසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සඳහා වගකීම් විරහිතව 2014 ඔක්තෝබර් 23 වන දින ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42 කින් සමන්විත අනුමැතියක් ලබා දී තිබේ. එම අනුමැති ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට ප‍්‍රථම චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම 2014 සැප්තැම්බර් 16 වන දින සිට ගොඩකිරීම් කටයුතු ආරම්භ කෙරින. අනුමැතිය ලබා දීමට මසකට කළින් ගොඩකිරීම් කටයුතු නීති විරෝධිව මෙම සමාගම ආරම්භ කර ඇති අතර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම යග මෙය කුමන නීතිමය පදනමක් මත සිදු වූයේ ද යන්න ගැටළු සහිත යග දැනට රටේ කි‍්‍රයාත්මක අන පනත් වලට අනුව නම් මෙය නීති විරෝධී කි‍්‍රයාවකිග පසුගිය රජය පැවති සමයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කි‍්‍රයාත්මක වීම ඇරැඹුණේ මෙලෙසය.

2014 වසරේ දී ඇරඹි මෙම ව්‍යාපෘතියේ ගිවිසුම්වල පවතින නීති විරෝධී තත්වයන් සැලකිල්ලට ගෙන 2015 මාර්තු 04 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවන ලදී. එය 2015 මාර්තු 06 වන දින වරායල නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගම වෙත දන්වා තිබේ. නමුත් මෙතෙක් අදාළ ව්‍යාපෘතිය අනුමත කළ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජක ආයතන වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී ඇති කොන්දේසි සහිත අනුමැතිය තාවකාලිකව හෝ අවලංගු කළ බව නීත්‍යානුකූල ව්‍යාපෘති යෝජක ආයතනයට දන්වා නොමැත. ඒ වෙනුවට මතු සඳහන් අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගමට ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසට දැනුම් දීම ද නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවකිග එමඟින් උත්සාහ දරා ඇත්තේ අදාළ සමාගම සමඟ ඇති කර ගත් නීති විරෝධී ගිවිසුම් වලට නීත්‍යානුකූල භාවයක් ලබා දීම හා  වත්මන් යහපාලන රජය තුළ ද එ් ආකාරයෙන්ම මෙම ව්‍යාපෘතිය වර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමටය. එසේ වුවත් මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ මෑත කාලයේ දී සිදු වූ මෙගා ව්‍යාපෘති සියල්ල නැවත ඇගයීමට ලක් කර තාක්ෂණික වංචා වලට වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවය. එසේ නම් කළ යුතු වන්නේ නීති විරෝධී හා දුර්වල වාර්තාවක් සඳහා අනුමැතිය ලබා දුන් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීම හා ලබා දී ඇති අනුමැතිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමයග නමුත් එවන් දෙයක් සිදු නොවීම කණගාටුවට කරුණකි.

වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ අයිතිකරු කවරෙක් ද?

එසේ තිබිය දී නැවත වරක් පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට අතිරේකයක් නැතහොත් පරිපුරකයක් එක් කිරීම සඳහා 2015 දෙසැම්බර් මස අලූතින් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව වත්මන් රජය යටතේ ඉදිරිපත් කෙරිනග එම වාර්තාව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිපුරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ලෙස වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේග 2015 දෙසැම්බර් මස 01 වන දින සිට 2016 ජනවාරි 13 වන දින දක්වා රජය වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා එම වාර්තාව වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් විවෘත කර තිබුණි. එහි දී මෙතෙක් ඉතිහාසයේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මහජනතාවගෙන් ලැබුණු වැඩිම ප‍්‍රතිවිරෝධතා ප‍්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ සාගරය ගොඩකර ලබා ගැනීමට යෝජිත භූමියේ වපසරිය හෙක්ටයාර් 269 ක් බව යග එය ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපෘති යෝජක ලෙස මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසිනිග නමුත් පළමු වාර්තාව ඉදිරිපත් කළ හා අනුමැතිය ලබා ගත් ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියයි. වර්තමාන වාර්තාව ඉදිරිපත් කර ඇති අමාත්‍යාංශය යටතේ ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය ක‍්‍රියාත්මක නොවේ. එසේ තිබිය දී ඉදිකිරීම් කටයුතු හා ව්‍යාපෘති යෝජක ලෙස කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමයි. මේ සියල්ල එකිනෙකට පරස්පර විරෝධී තත්ත්වයන් ය. ඉදිරිපත් කර ඇති වාර්තාවල අනුමැතීන් හා ව්‍යාපෘති යෝජක සමාගම අතර කිසිදු සම්බන්ධතාවයක් හෝ නීත්‍යනුකූල ගිවිසුමක් හෝ නීත්‍යනුකූල අවබෝධතා ගිවිසුමක් හෝ නොමැත. එසේ තිබිය දී මෙම වාර්තාව පළමු වාර්තාවට පරිපුරකයක් සේ ඉදිරිපත් කර තිබේග එය වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉදිරිපත් කළ හා අනුමැතිය ලබාගත් වාර්තාවකට තවත් අමාත්‍යාංශයක් මගින් ඉදිරිපත් කරන පරිපුරකයකි. එහි වගකීම පිළිබඳව හෝ නීත්‍යනුකූල ස්වභාවය පිළිබඳව හෝ මෙම වාර්තාවේ සඳහන් කර නොමැත.

එපමණක් නොව ජාතික පාරිසරික පනතට අනුව හෝ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව හෝ පරිපූරක පරිසර බලපෑම් තක්සේරු වාර්තා සඳහා මහජන අදහස් විමසීමේ ක‍්‍රමවේදයක් සඳහන් නොවේ. තව ද ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර එක් ව්‍යාපෘති යෝජක ආයතනයක් මගින් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම වාර්තාවට අතිරේක නැතහොත් පරිපූරක එක් කර තවත් ව්‍යාපෘති යෝජක ආයතනයකට අනුමැතිය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් පිළිබඳ උක්ත අණ පනත්වල සඳහන් කර නොමැත. එම පනත්වලට අනුව යම් ව්‍යාපෘතියක් සඳහා නීත්‍යනුකූල හා තාක්‍ෂණිකව පිළිගත හැකි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළ විට ඒ සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබාදීම හෝ ප‍්‍රතික්‍ෂේප කිරීම හා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඒ ක‍්‍රියාවලියෙන් පරිබාහිරව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා වරින් වර අතිරේක නැතහොත් පරිපූරක එක් කිරීමල පරිපූරක වාර්තා සඳහා මහජන අදහස් විමසීම්වල ව්‍යාපෘති යෝජක ආයතන දෙකකට අනුමැතිය ලබාදීමල ලබාගත් අනුමැතිය වෙනත් සමාගමකට පැවරීම, ලබාගත් අනුමැතිය බලාත්මකව පවතිද්දී වෙනත් ආයතනයක් මගින් අතිරේක එක් කිරීම් කළ වාර්තාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි පියවරයන් උක්ත අණ පනත්වල සඳහන් නොවේ. එ් සියල්ල නීති විරෝධී වේග මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේ දීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්යය කිරීමට කටයුතු කරන බවය. එය වචන වලට පමණක් සීමා නොකර එ් අයුරින්ම කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණි. යම් ව්‍යාපෘතියක් සැලසුම් අදියරේ දීම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම වන්නේ එම ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියන් ලෙස කි‍්‍රයාත්මක කළ හැකි ද යන්න තීරණය කිරීමේ අවස්ථාව ඉන් උදා වන නිසා ය. නමුත් දිගින් දිගටම පාරිසරික අන පනත් උල්ලංඝනය කරමින්ල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පසෙක තබමින් වත්මන් රජය ද අන්තනෝමතික ලෙස කටයුතු කරන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය යන වගන්තිය ද මෙහි දී උල්ලංඝනය කර තිබේ. වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමේ දී වෙරළ කලාපයේ වෙනත් සංවර්ධන කටයුතු වලට අනුමැතිය ලබා දීමේ දී සලකා බලන කරුණු සැලකිල්ලට නොගෙන අනුමැතිය ලබා දී ඇත. එපමණක් නොව දුර්වල හා නීති විරෝධී වාර්තාවක් මත පදනම්ව අනුමැතිය ලබා දී තිබේ. මහ පරිමාණ ආයෝජනයක් මද පදනම් වූ පමණින් වරාය නගර ව්‍යාපෘතිය සඳහා රටේ කි‍්‍රයාත්මක අන පනත් නොසලකා අනුමැතිය ලබා දිය හැකි ද යන්න ගැටළුවකිග මේ සියල්ල සර්ව සාධාරණව නීතිය කි‍්‍රයාත්මක විය යුතුය යන්න අභියෝගයට ලක් කිරීමකිග මේ කරුණු මහ ජනතාවගේ සැලකිල්ලට ලක් විය යුතු ය.

වරාය නගරය නීති විරෝධී ව්‍යාපෘතියක් වන්නේ කෙසේ ද?

යම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා අතිරේක නැතහොත් පරිපූරක එක් කළ හැකි වන්නේ එම වාර්තාවේ සවිස්තරාත්මක කරුණු අඩංගු නොවන්නේ නම් ඒ සඳහා යම් යම් අතිරේක දත්ත එක් කිරීම සඳහා ය. නමුත් මෙම ව්‍යාපෘතියට අදාළ ව එක් කර ඇති අතිරේක දෙකට අනුව පැහැදිලි වන්නේ ඒවා එකිනෙකට වෙනස් ව්‍යාපෘති වාර්තා බව ය. පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ මුහුදු ගොඩකර ලබා ගන්නා භූමියේ වපසරිය හෙක්ටයාර් 200 ක් ලෙස සඳහන් වේග ඒ සඳහා එක් කළ පළමු පරිපූරක වාර්තාවේ හෙක්ටයාර් 233ක් ලෙස සඳහන් කර ඇත. දෙවන එක් කිරීම නැතහොත් වර්තමාන පරිපූරක පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ භූමියේ වපසරිය හෙක්ටයාර 269 ක් ලෙස සඳහන් වේ. මෙම වාර්තාවල භූමියේ වපසරිය අනුව පැහැදිලි වන්නේ එක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් වෙනුවට ව්‍යාපෘති 3 ක් සඳහා ඉදිරිපත් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තා බව ය.

ඒ අනුව පැහැදිලි වන්නේ මහජන අදහස් සඳහා ඉදිරිපත් කර ඇති උක්ත වාර්තාව නීත්‍යනුකූල නොවන පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් වන බව යග එවන් වාර්තාවක් මහජන අදහස් සඳහා ඉදිරිපත් කිරීමට හෝ අනුමැති ලබාදීමට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැත.පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප‍්‍රධාන මුලික අංගයක් වන්නේ විකල්ප අධ්‍යයනයිග ඒ මත යෝජිත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසුල බලපෑම් අවමල වැඩි ප‍්‍රතිලාභ ලැබෙන ස්ථානය හ`දුනා ගැනීම සිදු කරනු ලැබේ. නමුත් උක්ත ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ හෝ පරිපූරකයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවේ හෝ විකල්ප අධ්‍යයනක් පිළිබඳ සඳහන් නොවේග විකල්ප අධ්‍යයනයක් නොමැති පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නීත්‍යනුකූලව පිළිගත හැකි වාර්තාවක් නොවේ. එබැවින් මෙම වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සුදුසු මස්ථානය බවට යෝජිත භූමිය හ`දුනා ගැනීම සිදු කර නොමැති අතර මෙම වාර්තාව මත පදනම්ව යෝජිත ස්ථානයේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමෙන් බලපෑම් අවම කිරීම හා ප‍්‍රතිලාභ උපරිමව ලබා ගැනීම පිළිබඳව නිසි ඇගයීමක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් නීත්‍යනුකූලව ප‍්‍රධාන අඩුලූහුඩුකමක් පවතින මෙම වාර්තාව පිළිගත හැකි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නොවන අතර එවන් වාර්තාවක් මහජන අදහස් සඳහා විවෘත කිරීමට හෝ අනුමැතිය ලබාදීමට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නීත්‍යනුකූල බලයක් නොමැතග එවන් වාර්තාවක් මත පදනම්ව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසුගිය කාලයේ දී සිදු වූ ආකාරයටම නැවත වරක් සිදු වන්නේ මෙම ව්‍යාපෘතිය බිඳ වැටීමය. මීට හොඳම උදාහරණය වන්නේ උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියයිග එහි දී ද වැරදි හා අසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම්ව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රතිළුලයක් ලෙස අද වන විට එම ව්‍යාපෘතිය දැවැන්ත බිඳ වැටීමකට හා විශාල ධනස්කන්දයක් නාස්ති කළ ව්‍යාපෘතියක් තත්ත්වයට පරිවර්තනය වී තිබේ. එ් තත්ත්වයම වරාය නගර ව්‍යාපෘතියටත් අත් නොවීමට නම් නිවැරදි හා අංගසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු කර මෙම ව්‍යාපෘතිය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට ඇති හැකියාව පළමුව අවබෝධ කර ගත යුතු ය.

අංග සම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප‍්‍රධාන අංගයක් වන්නේ පුරා විද්‍යාත්මක හානි ඇගයීම් වාර්තාවක් ඇතුළත් වීම ය. නමුත් මෙම වාර්තාවේ සාගර පුරා වස්තු පිළිබඳව හා මෙම ව්‍යාපෘතියෙන් සාගර පුරාවස්තු වලට සිදුවන බලපෑම් පිළිබඳව සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර නොමැත. 1505 වසරේ සිට වරායක් ලෙස භාවිතා වූ මෙම ප‍්‍රදේශයේ සාගර පරිසරයේ පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් තැම්පත්ව තිබේ. පසුගිය කාලයේ දී වරාය පුලූල් කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී පුරාවස්තු ගණනාවක් හමු වී ඇති අතර ඒවා සියල්ලම වරාය ඉදිකිරීම් කටයුතුවල දී විනාශයට ලක් කර තිබේ. එවන් තත්වයක් තුළ මෙම ව්‍යාපෘතිය යටතේ ගොඩ කිරීමට ලක් වන සමස්ත ප‍්‍රදේශය ම ආවරණය වන පරිදි පුරා විද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වුවත් එ් සඳහා කි‍්‍රයාමාර්ග ගෙන නොමැත.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු සාගරය ගොඩකර භූමියක් ලෙස සකස් කිරීම පමණක් නොවේග එහි ඉදිකරන ගොඩනැගිලිල අපද්‍රව්‍ය බැහැර කිරීම් පද්ධතිල මළ අපවහන පද්ධති ඇතුළු සමස්තය වරාය නගර ව්‍යාපෘතියට අයත් වේ. නමුත් සමස්ත ව්‍යාපෘතියෙන් සාගරය ගොඩකිරීම් කොටසට පමණක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර අනුමැතිය ලබාගැනීම ප‍්‍රධාන අඩුලූහුඩුකමකි. සමස්ත ව්‍යාපෘතිය වෙනුවට එක් කොටසට පමණක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කිරීමෙන් උත්සාහ දරා  ඇත්තේ සමස්ත ව්‍යාපෘතියෙන් සිදුවන පාරිසරික බලපෑම්ල සමාජ ආර්ථික බලපෑම්ල සමස්ත ව්‍යාපෘතියේ ඵලදායිතාවය, සමස්ත ව්‍යාපෘතියේ තිරසර පැවැත්මල සමස්ත ව්‍යාපෘතියේ ස්ථායිතාවය පිළිබඳව ජනතාවගෙන් කරුණු වසංකර ව්‍යාපෘතියෙන් කොටසක ස්වභාවය පමණක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ය. නමුත් ජාතික පාරිසරික පනතේ හෝ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ හෝ මේ ආකාරයට ව්‍යාපෘතියක් සඳහා අදියරයෙන් අදියර අනුමැතිය ලබා ගැනීමක් පිළිබඳ සඳහන් නොවේග ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී සමස්ත ව්‍යාපෘතිය ම ආවරණය වන පරිදි පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කර අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ය. යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන සැබෑ තොරතුරු වලට ඇති අයිතිය පවා ජනතාවට අහිමි කරමින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි. මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන කටයුතු වල සියලූ තොරතුරු ජනතාවට දැන ගත හැකි තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එ්මට කටයුතු කරන බව ය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ එලෙස සඳහන් වුව ද පනත ගෙන එ්මට ප‍්‍රථම යහපත් පූර්වාදර්ශ සැපයීම වෙනුවට වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ තතු වත්මන් රජය ද ජනතාවගෙන් වසං කිරීමට උත්සාහ දරා ඇත.
 
වරාය නගරයට කළු ගල් ලබා ගැනීමෙන් වන බලපෑම්

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මුහුද ගොඩකිරීම සඳහා කළුගල් ලබාගැනීමට යෝජිතව ඇත්තේ කඩුවෙල, හංවැල්ල, පාදුක්ක, දෙල්ගොඩ හා දිවුලපිටිය යන ප‍්‍රදේශවල පිහිටි කළුගල් වලවල් 11 කිනි. මේ සියලූම කළුගල් වලවල් කාර්මික කැණීම් බලපත‍්‍ර යටතේ යාන්ත‍්‍රික කැණීම් කටයුතු සිදුකරන ගල්වලවල් වේ. නමුත් යෝජිත ව්‍යාපෘතියේ ගොඩ කිරීම් සඳහා විශාල කුට්ටි කළුගල් ලබාගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ගැඹුරු බෝර පිපිරවීම් අඛණ්ඩව කෙටිකාලයක් තුළ සිදුකිරීමට සිදුවේ. ඉන් අවට ප‍්‍රදේශයට ඇතිවන බලපෑම් ඉතා අධික යග වර්තමානය වන විට ද මෙම කළුගල් වලවල් අවට ජීවත්වන ජනතාව දැඩි පීඩනයකට ලක් ව සිිටී. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම මෙම ව්‍යාපෘතිය සමග සිදු විය හැකි ය. නමුත් ඒ පිළිබඳව පරිපුර්ණ බලපෑම් තක්සේරුවක් පළමු වාර්තාවේ හෝ මෙම වාර්තාවේ හෝ සිදු කර නොමැත. කළුගල් ලබා ගන්නා ස්ථාන හඳුනා ගැනීම පමණක් සිදු කර ඇති අතර අවශ්‍ය ප‍්‍රමාණයට කළුගල් ලබා ගැනීමට ඇති ශක්‍යතාවය හෝ ඉන් අවට ප‍්‍රදේශයටල භූගත ජලයටල කඳුවැටි වලට සිදුවන බලපෑම හෝ මහජන පීඩාකාරී තත්ත්වයන් උද්ගත වීම හෝ එමගින් ප‍්‍රමාණවත් පරිදි කළුගල් ලබා ගැනීමට බාධා මතු වුවහොත් සිදු විය හැකි ගැටලූ හානි පූරණය කළ හැකි ආකාරය හෝ විකල්ප සඳහා පිවිසීමේ ශක්‍යතාවය හෝ මෙම වාර්තාවල අවධානයට ලක් කර නොමැතග දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වු බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල දී මෙම තත්ත්වය දැකගත හැකි වූ අතර ඒ මගින් ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කිරීමට පවා ගැටලූ මතු වියග නමුත් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අඩුලූහුඩු කමකි.

ගොඩකිරීම් සඳහා කළුගල් ලබාගැනීමට හඳුනාගෙන ඇති කලූගල් වලවල් 11 න් ඝන මීටර් මිලියන 6.54 කලූගල් ඉවත් කර ගත හැකි බව හඳුනාගෙන තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කලූගල් ඝනමීටර් මිලියන 3.45ක් අවශ්‍ය වේග දැනට ගොඩකර ඇති කොටසට අමතරව ඉතිරි ගොඩකිරීම් නිම කිරීමට කලූගල් ඝන මීටර් මිලියන 2.83 ක් අවශ්‍ය වේග වසර 3 ක් තුළ දී මෙම කලූගල් වලවල් වලින් විශාල කුට්ටි ගල් වැඩි ප‍්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් අවට ජීවත් වන ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වීමට හා අවතැන් වීමට පවා සිදුවිය හැක. නමුත් ඒ පිළිබඳව නිසි බලපෑම් තක්සේරුවක් මෙම වාර්තාවෙන් සිදුකර නොමැති හෙයින් කලූගල් වලවල් අවට ජීවත්වන ජනතාවට එල්ලවන බලපෑම් හඳුනාගැනීමට හෝ විකල්ප වෙත යොමුවීමට ඇති අවශ්‍යතාව හඳුනාගැනීමට හෝ නොහැකි වී ඇත. මේ නිසා බලපෑමට ලක්වන ජනතාවට වන්දි ලබා දීම හෝ ඒ සඳහා මුදල් වෙන් කිරීමක් හෝ සිදු වී නොමැත.

වරාය නගරයට වැලි ලබා ගැනීමෙන් සාගර පරිසර වල බිඳ වැටීම

සාගර පරිසරයේ ගොඩ කිරීමට ලක්වන ප‍්‍රදේ්ශයල වැලි ලබාගන්නා ප‍්‍රදේශය හා වැලි ප‍්‍රවාහනය කරන ප‍්‍රදේශය මෙන්ම ඒ මත බලපෑමට ලක්වන පේ‍්‍රරක කලාපය යන සියලූ ව්‍යාපෘති ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙතෙක් නියමානුකූල ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කර නොමැති අතර අවසන් වරට ඉදිරිපත් කළ  වාර්තාවෙන් ද ජෛව විවිධත්වයට සිදුවන බලපෑම හා එම බලපෑම් අවම කිරීම සඳහා වන උපායමාර්ග පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නොමැත. වෙරළ කලාපයේ සිට ගැඹුරු මුහුද දක්වා සීමාවේ පලගල පරයල දෙගල්මැද පරය හා වැටිය පරය ලෙස වැලිපර පිහිටි ස්ථර 3 ක් හමුවන අතර ඊට අමතරව කළුගල් පර හා කොරල් පර මෙම ව්‍යාපෘති සීමවා තුළ විසිර පවතී.

ඊට අමතරව වැලි තැනි හා මඩ තැනි පරිසර පද්ධති මෙන් ම නොගැඹුරු සාගරයේ ගිලූණු නැව් වැනි ස්වභාවීකරණය වු විවිධ මුහුදු ජීවී වාසස්ථාන විශාල ප‍්‍රමාණයක් පවතී. විශේෂයෙන් ම මඩතැනි සැකසී ඇත්තේ කැළණි ගගෙන් රැගෙන එන රොන් මඩ දියවැල් ඔස්සේ උතුරු දෙසට ව්‍යාප්ත වීමෙනි. නොගැඹුරු මුහුදේ කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් මෙම මඩ තැනි පිහිටා තිබේග මෙම පරිසර පද්ධති ප‍්‍රධාන වශයෙන් ඉස්සන්ගේ බෝ වීම් කලාපයකිග එම සතුන් ආහාරයට ගන්නා සාලයින් වැනි මසුන් හා නිල් තල්මසුන් වැනි මුහුදු ක්ෂීරපායි සතුන් මෙම කලාපයේ වාර්තා වේ. සාලයින් වැනි කුඩා මසුන් ආහාරයට ගන්නා ස්පිනර් ඩොල්ෆින් වැනි ක්ෂීරපායී සතුන් මෙන් ම තලපත්ල මෝරු වැනි මසුන් මෙම කලාපයේ බහුලව වාර්තා වේ. මෙම කලාපය එකිනෙක මත සම්බන්ධ ජීවී දාමයකින් යුත් මත්ස්‍ය කලාපයකි. එපමණක් නොව වැලි තැන්පත් වු වැලි තැනි පිහිටි ප‍්‍රදේශවල මීටර 1.5 ක් පමණ ඝනකමින් යුත් වැලි තීරය ජීවී විශේෂ බහුල කලාපයකි. කකුළුවන්ල ඉස්සන්ල මුහුදු පණුවන්ල හක්බෙල්ලන්ල දෙපියන් බෙල්ලන්ල මුහුදු කූඩැල්ලන් හා මත්ස්‍ය විශේෂ බහුලව ජීවත් වේග එම කලාපවල වැලි ලබා ගැනීමෙන් සම්පූර්ණ ජෛව පද්ධතිය ම බිඳවැටීමට ලක් වේ.

වරාය නගරයෙන් සාගර ජෛව ප‍්‍රජාවට වන බලපෑම

වරාය නගර ව්‍යාපෘතියට ගොඩ කිරීමට ලක්වන ප‍්‍රදේශය කොරල් පරල වැලි පරල ගල් පර හා ගිළුණු නැව් වැනි විශේෂ පරිසර පද්ධති වලින් ගහන ජීවී විශේෂ බොහෝමයකට රැකවරණය සලසන කලාපයකි. නමුත් මෙම කලාපවල ජෛව විවිධත්වය පිළිබඳව ප‍්‍රමාණවත් පුළුල් අධ්‍යයනයක් සිදුකර නොමැතග විශේෂයෙන් ම මුහුදු ක්ෂිරපායි විශේෂ වන නිල් තල්මසුන්ල ස්පර්ම් වේල්ස්ල බොටල් නෝස් ඩොල්ෆින් වැනි මුහුදු ක්ෂිරපායි විශේෂ 15 ක් පමණ මෙම කලාපයේ වාර්තා වේ. එපමණක් නොව කැස්බෑවුන්ල මුහුදු සර්පයින් ඇතුළු ජීවී විශේෂ ගණනාවක් මෙම ප‍්‍රදේශයේ වාර්තා වේ. නමුත් එ් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ දත්ත වාර්තාවට ඇතුළත් කර නොමැති අතර එ් නිසා යෝජිත ව්‍යාපෘතියෙන් මෙම ජීවීන්ට සිදු වන බලපෑම් නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වී ඇත.
විශේෂයෙන් ම වැලි පර හා ගල් පර ආශ‍්‍රිතව මුහුදු ඉකිරිල ගල් ගුල්ලන්ල මුහුදු ඇනිමනි, මුහුදු කූඩැල්ලන් වැනි සාගර ජීවී විශේෂ බොහෝමයක් වාර්තා වේ. නමුත් මෙම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මේ කලාපයේ වාර්තා වන සුලභ විශේෂ කිහිපයක් පමණකි. මේ නිසා මෙම ව්‍යාපෘතියෙන් සාගර ක්ෂුද්‍ර පරිසර පද්ධති වලට සිදුවන බලපෑම හා එහි ජෛව ප‍්‍රජාවට සිදුවන බලපෑම නිසි පරිදි තක්සේරු කර නොමැති අතර ඒ හේතුවෙන් එම බලපෑම් අවම කිරීමේ උපායමාර්ග පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි අවධානයට ලක් කිරීමට හෝ ඒ සඳහා විකල්ප පිළියම් යෝජනා කිරීමට ද මෙම ව්‍යාපෘති වාර්තා වලට නොහැකි වී ඇත.

යෝජිත වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් නොගැඹුරු සාගරයේ මත්ස්‍යයින්ල ඉස්සන්ල කකුළුවන් ඇතුළු ජීවි විශේෂවල බෝ්වීම සිදුවන මඩ තැනිල මුහුදු තෘණ භූමිල වැලි පරල ගල් පර වැනි පරිසර පද්ධති විනාශ වේ. මේනිසා සාගර ජීවී විශේෂවල ගහන ඝනත්වය පහළ යෑම සිදු වේ. විශේෂයෙන් ම බටහිර මුහුදු තීරයේ මත්ස්‍ය විශේෂ බෝ වීම් කලාපය හා බෝ වී විසිරුම් කලාපය මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සෘජු බලපෑමට ලක් වීමෙන් එම මුහුදු තීරයේ හා ගැඹුරු මුහුදු තීරයේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන් ම ඇණහිටීමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ධීවර ප‍්‍රජාවට රැකියාව අහිමිවීමල ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න උද්ගතවීම ඇතුළු ගැටලූ රැසකට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ධීවරයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

මුහුදු වැලි උකහා ගැනීමේ දී සිදුකරන ජලය කැලතීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ විශාල කලාපයක රොන්මඩ ව්‍යාප්ත වීම සිදුවේ. මෙය අඛණ්ඩව වසර 3 ක් පමණ කාලයක් සිදුකිරීමට නියමිත ය. එහිදී ව්‍යාප්ත වන රොන්මඩ හේතුවෙන් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප‍්‍රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වේ. විශේෂයෙන් මුහුදු තෘණ භූමිල මුහුදු ඇල්ගී විශේෂ ඍජුව බලපෑමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ සාගර ජීවීන් විශේෂවල ගහන ඝනත්වය ඍජුවම අඩුවීමට ලක් වේ. ඒ හේතුවෙන් සාගර පරිසර පද්ධතිවල ජීවී විශේෂවල තුළිතතාවයට බලපෑම් ඇති කිරීම තුළින් ඍජුවම ධීවර කර්මාන්තය හා සාගර ජෛව විවිධත්වය කෙරෙහි මෙම ව්‍යාපෘතියෙන් අහිතකර බලපෑම් එල්ල වේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 (14) වගන්තියට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු යැයි සඳහන් කර තිබිය දී ලංකාවේ සාගර පරිසරය දැවැන්ත විනාශයකට ලක් කරමින් වරාය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළ හැකි ද යන්න ගැටළුවකි.

වරාය නගරය මීගමුව කලපුවට එල්ල කරන බලපෑම

මීගමු කලපුවට සමාන්තරව සාගරයේ කිලෝමීටර් 2 කට වඩා දුරින් පිහිටි කලාපයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගැනීම සිදු කරනු ලැබේ. එම කලාපයේ වැලි කියුබ් ඝන මීටර මිලියන 125 ක් පමණ ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් වැලි කියුබ් ඝන මීටර් මිලියන 65 ක් පමණ මෙම ව්‍යාපෘතියෙන් ලබා ගැනීමට නියමිත ය. එම වැලි තැන්පතුව හේතුවෙන් වෙරළ කලාපය දක්වා වැලි සහිත මුහුදු පතුළ ගොඩනැගී තිබේ. එම කලාපයෙන් හරි අඩකට වැඩි වැලි ස්ථරයක් ඉවත් කිරීමෙන් වෙරළ දක්වා මුහුදු පතුලේ වැලි ස්ථරයේ පීඩනය දුර්වල වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රමක‍්‍රමයෙන් වැලි ලබාගත් ප‍්‍රදේශයට වැලි ස්ථර තල්ලූ වී යාම හා සේදීයාමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉතාම දරුණු ලෙස මීගමු කලපුව ආශ‍්‍රිත වෙරළ තීරය ඛාදනයට ලක් විය හැකි ය. එමගින් මීගමු කලපුවේ ස්ථායී පැවැත්මට ද බලපෑම් එල්ල විය හැකි ය. මෙය හානිපූරණය වීමට වැලි ලබා ගන්නා වේගයෙන් නැවත වැලි තැන්පත් වීම සිදු නොවේග මෙහි ප‍්‍රධාන වශයෙන් ම වැලි තැන්පත් වීම සිදුවනුයේ කැලණි ගගෙන් රැගෙන එන වැලි වලිනිග නමුත් එම වැලි ප‍්‍රමාණය බොහෝවිට වසරින් වසර සීමා වේ. එමගින් මෙම කලාපය දැඩි අස්ථාවර වීමකට ලක් වේ.

යෝජිත වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස මෝදර සිට උස්වැටකෙයියාව දක්වා සාගරයේ ධීවර මෙහෙයුම් කටයුතු අඩාල වීම හා සම්පූර්ණයෙන් නතර වීම සිදුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සුළුපන්න ධීවරයින් හා මාදැල් ධීවරයන්ට විකල්ප ධීවර කර්මාන්තයට යොමු වීම සිදු වේ. එහි දී ප‍්‍රධාන හා පහසු ප‍්‍රභවය වන්නේ මීගමු කලපුවේ සුළුපන්න ධීවර මෙහෙයුම් සිදු කිරීමය. එවන් තත්ත්වයක් ඇති වුවහොත් වර්තමානයේ මීගමු කලපුවේ සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් හා ධීවර රැකියාව අහිමි වී විකල්ප ලෙස යොමුවන ධීවරයින් අතර ගැටුම් ඇති වේග තව ද අධික ලෙස දරාගත නොහැකි මට්ටමකින් මීගමු කලපුවේ ධීවර මෙහෙයුම් සිදු වීම ද මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ධනය වේ. සුළුපන්න ධීවර මෙහෙයුම් දරාගත නොහැකි මට්ටමකින් මීගමු කලපුවේ වැඩි වීම නිසා කලපුවේ මත්ස්‍ය ගහනය අඩු වීමල මත්ස්‍ය අස්වැන්න වැඩි පිරිසක් අතර බෙදීයාම හේතුවෙන් ධීවරයින්ගේ ආදායම් මට්ටම පහළ යාම හා ඒ හේතුවෙන් සමාජ ආර්ථික ප‍්‍රශ්න උද්ගත වීම ඇතුළු ගැටලූ රැසක් මෙම ව්‍යාපෘතිය සමග වර්ධනය වනු ඇතග මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලියේ සඳහන් වන්නේ ධීවර ආර්ථිකය සංවර්ධනයට මීගමුව අධි කලාපයක් ලෙස සංවර්ධනය කරන බවය. නමුත් මෙවන් තත්ත්වයක් තුළ වරාය නගර ව්‍යාපෘති ඉදිරියේ එය කෙසේ යථාර්තයක් බවට පත් කළ හැකි ද යන්න ගැටළුවකි.

වරාය නගරයෙන් වෙරළ කලාපයේ බිඳ වැටීම

යෝජිත වරාය නගරය සඳහා මුහුදු ගොඩකිරීමෙන් සැකසෙන නව ගොඩබිම් ප‍්‍රදේශය නිසා මුහුදු රළ තරංග හා දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස්වීම් වලට භාජනය වේ. විශේෂයෙන් උතුරු කලාපයේ සිට දකුණු කලාපයට විහිදෙන දියවැල්වල වේගය හා දිශානතිය මෙම ගොඩකිරීම් නිසා වෙනස් වීමට ලක් වේග එපමණක් නොව රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීමේ වේගය හා දිශානතිය ද වෙනස් වේග ඊට ප‍්‍රධාන හේතුව කොළඹ වරායට දකුණින් වෙරළට ලම්භකව අදාළ ගොඩ කිරීම් සිදු කිරීම ය. ඒ හේතුවෙන් රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීම සිදුවනුයේ ඊට දකුණින් පිහිටි වෙරළ තීරය ඛාදනය කරමිනිග උතුරු ප‍්‍රදේශයේ සිට දකුණට ගමන් කරන දියවැල්වල පැතිරීම සිදු වනුයේ ද වරාය නගරයට දකුණින් පිහිටි වෙරළ තීරය ඛාදනය කරමිනිග ඒ තත්ත්වයට ඍජුව ගොදුරු වන්නේ වැල්ලවත්තල ගල්කිස්සල මොරටුවල පානදුර වැනි වෙරළ තීරයන් ය. මෙම කලාපයේ ස්වාභාවික වෙරළ ඛාදනය ද ඉහළ මට්ටමක පවතින අතර පසුගිය කාලයේ දී සිදු කළ වරාය නගරය සඳහා වන මූලික ගොඩ කිරීම් හේතුවෙන් මේ ප‍්‍රදේශයේ වෙරළ ඛාදනය තවදුරටත් ශීඝ‍්‍රයෙන් වර්ධන වියග මෙය ප‍්‍රායෝගිකව අත්දකින්නට ලැබුණු තත්ත්වයකි. වරාය නගරය තවදුරටත් ඉදිකිරීමත් සමගම මෙම තත්ත්වය අඛණ්ඩව වර්ධනය වනු ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස වැල්ලවත්තල ගල්කිස්සල මොරටුව හා පානදුර ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවුල් 5000 කට වැඩි ධීවර ජනතාවක් අවතැන් වීමල සංචාරක හෝටල් හා ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු බොහෝමයක් දැඩි බලපෑමකට ලක් වීම සිදු වනු ඇතග නමුත් මේ පිළිබඳ නිසි ඇගයීමක් හෝ අධ්‍යයනයක් මේ වන තුරුත් සිදු කර නොමැත.

වරාය නගර ව්‍යාපෘතියෙන් සිදු වන ආර්ථිකමය පාඩුව යෝජිත වරාය නගරය ඉදිකිරීම සඳහා විශාල ස්වාභාවික සම්පත් ප‍්‍රමාණයක් භාවිතා කිරීමට සිදු වේග කලූගල් හා මුහුදු වැලි ඒ අතුරින් ප‍්‍රධාන වේග ඒ අතුරින් කලූගල් ඝන මීටර් මිලියන 3.45 ක් හා මුහුදු වැලි ඝනමීටර් මිලියන 65 ක් පමණ අවශ්‍ය වේ. දැනට පවතින වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්‍ෂව භාවිතා කිරීමට සිදුවන මෙම ද්‍රව්‍යවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පමණ වේග නමුත් මෙම ව්‍යාපෘති සඳහා චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම සිදු කරනු ලබන ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 1.35 කි. මීට අමතරව කොළඹ පවතින මිල ගණන්වලට සාපේක්ෂව වරාය නගරයේ පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්‍ෂ 40 කට තක්සේරු කළ විට ගොඩකරනු ලබන හෙක්ටයාර් 269 ක භූමියේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 03 ක් පමණ වේ. එම භූමියෙන් වැඩි කොටසක් අදාළ සමාගමට ලබා දීමට සිදු වේ. ඒ අනුව ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් රටට මෙම ව්‍යාපෘතියෙන් සිදු වේ. නමුත් මේ පිළිබඳව අවධානයට ලක් කිරීම හෝ ව්‍යාපෘතිය ඇරඹීමට ප‍්‍රථම මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු නොකිරීම විශාල අඩුලූහුඩුකමකි.

වරාය නගරයෙන් විදේශ විනිමය හා සාගර ජීවීන් අහිමි වීම

බටහිර මුහුදු තීරයේ සිදු කරන ධීවර මෙහෙයුම් වලින් ලැබෙන මත්ස්‍ය අස්වැන්නෙන් 80‍ ක් පමණ අපනයන කිරීම සිදු කෙරේග ඊට අමතරව කොරල් පර හා විවිධ සාගර පරිසර පද්ධති වලින් අල්ලාගන්නා විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් අපනයන කිරීම සිදු කෙරේ. මින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමක පවතී. නමුත් මේ පිළිබඳව අධ්‍යයනයට ලක් කිරීමක් හෝ ව්‍යාපෘතියට අදාළ වාර්තාවල ඒ පිළිබඳව ඇගයීමට ලක් කිරීමක් හෝ සිදු කර නොමැත. මෙය වසර පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණයක් වුව ද ඒ පිළිබඳව අවධානයට ලක් කර නොතිබීම දෝ්ෂ සහිතය. මේ නිසා මෙම ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම් නිසි පරිදි ඇගයීමට ලක් කළ නොහැකි වී තිබේග එපමණක් නොව මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයේ දී ද මෙම කරුණු අන්තර්ගත විය යුතුව ඇත.

එම විශ්ලේෂණයේ දී අප රටේ ස්වාභාවික සම්පත් විනාශ වීමල ධීවරයින් අවතැන් වීමල මත්ස්‍ය අපනයනය සීමා වීමල කලූගල්වලවල් අවට ජනතාව අවතැන් වීමල රට අභ්‍යන්තරය අස්ථාවර වීම, වෙරළබඩ කලාපය ඛාදනය හේතුවෙන් ජනතාව අවතැන්වීමල මත්ස්‍ය සම්පත අහිමිවීම ඇතුළු හානිකර තත්ත්වයන් හේතුවෙන් සිදුවන ආර්ථිකය බිදවැටීමට සාපේක්‍ෂව ව්‍යාපෘතියෙන් ලැබෙන ප‍්‍රතිලාභ හා ආයෝජනයෙන් ලැබෙන ප‍්‍රතිලාභ අතර සංසන්දනාත්මක විග‍්‍රහයක් ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් විය යුතු ය. නමුත් එවන් ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයකින් තොරව මෙම ව්‍යාපෘති වාර්තා අසම්පූර්ණව සකස් කර තිබේ. එ් මත පදනම්ව වරාය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් සිදු වන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීමකි.

යෝජිත ව්‍යාපෘති කලාපයේ සාගරයේ විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවන 3000 ක පමණ පිරිසක් සිටී. ඔවුන් අපනයනය ඉලක්ක කරගෙන විසිතුරු මසුන් ඇල්ලීම සිදු කරයිග වසරේ මාස 6 ක පමණ කාලයක් අපනයනය සඳහා මෙලෙස විසිතුරු මසුන් ඇල්ලීම සිදු කරනු ලැබේග විශේෂයෙන්ම සැප්තැම්බර් මස මැද සිට මාර්තු මස දක්වා කාලයේ දී මෙලෙස විසිතුරු මසුන් අල්ලා අපනයනය කිරීම සිදු කරයි. ලංකාව පුරා ම 25000 ක පමණ පිරිසක් සාගරයේ විසිතුරු මසුන් අල්ලා අපනයන කිරීමේ කාර්යයේ නිරතව සිටී. යෝජිත වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියත් සමගම බටහිර සාගර තීරයේ විසිතුරු මසුන් ඇල්ලීමේ කර්මාන්තය ඇණහිටීමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම කර්මාන්තයේ නිරත පිරිස් ඍජුව මෙම කර්මාන්තය කර ගත නොහැකිව අවතැන් වීම සිදුවන අතර තවත් පිරිසක් විකල්ප ප‍්‍රදේශවල විසිතුරු මසුන් ඇල්ලීමට යොමු විය හැකි ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ සුවිශේෂි පරිසර පද්ධතිවල ජීවත්වන විසිතුරු මසුන් අධික ප‍්‍රමාණයක් ස්වාභාවික පරිසයෙන් ඉවත් වීම සිදු වේ. ඊට හේතුව බටහිර වෙරළ තීරයේ රැකියාව අහිමි වන පිරිස් වෙනත් ප‍්‍රදේශවලට යොමුවීම හා එම ප‍්‍රදේශවල රැකියාවේ නිරත වන පිරිස් සමග තරගකාරීව විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවන විට වැඩි ප‍්‍රමාණයකින් කෙටි කාලයක දී සාගරයෙන් විසිතුරු මසුන් ඉවත් වීම ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස වරාය නගර සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රදේශයෙන් පරිබාහිරව පිහිටන මුහුදු තීරයේ ස්වාභාවික පරිසර පද්ධති වලින් විසිතුරු මසුන් ඇල්ලීමේ ශීඝ‍්‍රතාවය ඉහළ යනු ඇතග ඉන් සිදුවනුයේ එම පරිසර පද්ධති අස්ථාවර වීමල විසිතුරු මසුන්ගේ ගහන ඝනත්වය අඩුවීම, එම සතුන් වඳ වීම හා සාගර ජෛව ප‍්‍රජාවගේ තුළිතතාවය බිඳ වැටීම ය.

වරාය නගරයෙන් ධීවර කර්මාන්තයට වන බලපෑම

2014 වසරේ සැප්තැම්බර් මස සිට 2015 වසරේ මාර්තු මස දක්වා මාස 06 පමණ කාලයක් තුළ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර එම කාලයේ දී උස්වැටකෙයියාවල තඹගල ප‍්‍රදේශයේ වැලි ලබාගැනීම හා එම වැලි වරාය නගරය සකස් කරන කොළඹ වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමේ ක‍්‍රියාවලියේ දී හානියට ලක් වු ධීවර බෝට්ටු හා ධීවර දැල්වල මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 45 ක් පමණ වන බව ගණන් බලා තිබේ. ඊට අමතරව ධීවරයන් 10000 කට වැඩි ප‍්‍රමාණයකට ඍජුව ධීවර රැුකියාවේ නිරත වීම තහනම් කර තිබුනි. විශේෂයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන, වැලි ලබාගන්නා හා ප‍්‍රවාහනය කරන සමස්ත ප‍්‍රදේශයම ආරක්‍ෂක කලාපයක් ලෙස වෙන් කර තිබුනි.
මේ නිසා ධීවර වෘත්තිකයින් දැඩි පීඩනයකට ලක්වීමක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වු පසුගිය කාලයේ දී සිදුවියග නමුත් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව තුළ ඒ පිළිබඳව අවධානයට ලක් කිරීම හෝ ඒ පිළිබඳව දත්ත ඇතුළත් කර ඉදිරියේ දී සිදුවිය හැකි බලපෑම් හඳුනාගැනීම හෝ සිදුකර නොමැත. අදාළ වාර්තාවේ සඳහන් වන ලෙස ව්‍යාපෘති ප‍්‍රදේශය තුළ ධීවරයින් 9000 ක් පමණ සිටින අතර මේ ව්‍යාපෘතියෙන් ඔවුන්ට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබේ. එම මුදල එක් ධීවරයෙක් සඳහා රුපියල් 55000 ක් වැනි ඉතා ම සුළු මුදලකිග මෙම ව්‍යාපෘතියේ මුලික ගොඩකිරීම් වසර 3 ක කාලයක් තුළ සිදුවන අතර එම කාලය තුළ දී ධීවරයින් සම්පූර්ණයෙන් ම අවතැන් වේ. ඊට අමතරව ව්‍යාපෘතියෙන් බටහිර මුහුදු තීරයට සිදුවන බලපෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න ශීඝ‍්‍රයෙන් පහළ බැසීම සිදුවේග එය දීර්ඝකාලීන බලපෑමකිග එවන් තත්වයක් තුළ ඉතා සුළු වන්දි මුදලක් වෙන් කිරීම හා සිදුවිය හැකි හානිකර බලපෑම් නිසි පරිදි තක්සේරු නොකිරීම ප‍්‍රධාන ගැටලූවකි. මේ නිසා ප‍්‍රමාණවත් වන්දි මුදල් වෙන්කිරීම හෝ විකල්ප සඳහා යොමුවීමේ හැකියාව පිළිබඳව අවධානයට ලක් කිරීමක් වරාය නගරයට අදාළ වාර්තාවලින් සිදු කර නොමැත.

යෝජිත ව්‍යාපෘති ප‍්‍රදේශ තුළ හා පේ‍්‍රරක කලාපය තුළ මාදැල් ධීවර කර්මාන්තයල සුළුපන්න ධීවර කර්මාන්තය හා බහු දින යාත‍්‍රා මඟින් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් 15000 ක් පමණ සිටී. නමුත් ඒ අතුරින් 9000 ක් පමණ මෙම වාර්තාවේ බලපෑම් කණ්ඩායම ලෙස හඳුනාගෙන තිබේ. ඊට අමතරව එම පන්න ක‍්‍රම අතුරින් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඍජුවල කෙටිකාලීනව හා දීර්ඝකාලීනව බලපෑමට ලක් වන ධීවර කණ්ඩායම් නිසි පරිදි හඳුනාගැනීම හා ඒ සඳහා විකල්ප ඉදිරිපත් කිරීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු වී  නොමැත.
යෝජිත වරාය නගර ව්‍යාපෘතියේ වසර 3 ක ගොඩකිරීම් කාලය තුළ දී වැලි ලබාගන්නාල වැලි ප‍්‍රවාහනය කිරීම හා ගොඩකිරීම සිදුකරන සමස්ත මුහුදු තීරයම තහනම් කලාපයක් වේ. එම කලාපය තුළ ධීවර රැකියාවේ නිරත වීම තහනම් වේ. ගොඩ කිරීම් සිදු කළ පසුව අවට ප‍්‍රදේශය තහනම් හා ආරක්‍ෂිත කලාපයක් බවට පත් වේ. මීට අමතර ව වැලි ලබාගැනීම හා ගොඩ කිරීම් හේතුවෙන් සිදුවන බලපෑම් මගින් මසුන් බෝ වන කලාප හා ජීවත් වන කලාප සම්පුර්ණයෙන් ම විනාශ වීමෙන් බටහිර මුහුදු තීරයේ විශාල කොටසක් ධීවරයින්ට අහිමි වේ. මේ නිසා ධීවරයින් විශාල ප‍්‍රමාණයක් අවතැන් වන අතර ඔවුන් ධීවර රැකියාව සඳහා වෙනත් විකල්ප ප‍්‍රදේශවලට පිවිසීම ද සිදු විය හැකි ය. එමගින් බාහිර කලාපවල මත්ස්‍ය ගහනයේ පැවැත්මට දැඩි පීඩනයක් එල්ල වීම හා ධීවරයින් අතර අනවශ්‍ය ගැටුම් ඇති වීම ද සිදුවනු ඇත.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) වගන්තියට අනුව නීත්‍යානුකූල රැුකියාවක නිරතවීමේ නිදහස ජනතාවට තිබිය යුතුය. එය මූලික අයිතිවාසිකමකිග එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා කළ යුතු අතර අයිතිවාසිකම් අහිමි කළ නොහැකි බව සඳහන් වේ. එසේ තිබිය දී වරාය නගර ව්‍යාපෘතිය හරහා විශාල ධීවර ජනතාවකගේ ජීවන වෘත්තිය සම්පූර්ණයෙන් ම අහිමි කිරීම සිදු කරති. එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ද උල්ලංඝණය කිරීම සිදු වනු ඇත.

වරාය නගරයෙන් කොළඹ වරායට වන බලපෑම

වරාය නගරය සඳහා ගොඩ කිරීම් සිදු කිරීමෙන් අනතුරුව උතුරට හා දකුණට විහිදෙන දියවැල් රටාවේ වෙනස්වීම් හා වේගය වෙනස් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැනට සකස් කර ඇති කොළඹ වරාය රොන්මඩින් හා වැලි වලින් පිරීයාම වේගවත් වනු ඇත. විශේෂයෙන් ඉදිකිරීම් සිදුකෙරෙන වසර 3 ක කාලය තුළ දී ගොඩ කිරීම් සිදු කරන ප‍්‍රදේශයේ අධික ලෙස රොන්මඩ විසිරීම හා වැලි, දියවැල් ඔස්සේ ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්ත්වය දරුණු ලෙස සිදු වනු ඇත. එය වරාය මෙහෙයුම් කටයුතුවලට හා රටේ ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපානු ලැබේ. නමුත් මේ පිළිබඳව අවධානයට ලක් කිරීමක් හෝ බලපෑම් තක්සේරුවක් වරාය නගර ව්‍යාපෘතියට අදාළ වාර්තාවලට එක් කර නොමැත.

දුපතක හැඩය නිර්ණය කරන ප‍්‍රධාන සාධකය වන්නේ දියවැල් රටාව හා රළ තරංග ගමන් කිරීමේ ස්වභාවයයිග එම ස්වාභාවික යාන්ත‍්‍රණයට යම් බලපෑමක් හෝ බාධකයක් ඇති වු විට රළ තරංග හා දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස් වන අතර ඒ මත වෙරළ ඛාදනය හා වෙරලාශ‍්‍රිත වැලි තැන්පත් වීම සිදුවේග දැනට අප රට වටා වෙරළ කලාපයේ විවිධ ස්ථාන වල ඉදිකිරීම් හේතුවෙන් සිදු වී ඇති බලපෑම් විවිධ වේ. හික්කඩුව ධිවර වරායේ දියකඩනය සකස් කිරීම හේතුවෙන් හික්කඩුව ජාතික වනෝද්‍යානයේ කොරල් පර පරිසර පද්ධති වැලි තැන්පත් වෙමින් දැඩි ලෙස හානියට ලක් වෙමින් තිබේග උණවටුන බොක්ක ආශ‍්‍රිතව සිදුවන මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා සකස් කළ මීටර් 300 ක් දිග හා මීටරයක් පමණ උස දියකඩනය හේතුවෙන් සමස්ත උණවටුන වෙරළ තීරයම මුහුදු ඛාදනයට ලක්වීම හා උණවටුන වෙරළ සම්පූර්ණයෙන් ම අහිමි වීම සිදු වියග මේ හේතුවෙන් උණවටුන වෙරළ තීරය හා බැඳී පැවති සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම බිඳ වැටින. එය හානිපූරණය කිරීම සඳහා අලූතින් වෙරළ තීරයේ වැලි පිරවීමට තවත් අමතර විශාල ධනස්කන්දයක් වැය කිරීමට සිදු විය.

කොළඹ වරාය සඳහා අලූතින් ඉදිකළ දියකඩනය හා වරාය බහාලූම් පද්ධතිය පුළුල් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දික් ඕවිට වරාය මේ වන විට ශීඝ‍්‍රයෙන් වැලි වලින් පිරීයමින් පවතී. මේ ඉදිකිරීම් සඳහා සිදු කළ කිසිදු අධ්‍යයනයක දී එමගින් ඇති විය හැකි අහිතකර බලපෑම් නිසි පරිදි තක්සේරු කිරීම සිදු වී නොතිබින. එහෙයින් යෝජිත වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් නිසි පරිදි පුරෝකථනය විය යුතු ය. වී ඇති බවක් පෙනෙන්ට නොමැත. එම තත්ත්වයන් හඳුුනා ගැනීමට අවශ්‍ය උපායමාර්ග වලට යොමු නොවී මෙම ව්‍යාපෘතිය දේශපාලන උවමනාවන් මත පමණක් කි‍්‍රයාත්මක කිරීමෙන් සමස්ථ රටටම බලපෑම් එල්ලවේ.

යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන්නේ සහභාගීත්ව ප‍්‍රවේෂයයි. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම මෙම ව්‍යාපෘතියෙන් රටට වන බලපෑම් හා ප‍්‍රතිලාභ පිළිබඳව අවබෝධ කර ගැනීමට සියලූ පාර්ශවකරුවන් සදඟ එ් පිළිබඳව පුලූල් ලෙස සාකච්ඡා කළ යුතුය. එසේ නැතහොත් යහපාලනය යන්න වචන වලට පමණක් සීමා නොකළ යුතුය. මේ නිසා අප වත්මන් රජයේ වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින අගමැතිතුමන්, පාඨලී චම්පික රණවක අමාත්‍යතුමන් හා අර්ජුණ රණතුංග අමාත්‍යතුමන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය වශයෙන් අප සමඟ විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ය.